බැඳලා අවුරුදු 4 ක් වුණාට අපේ ආදර කතාවට අවුරුදුම 14 ක් -අනූෂා දමයන්ති

gossiplanka image 1
 


විඳින ආදරයක් ලැබෙන්නේ කෙනෙකුගේ වාසනවාට. ඒක තරුවකිනට ලැබෙන්නේ ඊටත් වඩා වාසනාවකට. එහෙම කෙනෙක් ලබන 27 වැනිදා තමන්ගේ විවාහයේ 4 වැනි සංවත්සරය සමරනවා. මේ ආදර කතාවට නම් අවුරුදු 14 ක්. අනූෂා සහ අමිල හොයාගෙන අපි ගියේ නොවෙනස් ආදරයක ලස්සන මතක ඔයාලට කියන්න.


අනූෂා කොහොමද?


මම අවුරුදු හතරකට විතර පස්සෙ ටෙලිඩ්‍රාමා දෙකකට සම්බන්ධ වුණා. නන්දසේන අයියගේ “බෝඩිං ගෙදර” සහ සාරංග මෙන්ඩිස්ගේ “එයත් ලස්සනයි” කියන ටෙලිඩ්‍රාමා දෙක. “එයත් ලස්සනයි” එකේ මම කරන්නේ Full Western Character එකක්. අනිත් එකනම් ගමේ Character එකක්.“රැජිණිය” සහ “වාරියපොළ සුමංගල හිමි ” ෆිල්ම් දෙකටත් සම්බන්ධ වෙනවා. ඊට අමතරව Dancing වැඩත් කරගෙන යනවා.කීවෙනි ඇන්වසරි එකද මේ ජයටම සමරන්න හදන්නේ ?2022 තමා මම විවාහ වුණේ. ඉතින් මේ හතරවෙනි ඇන්වසිරි එක. ඒක සුවිශේෂී වෙන්න හේතුව මම අවුරුදු 14 ක් අමිලව දැන අඳුනගෙන ඉඳලා තමයි විවාහ වුණේ. ඒකත් ඉතින් ජීවිතේ ලොකු කඩයිමක් නේ.

ජනප්‍රිය කාලෙම විවාහ වෙන්න ගත්ත තීරණය ගැන අද මොකද හිතෙන්නෙ ?

ජනප්‍රිය කාලේ විවාහ වුණා කියනවටත් වඩා මගේ Peak ම ඔසපැ එකේ තමයි මම විවාහ වුණේ. ඒ කියන්නේ Dancing Star ඇතුළත මගේ විවාහය තුන් පාරක් විතර කල් ගියා. ඒ මම කාර්යබහුල නිසා. මම හිතන්නේ විවාහය කියන දෙයත් සංසාරයෙන් ගේන දෙයක්. හරි වෙලාව හරි දවස ආවම අපිට ඒක නවත්තන්න බෑ. අවුරුදු දාහතරක්ම බලන් ඉඳලා හරිම ඉක්මනින් අපි විවාහ වුණා. මම අදත් දුක් වෙනව, මගෙ විවාහයේදී කලින් මං Crowd එක 600 කට කියල Plan කරලා තිබුණේ. සහරාන්ගෙ ප්‍රහාරයත් එක්ක ඒක නවතිනවා. මේ විවාහයට දවස් දහයකින් පහළොවකින් විතර පොඩි කාලෙකින් තමයි අපි ලෑස්ති වුණේ. හැබැයි ඉතින් අපි වෙඩින් එකකට වඩා පවුල් දෙක අතර උත්සවයක් ගන්න හැදුවේ.


ඔබේ වෘතීය ජීවිතයට සැමියගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නෙ ?

