ඩිංගා සමඟ මේ දිනවල රිදී තිරයට එන තිල­ක්ෂිණි රත්නා­යක

gossiplanka image 1
 


කලා ලොව යනු දක්ෂතා රැසක් මැද තම­න්ටම අනන්‍ය වූ මංස­ල­කුණු තබ­මින් ඉදි­රි­යට යා යුතු අපූර්ව ගම­නකි. එහිදී ජන­ප්‍රි­ය­ත්වය පම­ණක් නොව, තමන් නිරූ­ප­ණය කරන චරි­තය තුළින් ප්‍රේක්ෂක හද­වත් ස්පර්ශ කිරී­මට සමත් වීම ද කලා­ක­රු­වකු ලබන සැබෑ ජය­ග්‍ර­හ­ණ­යකි. රංග­නයේ එවැනි සුවි­ශේ­ෂී­ත්ව­යක් සොයා යන ගම­න­කදී තිල­ක්ෂිණි රත්නා­යක නාමය ද අව­ධා­න­යට ලක්වන්නේ ඇයගේ රංගන දාය­ක­ත්වය සහ චරිත නිරූ­ප­ණය තුළින් මතු වන කලා­ත්මක හැකි­යාව හේතු­වෙනි. ‘දුස්රා’ චිත්‍ර­ප­ටය ඔස්සේ සම්මා­න­නීය ඇග­යී­ම­කට පාත්‍ර වූ ඇය, මේ දින­වල ‘ඩිංගා’ චිත්‍ර­ප­ටය ඔස්සේ ද ප්‍රේක්ෂ­ක­යන් හමු­වට පැමි­ණෙ­න්නීය


“ඩිංගා කියන්නේ අපි කණ්ඩා­ය­මක් විදි­හට එකතු වෙලා කරපු ලස්සන වැඩක්. මේ චිත්‍ර­ප­ට­යට සම්බන්ධ වුණු හැමෝ­ටම තිබුණේ සාමූ­හික හැඟී­මක්. තිර පිට­ප­තක් තියෙ­නවා, ඒකට අධ්‍ය­ක්ෂ­ව­ර­යෙක් ඉන්නවා, නිෂ්පා­ද­ක­ව­ර­යෙක් ඉන්නවා, අවශ්‍ය කරන නළු නිළියෝ ටික ඉන්නවා. ඔය විදි­හට තමයි සාමා­න්‍ය­යෙන් කලා කට­යු­ත්තක් කෙරෙන්නේ. මේ චිත්‍ර­ප­ටය ඉන් ඔබ්බට ගිය එකක්. තිර පිට­පත ලියූ තැනේ සිට මංගල දර්ශ­නය දක්වාම තිබුණේ සාමූ­හික බවක්. හැමෝ­ටම වග­කී­මක් තිබුණා. තමන්ගේ කොටස කරලා කවු­රුත් ඉවත් වුණේ නැහැ. මෙතන හිටියේ ඔක්කොම චිත්‍ර­පට උණ තියෙන අය. ඒ සම්බ­න්ධ­යෙන් යම් කැක්කු­මක් තියෙන අය. නිර්මා­ණ­යක සාර්ථ­ක­ත්වය ඉන්නේ එත­නින්ම කිය­ලයි මට හිතෙන්නේ.


ඩිංගා මට විශේෂ වෙන්නේ මම සම්මා­න­නීය වෙන්නත් කලින් මුලින්ම වගේ රඟ­පාපු චිත්‍ර­ප­ට­යක් නිසා. ඩිලංක ඇතුළු චිත්‍ර­ප­ටයේ හැම කෙනා­ටම බෙහෙ­වින්ම ස්තුතියි මාව විශ්වාස කරලා හේෂා­නිගේ චරි­ත­යට තෝරා ගත්තට. ඩිංගා ඩිලංක රත්නා­ය­ක­ගේත් පළමු චිත්‍ර­ප­ටය. මම ඒ පසු­ත­ල­යට ගියේ රඟ­පාන්න නිළි­යක් විදි­හට විත­රක්ම නෙමෙයි. අපි ගියේ චිත්‍ර­ප­ට­යක් කරන්න. එත­කොට චිත්‍ර­ප­ටය මගේ කියන හැඟීම ඇති වෙනවා. අපි හැමෝම හිටියේ එහෙම හැඟී­මක. මම නිර්මා­ණ­ය­කට සම්බන්ධ වෙන්නෙම එහෙම හැඟී­ම­කින්.”


