කවුරු නැති වුණත් මට මං ඉන්නවා- සුජානි මධුවන්ති

gossiplanka image 1
 


විවිධ ටෙලිනාට්‍ය නිර්මාණ ඔස්සේ රංගන හැකියාවන් ප්‍රේක්ෂකයන් වෙත ගෙනඑන ඇය මේ වනවිටත් නව නිර්මාණ කීපයක් හරහා අප හමුවට පැමිණෙමින් සිටිනවා. විශේෂයෙන්ම ‘පිරිමි ළමයි’ සහ ‘කොළඹ කට්ටිය’ වැනි නිර්මාණ හරහා ඇය පිළිබඳ කතාබහක් ඇතිවී තිබෙනවා. අද ඇය සමග ඇගේ රංගන ජීවිතය, අලුත් නිර්මාණ සහ ඉදිරි කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට ‘හාට්’ අපි සුන්දර ඇයට ආරාධනා කළා. 

සුජානි මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?

මේ දවස්වල ලොකු කාර්යබහුලත්වයක් නැහැ. මොකද මේ දවස්වල මම රඟපාන විකාශය වෙන ටෙලිනාට්‍යය විදිහට තියෙන්නේ කොළඹ කට්ටිය ටෙලිනාට්‍ය විතරයි. නෝමල් එකේ වැඩකටයුතු ටික කරගෙන යනවා.

මොනවද මේ දවස්වල අලු‍ත් ආරංචි?

මේ දවස්වල අලු‍ත් නිර්මාණ දෙකකට දායක වුණා. ඉතින් ඒ නිර්මාණ දෙකෙත් වැඩ කරගෙන ‘කොළඹ කට්ටිය’ ටෙලි ඩ්‍රාමා එකෙත් වැඩ ටික කරගෙන ඉන්නවා.

මෙතෙක් ඔබ සම්බන්ධ වූ නිර්මාණ අතර කතාබහට ලක්වුණු අවස්ථාවන් ගැන කතා කළොත්?

මම හිතන්නේ ‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ දිල්හාර කියන චරිතයෙන් තමයි මම ගැන මිනිස්සු ගොඩක් කතාවෙන්න ගත්තේ. මොකද ඒ තුළ ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න වුණා ඒ දිල්හාර කියන චරිතයට. ගහගන්නවා, ගුටිකනවා, දුවනවා, කැලේ පනිනවා එක එක දේවල් ගොඩක් තිබුණා. ඉතින් ඒ ඩ්‍රාමා එකෙන් තමයි ගොඩක් ප්‍රේක්ෂකයෝ අතර මාව කතාබහකට ලක්වුණේ.

නිළියක් නිසා රූපය ගැන කොයි තරම් හිතනවාද සුජානි?

රංගන ශිල්පිනියක් විදිහට කියනවට වඩා ඕනෑම ගෑනු ළමයෙක් මම හිතන්නෙ තමන්ගෙ රූපය ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් ඒ හා සමානව මමත් ඉතින් මගේ රූපය ගැන සැලකිලිමත් වෙනවා.

ජනප්‍රිය වෙනකොට වැදෙන්නෙම මඩ. එහෙම මුහුණ දෙන්න සිදුවුණු අවස්ථා තියෙනවද?

ගොඩක් මිනිස්සු මූණට දේවල් කියන්නේ නෑ. සෝෂල් මීඩියාවලින් තමයි මොකක් හරි දෙයක්, කමෙන්ට් එකක් දකින්න ලැබෙන්නේ. ඒකත් ඉතින් ෆේක් එකවුන්ට් එකකින්. සාමාන්‍යයෙන් ඔරිජිනල් එකවුන්ට් එකකින් අනවශ්‍ය කමෙන්ට් එකක්වත් ලැබිලා නැහැ. හැබැයි ෆේක් එකවුන්ට්වලින් ඕනේ තරම් වැටිලා තියෙනවා. ඒවා ගණන් ගන්නේ නැහැ ඉතින්.

පළමු ටෙලිනාට්‍යයෙන්ම ඔබව ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ පැලපදියම් වුණාද?

මගේ පළමුවැනි ටෙලිනාට්‍යය ස්වර්ණවාහිනියේ විකාශය වුණු ‘කෝලම් කුට්ටම’. මම අහිංසක ගැමි චරිතයක් තමයි ඒකෙ රඟපෑවේ. ඇත්තටම ඒ ටෙලිනාට්‍යය බලපු ගොඩක් අය ඒ චරිතයට ආස වුණා. ආදරේ වුණා. ඉතින් මම හිතනවා ඒ චරිතය තුළින් මම ප්‍රේක්ෂකයන්ගේ හිත් තුළ පැලපදියම් වෙන්න පටන් ගත්තා කියලා.

