1. රශීගේ සිනමා ජීවිතය ආරම්භ වුනේ කොහොමද ?
රංගනයට ඇවිත් වේදිකා නාට්ය නිලියක්, ටෙලිනාට්ය නිලියක් විදිහට වැඩ කරන අතරතුරේදි මට තිබුන බලාපොරොත්තුව තමයි සිනමාවට පිවිසිලා රිදී තිරයෙන් මගේ හැකියාව රසිකයන්ට පෙන්නන්න. ඉතින් මගේ බලාපොරොත්තුව සැබෑ කරගනිමින් නිමි චිත්රපටයෙන් 2022 වසරේදි මම සිනමාවට පිවිසුනා. නිමි චිත්රපටයෙන් පස්සෙ 2024 දි විසල් ආදරය චිත්රපටයෙනුත් රසිකයො අතරට මම ආවා. මේ දිනවල තිරගතවන මගේ තුන්වෙනි චිත්රපටය අහස තරම් තුළින් නැවතත් මම ආපහු සිනමාවෙන් රසිකයො අතරට ඇවිත් ඉන්නවා.
2. සිනමාවේ රගපෑම වෙනුවෙන් රශීට Derana Lux Film Awards 2025 උළෙලේ හොදම නිලියට හිමි සම්මානය ලැබුනා නේද ?
ඔව්. රංගන ක්ෂේත්රයට පිවිසෙන නිලියන් අතරින් ගොඩක් දෙනෙකු ජනප්රිය නිලිය විදිහට සම්මානයෙන් පිදුම් ලබන්න හීන මැව්වට මම හීන මැව්වෙ කවදාහරි හොදම නිලිය විදිහට සම්මානයෙන් පිදුම් ලබන්න. නමුත් මට ඒ හීනය සැබෑ කරගන්න රංගන ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 13 ක් ගියා. පහුගිය අවුරුදු 13 ක කාලය ඇතුලත මම විවිද සම්මාන උළෙලවල්වල විවිද සම්මාන සදහා නිර්දේශ වුනත් කවදාවත් සම්මානයක් හිමිවුනේ නැහැ. ඒ ගැන දුක්වෙන්නෙ නැතුව දිගටම රංගන ක්ෂේත්රයේ වැඩකරගෙන යනකොට වාසව බදුගේ අධ්යක්ෂණය කරපු විසල් ආදරය චිත්රපටයේ තාදිගේ චරිතය හරහා මට ප්රබල රංගනයක් ඉදිරිපත් කරන්න හැකි වුනා. විසල් ආදරේ තාදිගේ චරිතය වෙනුවෙන් මම ඉදිරිපත් කරපු රංගනය තමයි Derana Lux Film Awards 2025 උළෙලේ ජූරිය විසින් විනිශ්චයට ලක්කරලා හොදම නිලියට හිමි සම්මානය මට ලබා දුන්නෙ.
ඉතින් අවුරුදු 13 ක් ඉවසීමෙන්, කැපවීමෙන් සහ උත්සාහයෙන් සියලු දේවල් දරාගෙන රංගන ක්ෂේත්රය තුළ ආපු ගමනේදි වසරේ හොදම නිලිය විදිහට සම්මානයෙන් පිදුම් ලැබීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.
3. මේ දිනවල තිරගතවන රශීගේ අලුත්ම චිත්රපටය අහස තරම් මොනවිදිහෙ චිත්රපටයක්ද ?
"අහස තරම්" හැමෝටම රසවිදින්න පුළුවන් පවුලේ චිත්රපටයක් විදිහට හදුන්වන්න මම කැමතියි. අපිට පවුලෙ අය එක්ක තියන බැදීම, යාළුවො එක්ක තියන බැදීම, ආදරය කරන කෙනා එක්ක තියන බැදීම ගැන සහ ජීවිතයේ දකින සිහින වෙනුනේ ආදරය කරන අයව අතහැරීම ගැන අහස තරම් චිත්රපටයෙන් කියනවා.
4. සිහින වෙනුවෙන් ආදරය අත්හැරීම ආදරයට කරන අසාධාරණයක් නෙමෙයිද ?
