HomeCelebrity කරිෂ්මා සල්මන් බඳීද ? Text •Tuesday, October 27, 2026 0 බොලිවුඩ් සිනමාවේ අසමසම රූප සුන්දරත්වය සහ තියුණු රංගන කෞශල්යය එකට මුසු වූ තාරකාවන් අතර ප්රමුඛස්ථානයේම කියැවෙන නමක් තමයි කාරිෂ්මා කපූර් කියන්නේ. මේ දවස්වල ඇය ගැන අලුත් කතාබහක් ඇතිවෙලා. ඒක ටිකක් පරණ ආදර කතාවක්. කලක් සිනමාවේ පෙම්වතුන්ව සිටි සල්මන් සහ කරිෂ්මා නැවතත් පෙම්වතුන්වෙලාලූ. මේක ගියසැරේට වඩා වෙනස් තැනකින් නවතිනවලු. කොහොම වුණත් කරිෂ්මා කියන්නේ මේ වෙනකොට තනිව සිටින මවක්. සල්මන් කියන්නේ බොලිවුඩ් සිනමාවේ සදාතනික තනිකඩයා. මේක ඇත්තක් වෙන්න තියෙන්නේ 100% ක සම්භාවිතාවක්.1990 දශකයේ සහ 2000 දශකයේ මුල් භාගයේ බොලිවුඩ් සිනමාව සිය වසඟයට ගත් ඇය එවකට ඉන්දියානු සිනමාවේ වැඩිම වැටුප් ලැබූ සහ වඩාත්ම සාර්ථක නිළිය ලෙස කිරුළු පැළඳුවා. “ලෝලෝ” කියන ආදරණීය අනවර්ථ නාමයෙන් ලොව පුරා රසිකයන් අතර ප්රසිද්ධ වුණ ඇය පුරාවෘත්තීය කපූර් පවුල් පරම්පරාවේ සියලු සම්ප්රදායන් හා තහංචි බිඳ දමමින් වෘත්තීය රංගන ක්ෂේත්රයට පිවිසි ප්රථම කාන්තාව ලෙස ද ඉතිහාසයට එක්වුණා.1974 ජූනි 25 මුම්බායි නගරයේ ප්රකට රංගන ශිල්පීන් වන රන්ධීර් කපූර් සහ බබිතාට දාව උපත ලැබූ කාරිෂ්මා අසහාය සිනමාකරු රාජ් කපූර්ගේ මිනිබිරිය වන අතර ජනප්රිය නිළි කරීනා කපූර්ගේ වැඩිමහල් සහෝදරියයි. එමෙන්ම ඇය ජනප්රිය නළු රන්බීර් කපූර්ගේඥාති සොහොයුරිය ද වෙනවා. 1991 වසරේදී වයස අවුරුදු 17 තරම් කුඩා අවධියේදී ‘Prem Qaidi’ චිත්රපටයෙන් සිනමාවට පිවිසි ඇය සිය රංගන දිවියේ ආරම්භයේදීම වාණිජමය වශයෙන් විශාල ජයග්රහණ රැසක් අත්කර ගැනීමට සමත් වුණා.විශේෂයෙන්ම ජනප්රිය නළු ගෝවින්දා සමඟ එක්ව ඩේවිඩ් ධවාන් අධ්යක්ෂණය කළ ‘Raja Babu’ (1994), ‘Coolie No.1’ (1995) සහ ‘Hero No 1’ (1997) වැනි අතිශයින් සාර්ථක ප්රහසන නාට්යමය චිත්රපට හරහා ඇය ලෝකවාසී ප්රේක්ෂක ආකර්ෂණය අත්පත් කර ගත්තා. ඇගේ ආකර්ෂණීය පෞරුෂය, උද්යෝගිමත් නර්තනය සහ ප්රහසන රංගන රටාව එකල ප්රේක්ෂකයන් අතර දැඩි ජනප්රියතාවට පත්වුණා. එමෙන්ම ‘Biwi No 1’ වැනි චිත්රපට ද ඇගේ වාණිජමය ජයග්රහණ තවදුරටත් තහවුරු කිරීමට සමත්වුණා.සිනමාවේ ස්වර්ණමය යුගය සහ සම්මාන රැසක් කාරිශ්මාගේ සිනමා ජීවිතයේ ස්වර්ණමය යුගය සලකුණු වූයේ 1996 දී තිරගත වූ ‘Raja Hindustani’ දැවැන්ත වාණිජ චිත්රපටයෙන්. ඒ චිත්රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් ඇයට හිමිවුණේ හොඳම නිළියට හිමි ෆිල්ම්යාර් සම්මානයයි. පසුව 1997 දී යෂ් චොප්රාගේ ‘Dil To Pagal Hai’ සංගීතමය ආදර කතාවේ ‘නිෂා’ ලෙස දැක්වූ අසමාන රංගනය වෙනුවෙන් හොඳම සහය නිළියට හිමි ෆිල්ම්යාර් සම්මානය මෙන්ම කීර්තිමත් ජාතික චිත්රපට සම්මානය (National Film Award) ද දිනාගැනීමටද ඇයටහැකිවුණා. පසුව ඇය වාණිජ සිනමා රාමුවකට පමණක් කොටු නොවී, ‘Fiza‘’ (2000) සහ ‘Zubeidaa’ (2001) වැනි කලාත්මක සහ ගැඹුරු චරිත සහිත චිත්රපට හරහා නාට්යමය භූමිකාවන්ට පණ දෙමින් සිය රංගන පරාසයේ අසමසම බව ප්රදර්ශනය කළා. එම රංගනයන් සිනමා විචාරකයින්ගේ පවා ඉහළ පැසසුමට ලක්වුණා.ඇගේ දීර්ඝ සිනමා ගමන තුළ ෆිල්ම්යාර් සම්මාන 4 ක් සහ ජාතික චිත්රපට සම්මානයක් ඇතුළුව කීර්තිමත් සම්මාන රැසක් දිනාගෙන තිබෙනවා.2003 වසරේදී ව්යාපාරික සන්ජේ කපූර් සමඟ විවාහ වූ ඇය, 2016 දී දික්කසාද වූ අතර, ඇයට දරුවන් දෙදෙනෙකු සිටිනවා. 2003 වසරෙන් පසු නිත්ය චිත්රපට නිර්මාණවලින් යම් විවේකයක් ගත් ඇය, පසුව ‘IndiaZs Best Dancer’ වැනි ජනප්රිය රූපවාහිනී වැඩසටහන්හි විනිශ්චයකරුවෙකු ලෙස කටයුතු කළා. එමෙන්ම ‘Mentalhood’ (2020) සහ අපරාධ ත්රාසජනක ‘Brown’ වැනි ජනප්රිය වෙබ් මාලා හරහා ඩිජිටල් වේදිකාවටද සාර්ථකව අවතීර්ණ වෙමින් සිය ප්රේක්ෂකයන් නැවතත් තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට ඇය සමත්වුණා.කොපමණ නවක රංගන ශිල්පීන් සිනමාවට පැමිණියද සිය අනන්යතාවය සහ ප්රබල රංගන පෞරුෂය තුළින් ඉන්දියානු සිනමාවේ නොමැකෙන සටහනක් තැබූ කාරිශ්මා කපූර් අදටත් සිනමා ලෝලීන්ගේ නොමද ආදරයට හා ගෞරවයට පාත්ර වන අසහාය සිනමා තරුවක්.සජානි දයාරත්න Tags: Celebrity Photo Facebook Twitter