‘ඩිංගා’ කියන්නේ කවුද කියලා ඔයා­ල­ටත් හිතේවී. ඩිංගාට සිහි­න­යක් තියෙ­නවා කොළඹ පාර­වල් ගානේ ඇවි­දින්න, පාක් එකක වාඩි­වෙලා කතා කර කර ඉන්න, රොමෑ­න්ටික් වෙන්න ඕන. හේශානි කියන්නේ ඩිංගාට එදා දවසේ හමු­වන ගැහැනු ළමයා.


“මේ චිත්‍ර­ප­ටය ප්‍රේක්ෂ­ක­යන් නරඹා අව­සා­නයේ කති­කා­ව­තක් ඇති­වෙ­නවා නම් එයට දායක වුණු කණ්ඩා­යම විදි­හට අපි හරිම කැම­තියි.


රොමෑ­න්ටික් කියා මිනිස්සු බලා­පො­රොත්තු වෙන්නේ මොන­වාද? සම්බ­න්ධ­යක් ඇති­කර ගත්තම කොල්ලෙ­ක්ගෙන් කෙල්ලෙක් බලා­පො­රොත්තු වෙන්නේ මොන­වාද? ඒ වගේම කෙල්ලෙ­ක්ගෙන් කොල්ලෙක් බලා­පො­රොත්තු වෙන්නේ මොන­වාද? කොල්ලෝ කෙල්ලෝ ගැන හිතන්නේ මොන­වද? කෙල්ලෝ කොල්ලෝ ගැන හිතන්නේ මොන­වද? ඩිංගා වගේ අය ඉන්න­වද? එහෙම අය ඉන්න බැරිද? හේෂාවි වගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න­වද? එහෙම කෙන­කුට ඔයා කැම­තිද? ඩිංගාට අනුව නම් එය රොමෑ­න්ටික් ආද­ර­යකි. ඒ ඔහුට ඕනෑ වෙන්නේ අත්වැල් අල්ල­ගෙන පාර­වල්වල ඇවි­දින්න.


ඇත්ත­ටම අනෙක් අය ආද­රය දකින්නේ කොහො­මද? ආද­රය දැනෙන්නේ කොයි විදි­හ­ටද? මෙහිදි කතා කරන්නේ වැඩි­හිටි ආද­ර­යක් පිළි­බඳ. ඡන්ද අයි­තිය ඇති වැඩි­හි­ටි­යන්ගෙ ආද­ර­යක් පිළි­බ­ඳව. මේ අය උසස් අධ්‍යා­ප­නයේ නියැ­ළෙ­නවා වෙන්න පුළු­වන්. රැකි­යා­වක් කර­නවා වෙන්න පුළු­වන්. නිවෙසේ රැඳී ඉන්නවා වෙන්න පුළු­වන්. එවැනි ප්‍රජා­වගේ ආදර හැඟුම් රොමෑ­න්ටික් බව පිළි­බ­ඳ­වයි මෙහිදී කතා කරන්නේ . ඒ නි­සාම මේ චිත්‍ර­ප­ටය18ට වැඩි එකක්. සරල ලෙස රස විඳිය හැකි ආදර කතා­වක් ලෙසයි මෙය ප්‍රේක්ෂ­ක­යාට තිළිණ වන්නේ. ලොව බිහිවූ අති­ශය දැවැන්ත නිර්මා­ණ­වල වගේම අසා­ර්ථක වුණු නිර්මා­ණ­වල පවා ආදරේ ගැන ඕනෑ තරම් කතා කර ඇති.


