දශක පහක් තිස්සේ ප්‍රේක්ෂ­ක­යන් පින­වන මෙලනි අශෝකා

gossiplanka image 1
 


වේදි­කා­වෙන් ඇර­ඹුණු ඒ කලා ගමන අද පුංචි තිරය, සින­මාව, ගුව­න්වි­දු­ලිය, හඬ­කැ­වීම්, ලේඛ­නය සහ අධ්‍ය­ක්ෂ­ණය දක්වා විහිදී ගොසිනි. දශක ගණ­නා­වක් පුරා විවිධ චරි­ත­ව­ලට ජීවය දෙමින්, වච­න­ව­ලට හඬක් එක් කර­මින්, අකුරු අත­රින් අලුත් ලෝක මව­මින් ඇය තව­මත් කලාවේ සක්‍රි­යව කට­යුතු කරයි. කෙටි­යෙන්ම කිව්වොත් ඇය මෙලනි අශෝකා ය.


“මගේ නම සේම­සිංහ වන්නි­නා­යක මුදි­ය­න්සේ­ලාගේ මෙලනි අශෝකා නම­ඩ­වැව. මගේ අම්මා, තාත්තා සහ මහ­ත්මයා අද ජීව­තුන් අතර නැහැ. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. මගේ පාසල කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යා­ලය. මගේ ජීවි­තයේ කලා ගමන ආරම්භ වුණේ පාසල් කාල­යේ­දී­මයි.


මගේ පාසල් කාල­යේ­දීම රංග­න­යට අව­ස්ථාව ලැබුණා. ඒ කාලයේ විනී රංවල මහ­තාගේ එළි­ම­හන් නාට්‍ය­වල රඟ­පා­න්නත් මට හැකි වුණා. මගේ පාසලේ විදු­හ­ල්ප­ති­නිය ලෙස කට­යුතු කළේ කුසුමා වැලි­කල මහ­ත්මි­යයි. එතු­මි­යගේ ස්වාමි­පු­රු­ෂයා වූ පී. වැලි­කල මහතා ගුව­න්වි­දුලි නාට්‍ය­යක් ඇසු­රින් ‘මං කොම­සා­රිස්’ නමින් වේදිකා නාට්‍ය­යක් නිර්මා­ණය කළා. මට ඒ නාට්‍ය යේ රඟ­පාන්න අව­ස්ථාව ලැබුණා.“


පාස­ලෙන් ලැබුණු ඒ අත්දැ­කීම් ඇයට කලාව පිළි­බඳ වූ උන­න්දුව තව­දු­ර­ටත් වර්ධ­නය කර ගැනී­මට මඟ පෑදීය. පාසල් වේදි­කා­වෙන් ඇර­ඹුණු ඇගේ ගමන පසුව ගුව­න්වි­දු­ලි­ය­ටත්, එතැ­නින් ප්‍රසිද්ධ වේදි­කා­ව­ටත් විහිදී ගියේය.


1976 නොවැ­ම්බර් 14 වැනිදා ඇගේ කලා ජීවි­තයේ අම­තක නොවන දින­යකි. එදින ලුම්බිණි රඟ­හ­ලේදී වේදි­කා­ගත වූ ‘සැලීනා’ නාට්‍යය ඔස්සේ ඇය ප්‍රසිද්ධ වේදි­කා­වට පිවි­සි­යාය. එහිදී ඇය නිරූ­ප­ණය කළේ ‘කැත­රින්’ නම් විප්ල­වීය චරි­ත­යයි.


“‘සැලීනා’ නාට්‍ය­යෙන් තමයි මම ප්‍රසිද්ධ වේදි­කා­වට ආවේ. එතැ­නින් පටන් ගත්ත ගම­නේදී ‘කත­ර­ගම රූම­තිය, බීරි අලි, සිකි­යු­රිටි සින්න තම්බි, චෙරියෝ සාජන්ට්, ඩොක්ටර් චිකාගෝ වැනි වේදිකා නාට්‍ය රැසක රඟ­පාන්න අව­ස්ථාව ලැබුණා.”


