මුලින්ම අපිට ඇයව දකින්න ලැබුණේ දෙරණ නාලිකාවේ විකාශනය වුණු සිඳූ ටෙලිනාට්යයෙන්. ඒත් විවාහයෙන් පස්සේ විදෙස්ගත වෙන්න සිදු වුණ නිසා අවුරුදු හතරකින් විතර ආපහු ඇයව අපට මුණගැසුණේ නැහැ. නමුත් පසුගිය දවස්වල හදිසියේම මව්රටට ආපු හර්ෂි අංජුමාලා ‘අමුතු සංක්රාන්තිය’ ටෙලියෙන් දකින්න ලැබුණා. කාලෙකින් දකින්න ලැබුණ හර්ෂිට අපි ‘මීවිතෙන්’ ඉඩකඩක් වෙන්කළේ මේ විදිහට.
හර්ෂි කාලෙකට පස්සෙ ලංකාවට ආවා?
ඔව්, මං ලංකාවට ආවේ අම්මා තාත්තා බලන්න. ඒ ආපු ගමන් ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නත් බලාගෙන හිටියා. බලාපොරොත්තු වුණා වගේම මට නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.
මං ආවෙ වැඩිපුර කාලයක් ඉන්න වුණත් මගේ පෞද්ගලික වැඩකට මට ආයෙමත් යන්න සිද්ධ වුණා. ඒ වැඩටික ඉවරවුණ ගමන් ආයෙත් එනවා.
ඔබට වැඩ කරන්න ලැබුණෙ ‘අමුතු සංක්රාන්තිය’ ටෙලිනාට්යයේ?
ඔව්, ‘අමුතු සංක්රාන්තිය’ ටෙලිනාට්යයේ සමින්දි විදියට රඟපාන්න අවස්ථාව උදාවුණා. අවුරුදු හතරකට පස්සෙ ටෙලියක රඟපාන්න මේ අවස්ථාව ලැබෙන්නේ අධ්යක්ෂ සාන්ත සොයිසා සර් හින්දයි. ඉතිං මේ වෙලාවේ ඔහුව ආදරෙන් මතක් කරනවා.
විදෙස්ගත වෙලා ඉන්න කාලෙත් ආරාධනා ලැබුණද?
ඔව්, නිර්මාණ කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් මං අධ්යයන කටයුතු කරන ගමන් හිටිය නිසා එන්න අමාරු වුණා.
විවාහයෙන් පස්සේ විදෙස්ගත වෙන්න තීරණය කළේ ඇයි?
පොඩි කාලේ ඉඳන් ලොකු ආසාවක් තිබුණා පිටරට පදිංචියට යන්න. ඉතිං පුංචි කාලේ ඉඳන් හිතේ තිබ්බ අදහස නිසාම ද කොහේද මට මගේ සැමියාව ඔස්ටේ්රලියාවෙන් මුණගැසුණා.
ඔස්ටේ්රලියාවේ ගෙවන ජීවිතය?
අම්මලගෙන් කලාවෙන් ඈත්වෙලා ඉන්නකොට මුලින් ටිකක් අමාරු වුණා. ඒත් මං මගේ කාලය මං ආස දේවල්වලට යෙදෙව්වා. ා්බජසබට ජක්ිැිල ිඑමාසැිල එර්ඩැකසබට වගේ දේවල් එක්ක මං ඔස්ටේ්රලියාවේ ගෙවන ජීවිතයට හුරුවුණා. නමුත් ඒ අකර රඟපෑම පසි වුණා. ඒත් ආයෙත් කවදහරි සම්බන්ධ වෙනවා කියන බලාපොරොත්තුවෙන් හිටියා.
දිගටම රඟපාන්නද අදහස?
ටෙලි නිර්මාණත් එක්ක වැඩ කරන්න මම ආසයි. හැබැයි මට දැන් නිතර නිතර විදෙස්ගත වෙන්න වෙන හින්දා මට ලංකාවේ රැඳෙන්න පුළුවන් කාලයත් එක්ක තෝරාබේරාගෙන තමයි ටෙලිනාට්යවලට සම්බන්ධ වෙන්නේ. ලබන වසරේ රූගත කිරීම්වලට සම්බන්ධවෙන නිර්මාණ කිහිපයකට මේ දිනවල සාකච්ඡා කරගෙන යනවා. ඉතිං ඉදිරියේදී බලමු අපි හොඳ නිර්මාණ එක්ක සම්බන්ධවෙන්න.
