මම මනෝ වෛද්‍ය උපදේශිකාවක්-වගීෂා සල්ගාදු

gossiplanka image 1
 

වගීෂා සල්ගාදු, ඔබ දන්නෙ රංගන ශිල්පිනියක් විදිහටද. ඔව්, ඇය රංගන ශිල්පිණියන්. ඒ වගේම මනෝ වෛද්‍ය උපදේශිකාවක් සහ ගායන ශිල්පිණියක්.


ඇයගේ දක්‍ෂතාවන් අපේ රටේ වගේම ඉන්දියානු සිනමාවේත් දැකබලාගන්න පුළුවන්. මේ දවස්වල නාළිකා තුනක, චරිත තුනකින් දකින්න ලැබෙන නිසාම අපි වගීෂා එක්ක පොඩි චැට් එකක් දාන්න අදහස් කළා.


මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වන ‘නීල සමනලී’, අයි. ටී. එන්. නාළිකාවේ විකාශය වන ‘මීෂා’ සහ ජාතික රූපවාහිනියේ විකාශය වන ‘ගැහැනු පිරිමි මල් පලතුරු’ යන ටෙලි නාට්‍ය තුනේ එකිනෙකට වෙනස් චරිත තුනකට මම රංගනයෙන් දායක වෙලා තියෙනව.


මේ හරියටම අවුරුද්දකට පස්සෙ තමයි මම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන්නෙ. ඒ වගේම අපේ ප්‍රේක්‍ෂකයන් හරි ආදරෙන් මේ නිර්මාණ වැළඳගෙන තියෙනව කියල ලැබෙන ප්‍රතිචාරත් එක්ක මට දැනෙනව.


අවුරුද්දකට පස්සෙ නැවත ක්‍ෂේත්‍රයට එනකොට මම හිතුවෙ නැහැ කලින් තිබුණ ජනප්‍රියත්වය නැවත ලැබෙයි කියල. නමුත් ඉස්සර ‘දිවිතුරා’, ‘රාජිනියේ’ වැනි ටෙලි නාට්‍ය කරපු කාලෙ වගේම අදත් ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරය මට ලැබෙනව.


විරාමයෙන් පස්සෙ මේ විදිහට නැවතත් එළියට එන්න මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා. අද වෙනකොට ඒ ප්‍රතිපල මට දකින්න තියෙනව.


ඇත්තටම මම බ්‍රේක් එකක් ගත්තෙ මගේ පෞද්ගලික ජීවිතයට වැඩි ඉඩක් දෙන්න සහ මගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඒ අතරතුර වැඩ කරන්න ඕන කියල හිතු අවස්ථා නැතිව නෙමෙයි. නමුත් මම මාව ගොඩනගාගන්න, මගේ අඩුපාඩු හදාගන්න, ඇක්ටිං කැපෑසිටි එක හදාගන්න ඒ බ්‍රේක් එක ගන්නම ඕන කියල තීරණය කළා.


මීෂා ගැන කතාකරනකොට නිවන්ත ප්‍රසාර අයියට තමයි මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා. මොකද ඔහු තමයි මට මේ චරිතය වෙනුවෙන් කතා කරන්නෙ. මෙවැනි චරිතයක් මම කරන්නෙ පළමු වතාවට. පළමු දවසෙ සෙට් එකට ගියාට පස්සෙ තමයි කැප් එක දාල, මාල දාල, කන්නාඩි දාල, ෂෝට ඇඳල යනව කියල ඩිසයිඩ් කළේ.


මෙහෙම ෂූට් කරපු ටෙලියෙ මුල් එපිසෝඩ් දෙක තුන බලද්දි මටම හිතාගන්න බැහැ මම මේ මොකද කරල තියෙන්නෙ කියල. නමුත් මට මගේ රංගන කැපෑසිටි එක ගැන ගොඩක් සතුටුයි වගේම ආඩම්බර හිතුනා. මොකද ගොඩක් තැන්වල දැණුනෙ නැචුරල් ගතියක්. මම රඟපානව කියල මට හිතුනෙ නැහැ. මිහිර අයියා, මිශෙල්, චතුරංග වගේ අපි හැමෝම යාළුවො වගේ වැඩ කරන්නෙ. ඉතිං රඟපානව කියල අපිට දැනෙන්නෙ නැහැ.


බ්‍රේක් එක අවසන් වෙනවත් එක්ක මුලින්ම සුමිත් අයිය තමයි මට කතා කරන්නෙ. ඒ ‘ගැහැනු පිරිමි මල් පලතුරු’ ටෙලිය වෙනුවෙන්.