එකම චරි­ත­ය­කට සීමා නොවී විවිධ චරිත ඔස්සේ තම රංගන හැකි­යාව ප්‍රකාශ කිරී­මට ඇයට ලැබුණු ඒ අවස්ථා, ඇගේ කලා ජීවි­තය වඩාත් පුළුල් කළේය. රූප­වා­හි­නිය ශ්‍රී ලාංකික ජන ජීවි­ත­යට සමීප වීමත් සමඟ කලා­ක­රු­වන්ට නව මාධ්‍ය­ය­කින් ප්‍රේක්ෂ­ක­යන් හමු­වී­මට අව­ස්ථාව උදා විය. මෙල­නිට ද වේදිකා නාට්‍ය­යෙන් ඔබ්බට ගොස් රූප­වා­හිනී රංග­න­යට පිවි­සී­මට අව­ස්ථාව ලැබිණි. ‘මන­මා­ලයෝ’ වේදිකා නාට්‍යය ස්වාධීන රූප­වා­හි­නිය ඔස්සේ ටෙලි­නා­ට්‍ය­යක් ලෙස ඉදි­රි­පත් වූ අව­ස්ථා­වේදී ඇය එහි රඟ­පෑ­වාය. වේදි­කා­වේ­දීත්, රූප­වා­හි­නී­යේ­දීත් එකම නිර්මා­ණයේ රඟ­පෑ­මට ලැබීම ඇගේ කලා ජීවි­තයේ සුවි­ශේෂී අත්දැ­කී­මකි. එහිදී ඇය නිරූ­ප­ණය කළේ ‘රූපා’ නම් චරි­ත­යයි.


“මගේ ටෙලි­නාට්‍ය රංගන ගමනේ ආර­ම්භය ලෙස සිහි­පත් කරන්නේ 1980 වසරේ ‘වෙස් බැඳුම’ ටෙලි­නා­ට්‍ය­යයි. ඉන් පසුව ටෙලි­නාට්‍ය විශාල ප්‍රමා­ණ­ය­කට සම්බන්ධ වෙන්න මට හැකි වුණා.”


‘අමිල සෙනෙ­හස, වන­ව­දුලේ වස­න්තය, ස්වර්ණ­ති­ස­රාවී, ඉර බටු තරුව, මහ ගෙදර, සබඳ පබි­ලිස්, බබා­නිස්, මායා­රත්න, ආද­ර­ව­න්තයෝ, දියණි සහ නෙළු­නිකා, කියා­දෙන්න ආදරේ තරම්, කීටයා සහ මායාවී’ ඇතුළු ටෙලි­නාට්‍ය රැසක ඇය රංග­න­යෙන් දායක වී තිබේ. ඒ සෑම නිර්මා­ණ­යක් තුළම තමන්ට පැව­රුණු චරි­තය වෙනු­වෙන් කැප­වී­මෙන් කට­යුතු කිරීම ඇගේ රංගන ජීවි­තයේ කැපී පෙනෙන ලක්ෂ­ණ­යකි.


ටෙලි­නා­ට්‍ය­යෙන් පම­ණක් නොනැ­ව­තුණු ඇය සින­මා­වට ද පිවි­සි­යාය. විශේ­ෂ­ත්වය වන්නේ සිනමා රංගන ජීවි­තය ආර­ම්භ­යේ­දීම ප්‍රධාන චරි­ත­ය­කට පණ පෙවී­මට අව­ස්ථාව ලැබී­මයි.


“‘සම්බුදු මහිම’ චිත්‍ර­ප­ටයේ ප්‍රධාන චරි­තය රඟ­පා­මින් තමයි මම සින­මා­වට පිවි­සුණේ. ඊට පස්සේ ‘යුධ ගිනි මැද, ජොලි හලෝ, නුඹ නාඩන් අපට පිස්සු, ඩබල් ගේම්, මිහි­ඳුම් වස­න්තය’ වැනි චිත්‍ර­ප­ට­ව­ල­ටත් සම්බන්ධ වුණා. චිත්‍ර­පට විස්සක පමණ අද වන විට රඟපා තියෙ­නවා.”


වේදි­කාව, පුංචි තිරය සහ සින­මාව යන මාධ්‍ය තුනෙ­හිම අත්දැ­කීම් ලබ­මින් ඇය ගොඩ­නඟා ගත් කලා ජීවි­තය, එක් මාධ්‍ය­ය­කට පම­ණක් සීමා නොවූ ප්‍රති­භා­වක සාක්ෂි­යකි. මෙල­නිගේ කලා ජීවි­තයේ තවත් වැද­ගත් පරි­ච්ඡේ­ද­යක් වන්නේ හඬ­කැ­වීම් කලා­වයි. ජාතික රූප­වා­හි­නියේ‘මල්ගුඩි දවස, අනූ­පමා, ඔෂින්, එදා, රොබි­න්සන් අන්ද­රය, මෙදා’ වැනි නිර්මා­ණ­ව­ලට හඬ­කැ­වීම් ශිල්පිනි­යක ලෙස සිය හැකි­යා­වන් පෙන්නු­වාය. ඒ සඳහා ඇයට මඟ පෙන්වූයේ අතුල රන්සි­රි­ලාල්ය.


