තාම ගමන පටන් ගත්තා විත­රයි-සංජානා නෙත්මිණි

gossiplanka image 1
 


සංජානා නෙත්මිණි කියන්නේ දක්ෂ නැඟී එන ජන­ප්‍රිය රංගන ශිල්පි­නි­යකි, මෝස්තර නිරූ­පි­කා­වක්. පුංචි තිරය හරහා ප්‍රේක්ෂ­ක­යින් අත­රට ආ සංජානා නෙත්මිණි දැන් මඟ බලන් ඉන්නේ රිදී තිරය හරහා ප්‍රේක්ෂ­ක­යින් අත­රට එන්න. ඒ අසංක සාය­ක්කාර කුලුඳුල් සිනමා නිර්මා­ණය වන කොටු හරහා.


මුලින්ම සංජානා ගැන විස්තර කරොත්


මගේ නම සංජානා නෙත්මිණි. මම ඉන්නේ සීදුව ප්‍රදේ­ශයේ. මම පාසල් ගියේ මීග­මුව Newsted Girls’ College එකට. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි, නංගියි, මල්ලියි.


කොහො­මද කලා­වට සම්බන්ධ වෙන්නෙ?


කලා­වට එන්න මගේ කිසිම අද­හ­සක් තිබුණේ නැහැ. හැබැයි මගේ අම්මා ආස කළා මම කලා­වට එනවා දකින්න. මම කලා­වට එන්න කලින් නිරූ­පණ ශිල්පි­නි­යක්. මම ලංකාව නියෝ­ජ­නය කරලා මිස් ටීන් ඉන්ටර් නැෂ­නල් පැජන්ට් එක­ටත් සහ­භාගී වෙලා තියෙ­නවා.


මොකක්ද මුල්ම නිර්මා­ණය?


මගේ මුල්ම ටෙලි නිර්මා­ණය වෙන්නේ අසංක සාය­ක්කාර අයි­යාගේ සින්ටෝ ටෙලි නිර්මා­ණය. ඒක මගේ ජීවිතේ එක හැර­වුම් ලක්ෂ­්‍යක් වෙනවා. එතැ­නදී සාය­ක්කාර අයියා කිව්වා දුඹුරු හම තියෙන අය දාලා අපේ අලුත් වැඩක් වෙනවා. ඒකට ඔඩි­ෂන් තියෙ­නවා. ඇවිත් බලන්න කියලා. මම ඒ ආරා­ධ­නාව සතු­ටින් භාර ගත්තා. මම ඔඩි­ෂන් එකට සාර්ථ­කව මුහුණ දුන්නා. ඒ නිසා මට ඒ අලුත් වැඩේ ප්‍රධාන චරි­තය ලැබුණා. ඒ නාට්‍යය තමයි ‘ඇයි අපි සුදුද ?‘. ඒක තමයි මම ප්‍රධාන චරි­ත­යක් කළ පළමු නාට්‍යය. එහි මගේ චරි­තයේ නම වුණෙත් සංජානා. ඉසු­රංග එක්ක තමයි රඟ­පෑවේ.


නිරූ­පණ ශිල්පි­නි­යක් වෙන්න හිතුවෙ ඇයි?


මම පොඩි කාලේ ඉඳන්ම ලස්ස­නට අදින්න ආසයි. ෆැෂන් කරන්න ආසයි. මේකප් කරන්න ආසයි. ඒ නිසා ආසා­වක් ඇති වුණා ඒ පැත්තෙන් යන්න. දව­සක් මම දැක්කා මිස් ටීන් ශ්‍රී ලංකා තර­ග­යට ඔඩි­ෂන් තියෙ­නවා කියලා දැන්වී­මක්. ඒකට ඇප්ලයි කරලා ඔඩි­ෂන් ගිහින් තේරිලා එකේ අව­සන් තර­ගය වෙන­කම් ආවා. ඊට පස්සේ 2024 දී මිස් ටීන් ශ්‍රී ලංකා විදි­යට ජය­ග්‍ර­හ­ණය කළා. ඊට පස්සේ ලංකාව නියෝ­ජ­නය කරලා ජාත්‍ය­න්තර තරඟවලට සහ­භාගි වුණා.


මේ දින­වල පුංචි තිරෙන් දකින්න ලැබෙන නිර්මාණ මොන­වද?