අනාගතයේ හොද ජීවිතයක් ගෙවන්න නම් සිහින ජයගන්න අපි ආදරය කරන කෙනාට ඉඩදෙන්න ඕන සහ තමනුත් එයාගේ ජීවිතයට ගැලපෙන විදිහට ජීවිතය ගොඩනගාගන්න ඕන කියලා මම හිතනවා. එහෙම කරන්න බැරි නම් වෙන්වෙනඑක තමයි හොදම දේ. කොහොම වුනත් සිහින වෙනුවෙන් ආදරය අත්හැරීම ආදරයට කරන අසාධාරණයක්ද නැද්ද කියලා තීරණය කරන්න අහස තරම් නරඹන ප්රේක්ෂකයාට අපි ඉඩ දෙමු.
5. අහස තරමි චිත්රපටයේදි රශීගේ පෙම්වතා වෙන්නෙ රිද්ම වීරවර්ධන නේද ?
ඔව්. රිද්මව මම කාලයක් තිස්සෙ හොදින් අදුරන යාළුවෙක්. හැබැයි අපි දෙන්නා මීට කලින් එකට වැඩකරලා නැහැ. අහස තරම් චිත්රපටයේ මගේ පෙම්වතා විදිහට රිද්ම එක්ක රගපාන්න ලැබුන අත්දැකීමෙන් අපි දෙන්නා අතර තියන යාළුකම තවත් වැඩිවුණා.
6. රිද්ම එක්ක අහස තරම් චිත්රපටයේදි රගපාන්න තියනවා කියලා දැනගත්තම රශීගේ අදහස වුනේ මොකක්ද ?
අහස තරම් චිත්රපටයේ අහස් තරුණ ගායනශිල්පියෙක්. ඉතින් රිද්මත් ගායනශිල්පියෙක් නිසා අහස්ගේ චරිතයට රිද්මව හොදින් ගැලපෙනවා කියලා මට හිතුනා. රිද්ම රංගනය හදාරලා රංගනය ගැන යම්තාක් දුරකට අත්දැකීම් තියන කෙනෙක්. ඒ නිසා අහස්ගේ චරිතය රිද්ම සාර්ථකව රගපායි කියලත් මට විශ්වාසයක් තිබුනා.
7. රිද්ම එක්ක ආදරේ කලේ කොහොමද ?
සැබෑ ජීවිතයේදි රිද්මයි මායි bro ලෙවල් එකට ඉන්නෙ. අපි දෙන්නා නටන පිස්සු දිහා බලලා අහස තරමි චිත්රපටයේ අධ්යයක්ෂක ප්රසාදි අබේගුණවර්ධන බය වුණා චිත්රපටයේදි ආදර ජවනිකා අපිට කරන්න පුළුවන් වෙයිද කියලා. හැබැයි රිද්මයි මායි කතාකරගෙන romantic විදිහට ආදර ජවනිකා රගපෑවා. සැබෑ ජීවිතයේදි කරට අත දාගෙන අපි දෙන්නා bro ලෙවල් එකේ හිටියට චිත්රපටය නරඹන රසිකයො අපිට කියන්නෙ ඇත්තටම අපි දෙන්නව දැනෙන්නෙ couple එකක් විදිහට කියලා.
8. අහස තරම් චිත්රපටයේදි රශීට විශේෂයෙන් දැනුන අත්දැකීම් මොනවද ?
අහස තරම් චිත්රපටයේදි රිද්මට කෙසෙල් කැනක් උස්සගෙන යන්න තිබුනා. මේ ජවනිකාව රූගත කරනකොට රිද්ම අපිට කිව්වෙ මීට කලින් එයා කෙසෙල් කැනකට අතවත් තියලා නැහැ කියලා. ඉතින් අපි හරි ආසාවෙන් බලාගෙන හිටියා රිද්ම කෙසෙල් කැන උස්සගෙන යන්නෙ කොහොමද කියලා දකින්න. හිතපු විදිහටම රිද්ම කෙසෙල් කැන උස්සගෙනයන විදිහ දැකලා දර්ශන තලයේ හිටපු අපි ඔක්කොටම හිනා ගියා. ඒ විදිහෙ අත්දැකීම් ගොඩක් එක්ක නිර්මාණය කරපු ලස්සන චිත්රපටයක් තමයි අහස තරම් කියන්නෙ.