“මම හැම­දාම කළේ මට සුදු­සුයි කියලා හැඟෙන චරිත විත­රයි. මට අන­ව­ශ්‍යයි කියලා හිතෙන චරිත කරන්න ගියේ නැහැ. ඒ වගේම මම එකම චරි­ත­ය­කට කොටු වෙලා හිටි­යෙත් නැහැ. අවු­රුදු ගාණ­කට සැර­යක් හරි හාස්‍යෝ­ත්පා­දක චරි­ත­යක් කරන්න හරිම කැම­තියි. රඟ­පෑ­මට අම­ත­රව


මම පොත් දෙකක් ලියලා තිබෙ­නවා. ඒ තමයි ‘සිංහල නෑයා’ කියන කෙටි­කතා සංග්‍ර­හය සහ ‘සොල්දා­දු­වාගේ ප්‍රේමය’ කියන නව­ක­තාව. ඉදි­රි­යේදී තවත් පොත් දෙකක් එළි­ද­ක්වන්න බලා­පො­රො­ත්තු­වෙන් ඉන්නවා.”


ඇගේ කෙටි­ක­තා­වක් ඇසු­රින් නිර්මා­ණය කළ ‘සිලි­න්සීයා’ ඒකාං­ගික නාට්‍යය ද, ඇය නිර්මා­ණය කළ ‘භව තිමිර’ ටෙලි­නා­ට්‍යය ද ජාතික හා ස්වාධීන රූප­වා­හිනී නාළිකා ඔස්සේ විකා­ශය වී තිබේ.


කලා ක්ෂේත්‍රයේ දීර්ඝ අත්දැ­කීම් ලබන ඇය අද තමන් සතු දැනුම ඊළඟ පර­ම්ප­රාව වෙත ලබා දීමට ද කැපවී සිටි­න්නීය. නාට්‍ය හා රංග කලාව මෙන්ම නිවේ­ද­නය පිළි­බ­ඳව ද ඇය ඉගැ­න්වීම් කට­යුතු සිදු කරයි. ලේක්හ­වුස් මාධ්‍ය ආය­ත­නයේ ආරා­ධිත දේශ­ක­ව­රි­යක ලෙස කට­යුතු කිරීම ද ඇගේ වෘත්තීය ජීවි­තයේ වැද­ගත් අංග­යකි.


“අපිට ඒ කාලයේ හොඳ ගුරු ඇසු­රක් ලැබුණා. ඒ ඇසුර තමයි අපිට අද මෙතැ­නට එන්න අව­ස්ථාව සැල­සුවේ. අද තරුණ පර­ම්ප­රාව සමඟ වැඩ කරද්දී ඉව­සී­මෙන්, ආද­ර­යෙන් සහ නිවැ­රදි මඟ පෙන්ව­මින් කට­යුතු කරන්න ඕනෑ. මම ඔවුන් සමඟ එක්ව වැඩ කරන්න හරිම කැම­තියි. එහෙම කට­යුතු කරද්දී යහ­පත් සිතු­විලි නිරා­යා­ස­යෙන්ම ගොඩ­නැ­ගෙ­නවා.


ඕනෑම කෙන­කුට තමන්ගේ ගමන යද්දී බාධක සහ අව­හි­රතා එන්න පුළු­වන්. නමුත් අපි යම් දෙයක නිරත වෙනවා නම් ඒ බාධක දිහා බලා­ගෙන ඉන්න වෙලා­වක් නැහැ. මට කවුද බාධා කරන්නේ, මං ගැන මොන­වද කියන්නේ කියන දේවල් දිහා බලා­ගෙන මම කාලය ගත කළේ නැහැ. කාලය කළ­ම­නා­ක­ර­ණය කර­ගෙන ඒ හැම දෙයක්ම ජය­ගෙන ඉදි­රි­යට ගියා.”


ඉදි­රි­යේදී වේදිකා නාට්‍ය­යක් තම ප්‍රේක්ෂ­ක­යන් වෙත ගෙන ඒම­ටත් ඇය බලා­පො­රොත්තු වෙයි. එමෙන්ම ලේඛන කට­යුතු සඳහා වැඩි කාල­යක් වෙන් කර ගැනී­මට ද ඇය අපේක්ෂා කරයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post