වයසින් මුහුකුරා යාම, අහිමි වූ සමීපතමයින් පිළිබඳ මතකය සහ තමන්ට හිමිවන ආදරය පිළිබඳව ඇය එහි සංවේදී අදහස් දක්වා තිබුණි. විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රිය එළඹීමට පෙර තමන්ට මගහැරුණු අවස්ථා, නොකියූ වචන, පරණ මතකයන් සහ තමන් ළඟින් සිටියා නම් යැයි ප්‍රාර්ථනා කරන පුද්ගලයින් පිළිබඳව තමන්ට නිතර සිහිපත් වන බව අනීත් එහි සඳහන් කර ඇත.
ඇයගේ ජීවිතයෙන් සමුගත් 'දාදු' යනුවෙන් ආදරයට ආමන්ත්‍රණය කළ ඇයගේ සීයා මෙන්ම ජූලි පිළිබඳ මතකයන්ද මෙම සටහනට එක් කර තිබුණි. ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආදරය ප්‍රකාශ කිරීමට නොහැකි වීම පිළිබඳව කනගාටුවන ඇය, ඇතැම් අවස්ථාවන් සදාකාලික නොවන බව තමන් කලින් වටහා නොගැනීම ගැනද එහි අදහස් දක්වා තිබේ.
මෙම සංවේදී මතකයන් අතරම, තමන් වටා සිටින ආදරණීයයන් පිළිබඳවද ඇය සිය කෘතවේදීත්වය පළ කර ඇත. දෙමාපියන්, සහෝදරිය, ළමා කාලයේ සිටම සිටින හොඳම මිතුරිය මෙන්ම අලුතින් හඳුනාගත් මිතුරන් ද ඇතුළුව තමන්ව විශේෂ අයෙකු බවට හැඟවූ සියලු දෙනාටම ඇය ස්තූතිය පුද කර තිබේ. බොහෝ විට අතීතය පිළිබඳව දුක්වීමට කාලය ගත කරන තමන්ට, වර්තමානයේ තමන් සතු දේවල් අගය කිරීමට ඇතැම්විට අමතක වන බවද ඇය පවසයි.
සිය 24 වැනි උපන්දිනය සමරන මොහොතේ ජීවිතය යනු දුක, සතුට, බලාපොරොත්තුව සහ තවත් ගණන් කළ නොහැකි තරම් සුන්දර අත්දැකීම් රාශියක එකතුවක් බව තමන්ට වැටහුණු බව අනීත් පද්දා සිය සටහන මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. සාදයේ ඡායාරූපවලට අමතරව ඇයගේ ජීවිතයේ සුවිශේෂී පුද්ගලයින් සහ අවස්ථාවන් දැක්වෙන ඡායාරූප කිහිපයක්ද ඇය විසින් මෙලෙස සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණු අතර එය හුදෙක් උපන්දින සාදයක ඡායාරූප එකතුවකට වඩා ඇයගේ පෞද්ගලික ජීවිතයේ සුන්දර මතකයන්ගෙන් පිරුණු එකතුවක් බවට පත්ව තිබුණි.