එදා ඉඳන්ම මම කවුද මොන වගේ කෙනෙක්ද මේ ක්ෂේත්‍රයේ කටයුතු කළේ කොහොමද කියල අමිල දන්නවා. අමිලටත් වඩා මේ ක්ෂේත්‍රයට ආපු කාලෙ ඉඳන්ම මගෙ අම්මා මගෙ ළඟින් හිටියා. ඊට පස්සෙ මගෙ අයියා මම නංගි කෙනෙක් විදිහට හරියට දෙයක් කරන්න ඕනේ කියල පොඩි සැරක් දැම්මා. මොකද ගැහැනු ළමයෙක් යන්න ඕනෙ මාර්ගය පෙන්නලා දුන්නා. ඒ නිසා මට හොඳ ආරක්ෂාවකුත් තිබුණා. පහු කාලිනව අමිල ආවම එයා දැක්කා කලාකාරිනියක් විදිහට මගෙ ගමන යන විදිහ. එයා දැක්කා මගෙ හොයන්න බලන්න හදාගන්න කිසි දෙයක් නෑ කියලා. එයත් උපරිම සහයෝගය දුන්නා මේ ගමන එන්න.

ඔබේ ව්‍යාපාර කටයුතු සහ නර්තන කටයුතු ගැන සදහනක් කළොත්?

ඔව්. ඇත්තටම ඉස්සර නර්තන කටයුතු තිබුණා. අපි කොරෝනාවලට කලින් ගොඩාක් නර්තන ප්‍රසංගයන්වලට සහභාගි වුණා. අපි ප්‍රසංගවලට ගිහින් මාස ගණන් පිටරටවල හිටියා. ඊට අමතරව මම ගායිකාවක් නොවුණත් ඩුබායි, ජෝර්දාන්, කුවේට් වගේ රටවල Musical Show වල සිංදු කියන්න ගියා. කොරෝනාවලින් පස්සේ ඒ දේවල් ටිකක් අඩු වුණා. සමහර අය හිතනව බැන්දට පස්සේ දැන් නර්තන කටයුතුයි රඟපාන එක නවාත්තලා කියල. අදටත් ආරාධනා කළොත් මම ප්‍රසංග බාරගන්නවා.අනූෂා දමයන්ති කියන රටක් ආදරය කරන ප්‍රතිරූපය හදාගත්තේ කොහොමද?මම විශ්වාස කරන දේ තමයි ඕනම රස්සාවක ගනුදෙනු කරනකොට හැමෝම කැමති වෙන්නේ කාරුණිකත්වයට, ගෞරවාන්විත බවට සහ ආදරයටනේ. මගෙ Character එකේ තේ එක හදන ළමයටත් වටිනාකමක් දෙනවා. මම එයාට රෙස්පෙක්ට් කරනවා. මේක හරියට දම්වැලක් වගේ. මට හැම Character එකක්ම පෙනුණේ මේකේ ප්‍රධාන Character එකක් විදිහට. ඇදුම් බලන කෙනා, මේකප් කරන කෙනා වගේ ඔක්කොමල එකතු වෙලානෙ මාව නිර්මාණය කරන්නේ.


එ නිසා හැමෝමත් එක්ක ආදරයෙන් ගෞරවාන්විතව මම කටයුතු කරනවා. අලුත් පරම්පරාව එක්කත් මම හරි එකතුයි.මම හිස් චරිතයක් නොවී ඒගොල්ලොත් එක්ක ඒ තුළ කණ්ඩායමක් විදිහට ජීවත් වුණ නිසා තමයි මට ආදරණීය චරිතයක් වෙන්න පුළුවන් වුණේ.

සෝෂල් මීඩියාවල මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන එක චරිතයක් අනූෂා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නෙ ?