මේ චිත්‍ර­ප­ටයේ ආද­රය කරන කෙනාට ගොඩක් දේවල් නැහැ. වීර­යෙක් නෙවෙයි. දුර්ව­ල­කම්, නැති බැරි­කම් තියෙ­නවා. අපි පිරි­මි­යෙ­ක්ගෙන්, ඔතෑ­නි­බ­වක්, ළඳ බොළ­ඳ­ක­මක්, අහිං­ස­ක­ක­මක් කෙසේ­වත්ම බලා­පො­රොත්තු වෙන්නෙ නැහැනේ.”


තමන්ට දැනෙන ආද­රය කියා­ගන්න බැරි, ඒ නිසාම ඒ ආද­රය විඳ­ගන්න බැරි පිරි­මිත් මේ සමා­ජයේ ඉන්නවා නේද කියලා මේ චිත්‍ර­ප­ටය බලද්දි දැනෙ­නවා.


ආද­රය කියන දේ ඇතුළේ පෞරු­ෂය පිළි­බඳ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, ආග­මික ප්‍රශ්න, භාෂාවේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න පවා අදාළ වෙන්න පුළු­වන්. මේ චිත්‍ර­ප­ටය ගලා­ගෙන යද්දි හරි වැරැද්ද පිළි­බ­ඳව ප්‍රශ්න පවා මතු­වෙ­නවා.


“පිළි­වෙළින් ගත්තම වේදි­කාවේ, සින­මාවේ, ⁣පුංචි තිරයේ යනාදි ලෙස නිර්මා­ණ­ව­ලට සම්බන්ධ වෙද්දි ලැබූ අත්දැ­කීම්ම හැදැ­රීම් බවට පත්වෙ­නවා. තාක්ෂ­ණික අතින් ගත්විට මේවා එකි­නෙ­කට වෙනස්. ඒ වෙනස අත්වි­ඳි­න්නට නම් නිර්මා­ණ­ව­ලට සම්බන්ධ විය යුතු­මයි. ඉව­ර­යක් නැති­වම තව­මත් ඒ වෙනස අත් විඳි­නවා. රඟ­පෑම කියන දේ තවත් හොඳින් කරන්න අවශ්‍ය ගූණාංග සපු­රා­ලී­ම­ටයි මම වැඩිම කාල­යක් යොද­වන්නේ. මේ දේ මට වැඩිය හොඳ­ටම කරන අයව ආශ්‍රය කරන්න, පොත­පත කිය­වන්න, වෙනත් විෂ­ය­යන් කිය­වන්න විශේ­ෂ­යෙන්ම, දර්ශ­නය, සමාජ විද්‍යාව වගේ විවිධ ආගම්, විවිධ රට­වල් විවිධ භාෂා­වන් පිළි­බඳ ලබන දැනුම හරිම වැද­ගත්. ලංකාවේ නාට්‍ය­ක­රු­වන්ගේ නාට්‍ය පිට­පත් සොයා­ගෙන කිය­වන්නේ නම් මනා දැනු­මක් ලබා­ගත හැකි වේවී.”


ඇගේ සැමියා නලින් ලුසේනා තිල­ක්ෂිණි මෙන්ම කණ්ඩා­යම් හැඟී­මෙන් කලා කට­යු­තු­වල නියැ­ළෙන කෙනෙකි.


“වේදි­කා­වට පා තැබූ දවසේ ඉඳන්ම වගේ මම නලින් ලුසේ­නාව දන්නවා. අපි හොඳ යාළුවෝ විදි­හට තමයි හිටියේ. පස්සේ කාලෙ­කදී තමයි එය ආදර සබ­ඳ­තා­ව­කට පෙර­ළුණේ.”


තිල­ක්ෂණි එක්වූ පාලිත පෙරේ­රාගේ ‘මායා බෝංචි’ චිත්‍ර­ප­ටය ඉදි­රි­යේදී තිර­ගත වීමට නිය­මි­තයි. “.හරිම ලස්සන කතා­වක්. හරිම ආසා­වෙන් කරපු චිත්‍ර­ප­ට­යක්. දරු­වන් හරිම ආසා­වෙන් නර­ඹාවී. තවත් ටෙලි­නා­ට්‍ය­යක වැඩ කෙරෙ­මින් පව­ති­නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post