9. විදේශ ගතවෙලා හිටපු රශී ලංකාවට ආවෙ අහස තරම් මංගල දර්ශනය වෙනුවෙන් කියලා ආරංචියි...
ඔව්. මගේ අලුත්ම ටෙලිනාට්යයේ රූගතකිරීම් වලට පහුගිය දවස්වල මම ඩුබායි ගිහින් හිටියෙ. රූගතකිරීම් තවත් කරන්න ඉතුරුව තියෙද්දි තමයි අහස තරම් මංගල දර්ශනය වෙනුවෙන් පහුගියදා මම ලංකාවට ආවෙ.
10. අහස තරම් චිත්රපටයේදි රශී රගපාන්නෙ රංගනයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවන තරුණියකගේ චරිතයක්. රශීගේ ජීවිතයට මේ චරිතයෙ සම්බන්ධයක් තියනවද ?
අහස තරම් චිත්රපටයේ තාරුකා වගේම රංගනයෙන් ඉහලට යන්න හීනයක් මටත් තිබුනා. වේදිකාවෙන් ටෙලිනාට්ය ක්ෂේත්රයටත් ටෙලිනාට්ය ක්ෂේත්රයෙන් සිනමා ක්ෂේත්රයටත් හෙමින් හෙමින් ඇවිත් රංගන හීනෙ මම සැබෑ කරගත්තා. ඉතින් මම වගේම රංගන ක්ෂේත්රයේ ඉහලට ගිහින් ජාත්යයන්තරය දිනන්න උත්සාහ කරන රංගනශිල්පිනියකගේ චරිතයක් අහස තරම් චිත්රපටයේ රගපාන්න ලැබීම ගැන මම සතුටු වෙනවා.
11. මේ දවස්වල පුංචි තිරයෙනුත් රශීව දකින්න පුළුවන් නේද ?
ඔව්. මම මේ දවස්වල අස්වැන්න, අමුතු සංක්රාන්තිය, එයත් ලස්සනයි ටෙලිනාට්ය වලින් රසිකයො අතරට එනවා. මේ ටෙලිනාට්යය තුනෙන්ම රශිප්රභාව දකින්න හම්බවෙන්නෙ නැති එකිනෙකට වෙනස් චරිත වලිනුයි රසිකයො අතරට මම එන්නෙ.
12. සාර්ථක නිලියක් වෙන්න රශීට පුළුවන් වුනේ කොහොමද ?
රංගන හැකියාව ගොඩනගැනීම තුළිනුයි මට සාර්ථක නිලියක් වෙන්න පුළුවන් වුනේ. රගපානවා කියන්නෙ දෙබස් එක්ක හැගීම් ප්රකාශ කිරීම විතරක් නෙමෙයි කියලයි මම විශ්වාස කරන්නෙ. චරිතය ජීවත්වෙන සමාජ වටපිටාව, චරිතයේ අභ්යන්තරය, චරිතය කලින් විදපු අත්දැකීම්, වර්තමානයේදි චරිතයේ සිතුවිලි ඇතුළු චරිතය ගැන සියලු දේවල් ප්රකාශ වෙනවිදිහට රගපෑම තුළිනුයි මම සාර්ථක රංගනශිල්පිනියක් වෙලා ඉන්නෙ. රංගන ක්ෂේත්රය තුළ මේ ආපු කාලෙදි කාවවත් ඉස්සර කරන්නවත් කාත් එක්කවත් සංසන්දය වෙන්නවත් මට ඕන වුනේ නැහැ. ක්ෂේත්රය තුළ රශිප්රභා සන්දීපනී නමින් මටම වෙන්වුන තැනක් මගේ රංගන හැකියාවෙන් හදාගන්නයි ඕන වුනේ. ඒ දේ අද වෙද්දි මම කරලා තියනවා.
ලක්ෂාන් ජයසූරිය