අද වෙනකොට සමාජ මාධ්‍ය හරි ජනප්‍රියයි. එකාලේ ගොඩක් වෙලාවට මේ සමාජ මාධ්‍ය නෙමෙයි තිබුණේ. අපේ එකම මාධ්‍ය වුණේ පත්තරේ. ඉතින් අදටත් මම ස්තුතිවන්ත වෙනවා සියලුම මාධ්‍යවේදීන්ට මට ගොඩක් ලොකු සහයෝගයක් ලබා දුන්නා මගේ කලා ජීවිතයට. ඉතින් දැන් සමාජ මාධ්‍ය කියන්නේ ඇත්තටම හොඳයි නරකයි දෙකම තියෙන තැනක්. හරි ඉක්මනින් මිනිස්සු හරි දේ හොයන්න බලන්නෙත් නැතුව, සමහර වෙලාවට පිළිගන්නවා, සමහර වෙලාවට නින්දා අපහාස කරනවා, සමහර වෙලාවට ජීවිතයේ කවදාවත් හම්බවෙලා නැහැ. අපිව දන්නෙත් නැහැ, අපිව ඇසුරු කරලත් නැහැ. හැබැයි හරි ඉක්මනින් නින්දා අපහාස කරනවා.මම හැමතිස්සෙම හිතන්නේ කමෙන්ට් එකක් කියන්නේ ඒ කෙනාගේ ප්‍රතිරූපය. ඒ කියන්නේ තමන්ගේ කැඩපත කියන එක.මොකද එයා දරණ සිතුවිලි, අදහස්, වචන තමයි එයා මාධ්‍යයක් වෙත ප්‍රකාශයට පත් කරන්නේ. ඒක නිසා මම නම් ඒ කිසිම දේකින් පසුතැවෙන කෙනෙක්වත් වැටෙන කෙනෙක්වත් නෙමෙයි. මම ඇත්තටම අටලෝ දහමට අනුව ජීවත් වෙනවා. හැබැයි මම හැමෝටම කියනවා කවදාවත් නොදන්න කෙනෙකුට, නොහඳුනනා කෙනෙකුට එහෙම නින්දා අපහාස කරන්න එපා කියලා. මොකද අපි මැරෙනවා දවසක, අපි මේ සංසාර ගමන ගෙනියනවා කියන එක මතක තියෙන්න ඕනේ. මේ ජීවිතය කියන්නේ හරියට අම්බලමක නතර වුණා වගේ. ඉතින් ඒ නිසා හරකා පිටි පස්සෙන් කරත්ත රෝදය යනවා වගේ ජීවිතය තමන් කරපුවා තමන් පිටි පස්සෙන් එනවා. ඉතින් මේ ජීවිතයේ හොඳින් ජීවත් වුණොත්, හැම දෙයක්ම හොඳින් සිදු කළොත්, ඒක හැමෝටම වටිනවා.


වෘත්තීය ජීවිතය තුළ මෙතෙක් කල් ආපු ගමන ගැන මොකද හිතෙන්නෙ?

මේ වෘත්තීයෙ විතරක් නෙමෙයි කිසිම වෘත්තීයක කැප කිරීමක් නැතුව කිසි දෙයක් නිකන් ලැබෙන්නෙ නැහැ. උනන්දුවකින් උත්සාහයකින් අපි කරන රස්සාව හරි වන්දනීය විදිහට කරන්න ඕනේ. මම පුංචි කාලෙ ඉඳන් සරස්වතී අම්මාව වදිනවා. Dancing වලට අඳින පළවෙනි ඇඳුම මම මුලින්ම පෙන්නන්නෙ මෑණියන්ට. නිතරම සොබාදහමත් එක්ක බුදුදහමත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා.

ඔබ ප්‍රවීණ රංගන ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයට එන නවකයින්ට මොනවද කියන්නේ?

ඇත්තටම අවුරුදු ගානකට පස්සෙත් මම රඟපානවා. අද ගත්තත් වෙලාවක් කීවම මම හරි බයයි. ඒ කියන්නේ වෙලාවටම Production එකේ ඉන්නවා. කිසිම හේතුවක් කියන්න අපි ලෑස්ති වුණේ නැහැ. ඒකට අපි ගොඩක් ආදරය කළා. හෙට Shooting නම් ඒකේ ඉන්න ඇඳුම් බලන කෙනාට මම කතා කරනවා. ඒක තමා වෘත්තීමයභාවය කියන්නේ. වෙලාවට වැඩ කරනව වගේම අපි ප්‍රවීණත්වයට ගොඩක් ගරු කළා. මට Production එකෙන් ඇඳුමක් දෙනව කීවත් මම ලෑස්ති පිට ඇඳුම් දෙක තුනක් අරන් යනවා. එයාට අතපසුවීමක් තිබුණොත්, මගේ ඇදුමක් දාලා හරි ඒ වැඩේ හරියට කරනවා. Dancing Costume එකක් වුණත් එයාටත් මහන්න කියල මමත් ලස්සන ඇඳුමක් මහනවා. මොකද මම දන්නවා මේ Production එකේ අන්තිම Frame එක මගේ කියල. ඉතින් මාව හරියට Frame එකට දෙන්න ඕනෙ නිසාත් Team Work එකක Output එක හොද දෙයක් වෙන්න ඕන නිසාත් මම ලෑස්ති වෙනවා.