හර්ෂි නිළියක් නොවුණා නම්?
මම රංගන ශිල්පිනියක් වුණේ නැතිනම් නර්තන ගුරුවරියක් වේවි. එහෙමත් නැතිනම් ජපන් භාෂාව ඉගෙන ගත්තු හින්දා අනිවාර්යයෙන්ම ජපන් භාෂා ගුරුවරියක් වෙයි. මහේ හිතේ ආසාවක් තිබුණා කවදාහරි දවසක විදෙස් රටක පදිංචියට යනවා කියලත්. ජපන් භාෂාව ඉගෙන ගත්තු හින්දා ජපානයේ පදිංචියට යන්නත් පුළුවන්.
ලංකාවට ආපු කාලෙ ලැබුණු ප්රතිචාර මොනවගේද?
ලංකාවට ආවට පස්සේ හරිම සතුටුයි. අනික මම අවුරුදු හතරකින් විතර ටෙලිනාට්යයකට සම්බන්ධවෙලා තිබුණෙත් නැහැ. නමුත් සිදූ, සකලගුරු, රාජිනී කියන ටෙලි නිර්මාණවල මම රඟපෑ චරිතවලට අදටත් ආදරය කරන මිනිස්සු ඉන්නවා. ඒ ගැන මට ගොඩාක් සතුටුයි. එතැනදී දෙපැත්තක් තියෙනවා. මම රංගනයෙන් දායකවුණු ඉහත කී නිර්මාණ බලපු අය විතරයිනේ මාව හඳුනන්නේ. අනික මම කාලයක් ලංකාවේ හිටියෙත් නැහැනේ. ඒක හින්දා කාලයක් ටීවී එකෙන් දකින්න නැති හින්දා මාව හඳුනන්නේ නැති පිරිසකුත් ඉන්නවා. සමාජ මාධ්ය හරහා මාව හඳුනාගත් පිරිස් අදටත් මට ආදරය කරන අවස්ථාත් තියෙනවා.
හර්ෂිට රඟපෑමට එන්නෙ කොහොමද?
මං 2008 අවුරුද්දේ දෙරණ නාළිකාවෙන් කරපු දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියට සහභාගි වුණා. එහිදී මං තමයි වයස අවුරුදු 12 න් පහළ නර්තන අංශයේ ජනප්රියම තරුව වුණේ. එදා ඒ ජයග්රහණයෙන් පස්සේ මට කලා ක්ෂේත්රයේ විවිධ අවස්ථා ලැබුණා. ඒත් නිළියක් විදියට මට රංගන ක්ෂේත්රයට එකතු වෙන්න අවස්ථාවක් උදා වුණේ ඊට අවුරුදු කීපයකට පස්සේ දෙරණ නාලිකාවේ විකාශය වුණ සිදූ ටෙලිනාට්යය හරහායි.
හර්ෂි නිළියක් වෙන්න කැමැත්තෙන් හිටපු කෙනෙක්ද?
පුංචි කාලේ ඉඳලම මගේ හිතේ ලොකු කැමැත්තක් තිබුණේ නිවේදනයට. ඉතිං අපේ අම්මලා මම පුංචි කාලේ සිරස කිඩ්ස් ෆස්ට් එකට පවා ෆොටෝ දාලා තිරපරීක්ෂණවලට පවා ගිහිල්ලා තියෙනවා. ඒක තමයි මම පුංචිකාලේම නිවේදිකාවක් වෙන්න කියලා හිතාගෙන ගිය පළමු තිර පරීක්ෂණය. ඊට අමතරව හඬකැවීම් ශිල්පිණියක් විදිහටත් කටයුතු කරල තියෙනව.
මහේෂ් එදිරිසිංහඡායාරූප – සජීව ලක්ෂාන්