සිනමා නිර්මාණවල ඔබව දැකගන්න ලැබෙන්නේ නැති තරම්…

ඇත්තටම මට එහෙම සිනමා නිර්මාණවලට නම් ආරාධනා ලැබිලා නැහැ. එකකට ආරාධනා ලැබුණා. අර මම කලින් කිව්වා වගේ කැමැති නැති චරිතයක් තමයි මට කරන්න තිබුණේ. ඉතින් මට ඒක තමයි අතාරින්න වුණු හේතුව. හැබැයි තව සිනමා නිර්මාණයක් එනවා ‘කොටු’ කියලා. ඒකෙ රූගත කිරීම් කරලා ඉවරයි. ඒක සැප්තැම්බර්වල මම හිතන්නේ සිනමා ශාලාවලට එනවා.




සුජානි සැබෑ ජීවිතයේ කොයි වගේ චරිතයක්ද?

සුජානි කියන්නේ සැබෑ ජීවිතයේ හරි සරල මනුස්සයෙක්. අනෙක් ගෑනු ළමයි වගේම සාමාන්‍ය කෙනෙක්. හැබැයි ඉතින් මම හැම වෙලාවෙම මම වෙනුවෙන් කතා කරනවා. මම වෙනුවෙන් පෙනී ඉන්නවා. මට අසාධාරණයක් වුණොත් මම එතැන කතා නොකර ඉන්නේ නැහැ. මම හැම තිස්සේම මම වෙනුවෙන් කතා කරනවා මට කවුරු නැති වුණත්. ඒ වගේම කොයි තරම් බාධක ආවත් ජීවිතය අත්හරින්නේ නැති කෙනෙක් තමයි සුජානි කියන්නේ. කොහොම හරි ගැටගහගෙන ගෙනියන්න තමයි උත්සාහ කරන්නේ.

‘පිරිමි ළමයි’ ටෙලිනාට්‍යයේ දිල්හාරාගේ චරිතයට ඔබට විවේචනත් එල්ල වුණා නේද?

ඔව්. ගොඩක් මිනිස්සුන්ගෙන් බැනුම් ඇහුවා. නමුත් ඉතිං අපි දන්නවනේ අපි චරිතයක් කරන්නේ කියලා. චරිතය වෙනුවෙන් බැණලා ඒ එන කමෙන්ට්ස් හරිම ආදරයෙන් තමයි බාරගත්තේ. මොකද එතකොට මට දැනෙනවා මම ඒ චරිතේ හරියට කරලා කියලා.

‘කොළඹ කට්ටිය’ ටෙලිනාට්‍යයේ මීනු කියන්නේ ටිකක් ආත්මාර්ථකාමී, කරදරකාරී චරිතයක්?

ඇත්තටම ‘කොළඹ කට්ටිය’ එකේ මීනු කියන්නේ හරිම ආත්මාර්ථකාමී, කරදරකාරී කෙනෙක්. කරදරකාරී කියන්නේ ඒක තනිකරම එයාගේ ස්වභාවය. ඒ වගේම හෙන පුහු මාන්නයකින්, ලොකු කමකින් ඉන්න කෙනෙක්. අනිත් අයව පහත් කරලා කතා කරන කෙනෙක්. ඒ කියන්නෙ තමන්ව හෙන උසස් කියලා හිතලා අනිත් අයව පහත් කරලා කතා කරන කෙනෙක්. අලු‍ත් නිළියන්ට ඉස්සරහට යන්න දෙන්නේ නැති හරිම නපුරු චරිතයක්. ඇත්තටම මීනු කියන්නේ හරිම වාතයක්.

සුජානිගේ ජීවිතයේ මේ වෙද්දී විශේෂ කෙනෙක් ඉන්නවා කියල කතාවක් යනවා. ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන මොකද කියන්න තියෙන්නේ?

එහෙම විශේෂ කෙනෙක් නම් තාම මගේ ජීවිතයේ නැහැ.

ලස්සනට ගායනා කරන්න පුළුවන් කියලා ආරංචියි. ළඟදි සුජානිගෙම නිර්මාණයක් ඒවිද?

මගේම ගීතයක් ඉස්සරහට ගේන්න ආසාවෙන් ඉන්නවා. ඉස්සරහට අනිවාර්යයෙන්ම කරනවා. හැබැයි ළඟකදි නම් නෙමෙයි. ඒත් ඇත්තටම කවර්ස් වගයක් නම් කරලා තියෙනවා. ඒත් තාම ඒවත් අවුට් කරලා නැහැ. මොකද තාම ඕඩියෝ ට්‍රැක් විතරයි කරගෙන තියෙන්නේ. තාම වීඩියෝ පැත්ත පටන් ගෙන නැහැ. ඒ නිසා ඒවා අවුට් කරන්න බලාගෙන ඉන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post