මේ රසවත් කතා බහෙන් අනූෂාට සමුදෙන ගමන් ඒ පුටුවට ආවේ එයාගේ ආදරණීය සැමියා.අමිල ඇනවසරි එකට සූදානම කොහොමද?

ඇත්තටම අපි විවාහ වෙලා අවුරුදු හතරක් ගෙවිලා දැනුණෙවත් නැහැ. මේ දවස්වල අපි දෙන්නම ටිකක් කාර්යබහුලයි. ඉතින් හතරවෙනි විවාහ සංවත්සරය සමරන්න මේ දවස්වල ප්ලෑන් කරගෙන යනවා.අවුරුදු දාහතරහක ආදරයක්… තාමත් ඒ වගේමද?අපි දෙන්නා විවාහ වුණේ අවුරුදු 14 ක ආදර කතාවකින් පස්සේ. ඉතින් දැන් විවාහ වෙලත් අවුරුදු හතරක් ගත වෙලා. මෙච්චර කාලයක් මේ විදිහට ආදරයෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ අපි දෙන්නා එකිනෙකාව හොඳ විදිහට තේරුම් අරන් තියෙන නිසා.විශේෂයෙන්ම මම හැමවෙලාවෙම කියනවා අනිත් කෙනාගේ නිදහසට බාධා නොකර ජීවත්වීම තමයි තව කෙනෙකුත් එක්ක ඇත්තටම හොඳින් ජීවත් වෙන්න තියෙන සහ ආදරයෙන්ම ජීවත් වෙන්න තියෙන හොඳම විදිහ කියන එක. අනිත් කෙනාගේ සිතුවිලිවලට ගරු කරලා නිදහසේ තමන්ට තමන්ගේ විදිහට ජීවත් වෙන්න ඉඩදෙන කෙනෙකුට හැමදාම ආදරයෙන් ඉන්න පුළුවන්.හැමවෙලාවෙම අනුෂාත් මගේ නිදහස මට දීලා තියෙනවා. ඒ වගේම තමයි එයාගේ කලා කටයුතුවලට, එයාගේ අනෙකුත් සියලු දේටම නිදහස එයාට ඒ විදිහටම මම දීලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති අදටත් අපි ආදරය කරපු කාලේ වගේම ආදරයෙන් මේ විදිහටම ඉන්නේ.

අනූෂා දමයන්ති වගේ කෙනෙක් ඔබේ බිරිද වුණ එක ගැන මොන වගේ හැගීමක්ද තියෙන්නෙ ?

ඇත්තටම අනුෂා වගේ කෙනෙක් හමුවීම සහ විවාහවීමට ලැබීම මගේ වාසනාව. අනුෂාගෙන් මගේ ජීවිතයට ගොඩාක් දේවල් මට ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම එයාගේ ගතිගුණ, මානුෂීය අදහස් මම දකිනවට වැඩිය ගොඩාක් වෙනස් විදිහට එයා දකින්නේ. හරි වැරුද්ද දේ එයාට හොඳට තේරුම් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම හොඳ නරක මගේ ජීවිතයටත් එයා කියලා දීලා තියෙනවා. ඉතින් මම හිතනවා අනුෂා වගේ කෙනෙක් මට හමුවීම මගේ ජීවිතය ගොඩාක් ලොකු වෙනස්කම්වලට භාජනය වුණා කියලා. ඉතින් අනුෂාට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ දේවල්වලට. එයා මට ලොකු වාසනාවක් මම ගොඩාක් කලාවටත් කැමති කෙනෙක් වුණ නිසා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post