මේ දවස්වල නම් ටෙලි නිර්මාණ අලු­තින් භාර ගත්තේ නැහැ. වැඩි කාල­යක් දුන්නේ ‘කොටු‘ සිනමා නිර්මා­ණ­යට. ඉදි­රි­යේදී වෙනස් විදියේ අලුත් වැඩවලින් ප්‍රේක්ෂ­ක­යින් අත­රට එන්න ආසා­වෙන් ඉන්නවා.


ඔබ සින­මා­වට එන්නෙ කොටු හරහා නේද?


ඔව්. කොටු හරහා තමයි මම සින­මා­වට එන්නේ.


කොටු චිත්‍ර­ප­ට­යට ආරා­ධනා ලැබු­ණම මොකද හිතුණේ?


මම කොටු ටෙලි නිර්මා­ණ­යට රංග­න­යෙන් දායක වූ කෙනෙක් නෙවෙයි. ඇත්තම කිව්වොත් මම කොටු ප්‍රේක්ෂි­කා­වක්. මොකද ඒක සාය­ක්කාර අයි­යාගේ වැඩක් සහ අපේම සහෝ­දර ශිල්පීන් ඉන්න නිසා. මටත් පොඩි ආසා­වක් තිබුණා මටත් මේකේ පොඩි හරි චරි­ත­යක් කරන්න තිබුණා නම් කියලා. එක දව­සක් සාය­ක්කාර අයියා කතා කරලා කිව්වා නංගි කොටු නාට්‍යය හරහා සිනමා නිර්මා­ණ­යක් එනවා එකේ චරි­ත­යක් තියෙ­නවා කරමු ද කියලා. මම හරිම සතු­ටින් භාර ගත්තා. එ් වන විට මගේ හිත ඇතුළේ තිබුණු බලා­පො­රො­ත්තු­වක් නිසා. මට ලැබුණේ කොටු සිනමා නිර්මා­ණයේ ප්‍රධාන චරි­ත­යක්. මට අභි­යෝ­ග­යක් වුණු චරි­ත­යක් මට ලැබුණේ. මට තිබුණේ ද්‍රවිඩ ගැහැනු ළම­යෙක්ගේ චරි­ත­යක්. ඒ කතා විලා­ශ­යත් වෙනස්.


රංගන­යේදි පනවා ගත් සීමා­වන් තියේද?


එහෙම විශේ­ෂ­යෙන් කියලා සීමා­වන් නැහැ. මට මම වෙලා රංග­න­යේදී මගේ හෘද සාක්ෂි­යට එක­ඟව කරන්න පුළු­වන් දේවල් මම කර­නවා. ඒ වගේම හෘද සාක්ෂි­යට එක­ඟව කරන්න බැරි දේවල් මම කරන්නේ නැහැ.


මේ ගමන එන්න ගෙද­රින් ලැබෙන සහ­යෝ­ගය කොහො­මද?


අම්මා, තාත්තා, නංගි, මල්ලි ඒ හැමෝ­ගෙන්ම ලොකු සහ­යෝ­ග­යක් ලැබෙ­නවා. මගේ හැම ගම­න­ක­දීම අම්මා මා එක්ක ඉන්නවා. අම්මගේ ආර­ක්ෂා­වත් එක්ක ලොකු ගම­නක් යන්න පුළු­වන් කියලා මට දැනෙ­නවා.


ප්‍රේක්ෂක ආද­රේට කියන්න දෙයක් ඇති නේද?


මේ ගමන පටන් ගත්ත දවසේ ඉඳන් මා එක්ක ප්‍රේක්ෂක පිරි­සක් මා වටා ඉන්නවා. ඒ අය නිසා තමයි අද මම මෙතන ඉන්නේ. හැම­දාම මා එක්ක ඉන්න ඉදි­රි­යේදී ලස්සන නිර්මාණ ටිකක් බලා­ගන්න පුළු­වන්.


අනා­ගත බලා­පො­රොත්තු මොන­වාද?


මම තාම මේ ගමන පටන් ගත්තා විත­රයි. තාම මට වයස අවු­රුදු 19යි. ඉදි­රි­යේදී තෝරා බේරා­ගෙන ලස්සන ගම­නක් යන්න බලා­පො­රොත්තු වෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post