අස්වැන්නේ දිලෝ චරි­ත­යට සාධා­ර­ණ­යක් කළා -නිල්මිණි තෙන්න­කෝන්

gossiplanka image 1
 


ඇතැම් රංගන ශිල්පීන් අපට හමු­වන්නේ තිරය මත පමණි. තවත් සම­හ­රුන් තම රංගන ප්‍රති­භා­වෙන් ප්‍රේක්ෂක හද­වත් තුළ සදා­කා­ලි­ක­වම ජීවත් වෙති. සින­හ­ව­කින් මෙන්ම කඳු­ළ­කින් ද ප්‍රේක්ෂ­ක­යාගේ හද­වත ස්පර්ශ කළ හැකි එවැනි කලා ශිල්පි­නි­යකි, නිල්මිණි තෙන්න­කෝන්. ජීවි­තයේ විවිධ හැඩ­තල, ගැහැ­නි­ය­කගේ හද­වතේ සැඟ­වුණු සංවේ­දනා සහ මනුෂ්‍ය සබ­ඳ­තා­වල සියුම් බැඳීම් රංග­නය තුළින් ජීව­මාන කිරී­මට සමත් වූ ඇය, ශ්‍රී ලාංකේය රංගන ක්ෂේත්‍රයේ තම­න්ටම අනන්‍ය වූ සල­කු­ණක් තැබූ ශිල්පි­නි­යකි.


මේ දින­වල ඇය ජය­සේන ජය­කොඩිගේ ‘අස්වැන්න’ නව­ක­තා­වෙන් සැම්සන් කුමා­රගේ පුංචි තිර­යට ගෙන එන ‘අස්වැන්න’ ටෙලි වෘත්තා­න්තයේ ‘දිලෝ’ ලෙස අපූරු රංග­න­ය­කින් අප හමුවේ.


“ඉස්සෙ­ල්ලාම මට ගෙනැ­විත් දුන්නේ අස්වැන්න නව­ක­තාව. චරිත දෙක­කින් එක් චරි­ත­යක් තෝරා ගන්නා ලෙස කියද්දි මම තෝර­ගත්තේ දිලෝගෙ චරි­තය. මේ වෙද්දි මගේ දුවත් ලංකාවේ හිටියා. ඒ දවස්වල දුව ඉස්කෝලේ යනවා. මම මේ නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වුණේ ලොකු කැප කිරී­මක් කර­ලයි. දිලෝ දරි­ද්‍ර­තා­ව­යෙන් පෙළුණු පවු­ලක කෙනෙක් නිසා මට මගේ පෙනුම සෑහෙන්න වෙනස් කර­ගන්න වුණා. වේල් ගණන් නොකා නොබී මුහුණ කෙට්ටු කර ගත්තා. මේ කතාවේ හැටි­යට දිලෝ ගේ මහ­ත්තයා හරිම කම්මැ­ලියි. ඒ නිසා දිලෝට ජීවන සටන ගෙනි­යන්න සෑහෙන්න වෙහෙ­සක් දරන්න වෙනවා. කප­ටි­ක­මයි, අහිං­ස­ක­ක­මයි මේ ඔක්කොම චරිත ලක්ෂණ තියෙන චරි­ත­යක්. දරු­වන්ගේ බඩ­ගින්න නිවන්න ගොඩක් දේවල් කරන්න වෙන නිසයි ඇය එහෙම වෙලා තියෙන්නේ.