ඒ අවස්ථාවෙ මම දෙපාරක් නොසිතා ආරාධනය භාරගත්තෙ මේක මගේ රංගන ජීවිතයේ ටර්නින් පොයින්ට් එක වෙන බව මට දැණුන නිසා. මේ චරිතයේදි මගේ අම්මාට රඟපාන්නෙ චාන්දනී සෙනෙවිරත්න මහත්මිය. ‘තාල’ චිත්‍රපටයේ රංගනයෙන් අවුරුදු නවයකට හෝ දහයකට පස්සෙ තමයි මම ඇයත් සමග නැවත එකට රඟපාන්නෙ. ඒකත් මට හරිම විශේෂයි. මොකද චාන්දනී මහත්මිය තමයි 2015 අවුරුද්දෙ රාජ්‍ය ළමා නාට්‍ය උළලේ හොඳම නිළියට හිමි සම්මානය මට ලබා දෙන්නෙ. ඉතිං අද වන විට මම එතුමියත් සමග එකට රඟපානව.


ඒ වගේම සුමිත් අයිය කියන්නෙත් කලාවේ ජ්‍යෙෂ්ඨයෙක් වගේම හොඳ නළුවෙක්. ඔහු කොහොමත් නිර්මාණ කරන්නෙ සම්මාන උළෙල වෙනුවෙන්. එවැනි නිර්මාණයක වැඩකරන්න ලැබෙයි කියල මම හිතුවෙත් නැහැ. නමුත් ‘ගැහැනු පිරිමි මල් පලතුරු’ ටෙලියෙදි මට ඔහු සමග වැඩ කරන්න ලැබෙනව. සුමිත් අයියා සහ නදීශා අක්කා අම්මා තාත්තා වගේ හැම දේකදිම මගෙ ළඟ හිටියා. අදටත් මොනව හරි තිබුණාම ඒ දෙන්නගෙන් තමයි කතා කරල අහන්නෙ.


‘නීල සමනලී’ වෙනුවෙන් මුලින්ම මට කතා කරන්නෙ නිලන්ත අයියා. දැන් ඒක අධ්‍යක්‍ෂණය කරන්නෙ සමීර අයියා. ඒ වගේම ‘නීල සමනලී’ තමයි දැනට සිරස වැඩිම වියදමක් දරල කරන ටෙලි නාට්‍යය. ගොඩක්ම කමර්ෂල් පැත්තට බරව යන මේ නිර්මාණයේ නෙහාරාගෙ චරිතයත් එක්ක ගොඩක් දෙනෙක් මාව හොයන්න ගත්තා.


මනෝ වෛද්‍ය උපදේශිකාවක් විදිහට මම දැනට රෝහල් දෙකක් සමග සම්බන්ධ වෙලා කටයුතු කරනව වගේම දෙසැම්බර් මාසයේදී මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩමුළු කිහිපයක් කරන්නත් සූදානමක් තියෙනව.


කලාව කියන්නෙ මනෝ විද්‍යාව පැත්තට මට ලොකු උදව්වක් වෙන මාධ්‍යයක්. මොකද මම උදේ හවස වැඩ කරන්නෙ විවිධාකාරයේ මිනිස්සු එක්ක. ඒක කෙනෙක්ව තේරුම් ගන්න මට ලොකු පහසුවක්.


දැනට මම දමිළ චිත්‍රපට හයකට පමණ සම්බන්ධ වෙලා තියෙනව. හෙට අනිද්දට නැවතත් මම ඉන්දියාවට යනව මගේ හත් වැනි චිත්‍රපටයේ වැඩකටයුතු වෙනුවෙන්. නැවත ආවට පස්සෙ ලංකාවෙත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කටයුතු සූදානම් කරල තියෙනව.


මට පොඩි කාලෙ ඉඳන් දමිළ භාෂාව ලියන්න, කියවන්න, කතා කරන්න පුළුවන්. ඒ නිසාම ඉන්දියාවේ නිර්මාණවලට සම්බන්ධ වෙලා කටයුතු කරන්න පහසු වුණා. නමුත් එහෙදිත් මම ඔවුන්ට කියන්නෙ මාව සිංහල ඇක්ට්‍රස් කෙනෙක් විදිහට හඳුන්වන්න කියල.


තව පොඩි වැඩ ටිකක් ප්ලෑන් කරල තියෙනව ගායනය පැත්තෙන්. බොහෝ දුරට ඒක මගේ බර්ත් ඩේ එක දවසෙ එළියට එන්නත් පුළුවන්.මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post