පිරිමියෙක් එක්ක වුණත් හැප්පෙන්න පුළුවන් -ශෙහානි කහඳවල

gossiplanka image 1
 


ඩයනා ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහට ලක්වන චරිතයක් වෙලා. ඩයනා සහ ජාලිය අතර බැඳුණු ආදර කතාව මේ දිනවල වෙනස්ම පැත්තකට යොමුවෙලා. ඒ නිසාම ඩයනා ජාලියට කරපු අසාධාරණය ගැන නම් ප්‍රේක්ෂකයන් ඒ තරම් සතුටකට පත්වෙන්නේ නැති තරම්. ‘බෝල්ට් ඇණයක්’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන භූමිකාවට ජීවය දෙන ශෙහානි කහඳවලගෙන්ම අපි ඒ ගැන විස්තර දැනගැනීමට ඇයව මේ විදියට සම්බන්ධ කරගත්තා.


මේ දිනවල ඩයනා චරිතය ගැන ගොඩ දෙනෙක් කතාබහ වෙන චරිතයක් බවට පත්වෙලා?

ඔව්. ඒ ගැන නම් ගොඩක් සතුටුයි. බෝල්ට් ඇණයක් නිසා තමයි මේ හැම ප්‍රතිචාරයක්ම. ඒ වෙනුවෙන් මේ දවස්වල මම සම්පූර්ණම කාලය යොදවා තියෙන්නේ. 100%ක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා ඩයනා චරිතයට.

ප්‍රේක්ෂකයන් හිතන්නත් ඇති බෝල්ට් ඇණයක් 02 ඔබ නැති වෙයි කියලා?

එහෙම වෙන්නත් පුළුවන්. කතාවේ අවසාන හරියේ මගෙයි ජාලියගෙයි පවුල් ජීවිතයට විවිධ ප්‍රශ්න ආවා. අවසානයේ මම විදේශගත වුණා කියලා කතාවේ හැටියට සඳහන් වුණා. තවත් සමහරු බනිනවා ජාලියට එහෙම කරපු එකට. නමුත් ඉතින් ශෙහානි කහඳවල නෙවෙයි එතැන ඉන්නේ ඩයනායි.

කොහොමද ඔය විදියට සිනහව යටපත් කරගෙන ජාලිය සමග රඟපෑවේ?

ඇත්තටම ජාලියගේ චරිතය රඟපාන්නේ ජෙනට් ඇන්තනී. ඔහුගෙන් ලොකු ආලෝකයක් ලැබුණා ඩයනා චරිතයට. සමහර වෙලාවට අපි කොච්චර තාත්වික විදියට රඟපෑවත් ගොඩක් වෙලාවට හිනා යන අවස්ථා තියෙනවා. ජාලියගේ රඟපෑමට චරිතයට සූදානම් වුණාට පස්සේ ඔළුවට එනවා ඒ චරිතය මේ විදියටයි කියන අදහස. දන්නැති කෙනකුට තමයි ඒ දේවල් අහනකොට හිනා යන්නේ. අපි ඒ දේවල් කතාබහ කරගෙන හොඳට පදම් වෙලා ඉන්නේ කාකෙ ඉඳලා වැඩ කරන නිසා. ගිය අවුරුද්දේ ජුනි විතර තමයි බෝල්ට් ඇණයක් වැඩ කටයුතු පටන් ගත්තේ. දැන් ඉතින් දෙවැනි දිගහැරුමෙත් ලස්සනට කතාව ගලාගෙන යනවා.

හැබැයි දෙවැනි දිගහැරුමට ප්‍රේක්ෂකයන් ඒ තරම් කැමැත්තක් නැහැ නේද?

ඔව්. එහෙම වෙනසක් දැනෙනවා. මාලක රණසූරිය අයියා කතාව ලස්සනට ලියාගෙන යනවා. ඉතාමත් දක්ෂ පිටපත් රචකයෙක් ඔහු. දෙවැනි දිගහැරුම තව ඉදිරියේදී කතාව ගොඩක් ලස්සන වෙයි. අලුත් චරිත කිහිපයක් ආවා. ප්‍රේ්ක්ෂකයන්ට එය කුතුහලයක් වෙන්න පුළුවන් දන්නේ නැති නිසා. දෙවැනි දිගහැරුමේ තමයි ඩයනාගේ සැබෑ පසුබිම ගැන කතා කරන්නේ. ඒ ජාලියගේ වෙන්වීමත් එක්ක. ඉතින් මම ප්‍රේක්ෂකයන්ට කියන්න කැමැති නැහැ කතාව ගැන ලොකුවට. හැබැයි දිගටම බලාගෙන යන්න කතාව. එතකොට ලොකු වෙනසක් දැනෙයි. කතාවේ ඇතුළාන්තය ගැන මේ පෙන්වන්නේ. පොඩි කාලයක් ඉවසගෙන ඉන්න ඔය හිටියා වගේ. හොඳම හරිය එනවා ළඟදීම.

ගොඩක් චරිත අපි දකිනවා ටිකක් වලියට බර චරිත රඟපාන්න ශෙහානිට ලැබෙනවා?

එහෙම වෙන්නේ මට චරිතයක් දුන්නොත් කරන්න පුළුවන් නිසා. මට ඕනෑම චරිතයක් රඟපාන්න හැකියාව තියෙනවා. හැබැයි අවාසනාවකට එක චරිතයක් දැක්කට පස්සේ එකම විදියේ චරිතවලට තමයි කතා කරන්නේ. නැතුව කතාව ගැන තේරුම් කරලා දීලා චරිතය ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. එතකොට තමයි චරිතය තුළ ඒ විදියට වෙනසක් දකින්නේ.




සල්ලි පොකුරු නිසී තුළත් අපි ඒ විදිය දැක්කා?

එහෙම වෙන්න පුළුවන්. නිසී කියන්නේ කටකාර එඩිතර කෙල්ලෙක්ගේ චරිතයක්. පරිමි කෙනෙක් එක්ක හැප්පෙන්න වුණත් පුළුවන් චරිතයක්. කෙල්ලෙක්ගේ ගතිගුණ තියෙනවා. හැබැයි හැසිරෙන්නේ කොල්ලෙක් වගේ. හැබැයි ඩයනාගේ චරිතය බැලුවොත් එයට වඩා ලොකු වෙනසක් දැනෙනවා. කටින් ගේමක් ගහන කෙල්ලෙක්.

අද සමාජයෙත් ඩයනා වගේ චරිත ඕනෑ තරම් ඇති කියලා ඔබ හිතනවද?

අනිවාර්යයෙන්ම ඇති මේ වගේ චරිත. ඇහෙන්න කරන්න නැති වුණාට මේ වගේ චරිතවලට වඩා අන්ත විදියට ඉන්නත් පුළුවන්. සමහර අවස්ථාවල දේපළ තණ්හාවට ඒ මවුපියන් වයසට ගියාම දරුවන් කියලා එන පිරිසකුත් ඇති. කතා ගොඩක් මැද්දේ එක් කතාවක් තමයි මාලක අයියා ලස්සනට ලියන්නේ. සමාජයේ වෙන දේවල් ගැන. මේ වගේ විශේෂ පුද්ගලයෙක් ගැන. ජීවිතයට සමාජයට කතා කරලා ඇති කියලා මෙයට පෙර වෙනස් නිර්මාණයක් හරහා. ඇත්තටම මට සතුටුයි මේ වගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීම ගැන.


වසන්ත විතාරණගේ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post