දඹුල්ල ආදී ප්‍රදේ­ශ­වල කැළ­ව­ල්ව­ලත් රූගත කිරීම් තිබුණා. මීට අවු­රුදු කිහි­ප­ය­කට කලින් මේ ටෙලි නාට්‍යය රූගත කළේ. නව­ක­තාව හරිම ඕනෑ­ක­මෙන් කිය­වපු අය ඒ ඇසු­රින් තැනුණු ටෙලි නාට්‍ය­යක් නර­ඹන්න ආසා­වෙන් හිටියා කියලා සමාජ මාධ්‍ය­වල පළ­වන ප්‍රති­චා­ර­ව­ලින් දැනෙ­නවා. මේ චරි­ත­යට මට හොඳ ප්‍රති­චාර තියෙ­නවා. මමත් මේ චරි­තයේ රංග­නය වෙනු­වෙන් තෘප්ති­මත්. මම හිතන්නේ මම කරපු චරිත අතු­රින් ප්‍රේක්ෂ­ක­යන්ගේ මනසේ රැඳුණු චරි­ත­යක් බවට ‘දිලෝ’ පත් වේවී. ජාතික රූප­වා­හි­නියේ සතියේ දින­වල ‘අස්වැන්න’ විකා­ශය වෙද්දී ස්වාධීන රූප­වා­හි­නියේ නිවන්ත ප්‍රසා­රගේ ‘මීෂා’ ටෙලි නාට්‍ය­යත් විකා­ශය වෙනවා. ‘මීෂා’හි මම පොහො­සත් පෙළෙන්තියේ පවු­ලක නෝනා කෙනෙක්. අන්ත දෙකක චරිත දෙකක් එක­වර විකා­ශය වෙන්නේ. මේ නිසා ප්‍රේක්ෂ­ක­ය­න්ගෙන් ලැබෙන ප්‍රති­චාර විවි­ධා­කා­රයි. ‘මීෂා’ විකා­ශය වන අත­ර­තුරේ රූගත කිරීම් තවම සිදු­වෙ­නවා. නිපුණ පුෂ්ප­කු­මා­රගේ අලුත්ම සිනමා නිර්මා­ණ­ය­වන ‘ගගන’හි ප්‍රධාන චරි­තය සඳ­හාත් මම එක් වුණා. ‘ගගන’ ලබන වසරේ වගේ තිර­ගත වේවි. ෂර්ලී පී. දෙලං­කා­ව­ලගේ ‘ හන්තා­නෙට ඇහෙ­න­වද’ මම එක් වුණු තවත් සිනමා නිර්මා­ණ­යක්.”


මේ දින­වල තිර­ගත වන ‘මං හොයන්නේ ප්‍රේම­යක්’ චිත්‍ර­ප­ටයේ නිල්මිණි නිරූ­ප­ණය කරන්නේ වෙන­මම චරි­ත­යකි. නව යොවුන් වියේ පසු­වන තරුණ තරු­ණි­යන්ගේ සංකීර්ණ හැඟීම්, සමාජ අපේ­ක්ෂා­වන් සහ සැබෑ ආද­රය සොයා යාම පද­නම් කර­ගත් කතා­වකි. මෙහිදී ඇය දරු­වන්ගේ ආද­රය සහ ජීවි­තයේ වග­කීම් පිළි­බ­ඳව සංවේ­දී­වන මව­කගේ භූමි­කා­වක් නිරූ­ප­ණය කරයි. ප්‍රකට ටෙලි­නාට්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යකු වන තිළිණ බොර­ලැ­ස්සගේ අධ්‍ය­ක්ෂ­ණ­යක් වන මෙය ඔහුගේ කුලු­ඳුල් සිනමා අධ්‍ය­ක්ෂ­ණය ද වේ.


“මම කැමැ­ත්තෙ­න්මයි එක­කට එකක් වෙනස් චරිත කරන්නේ. ගම, නග­රය කියලා එකක් නැහැ. හැබැයි හැම­වෙ­ලේම හැම චැනල් එකේම පෙනී ඉන්න මම කැමති නැහැ. මම රංග­න­යට ආපු මුල් කාලේ චැනල් දෙක තුනයි තිබුණේ. ඒ කාලේ නාට්‍ය­වල හිටියේ මමම විත­රයි වගේ. එහෙම ඉඳලා මම හදා­ගත්ත නමක් තියෙ­නවා. ඒ වෙනු­වෙන් විශාල කැප කිරීම් කරලා තියෙ­නවා. රංග­නය ප්‍රායෝ­ගි­කව හදා­ර­න්නත් එය මුල් කාලේ මට හොඳම අව­ස්ථා­වක් වුණා. මම නිළි­යක් වෙන්න හේතු වුණේ අපේ අග්‍ර­ගණ්‍ය නිළි රැජිණ මාලනී ෆොන්සේකා. ඇයගේ රඟ­පෑම් දැක­ලයි මට නිළි­යක් වෙන්න හිතුණේ. පාසැල් යන කාල­යේ­දීම වගේ මම රංග­නය හදා­රන්න රංගන පාස­ල­කට එකතු වුණා. දයා වය­මන්, රංජිත් පෙරේරා වැනි ගුරු­ව­රුන් එහි සිටියේ. එතැ­නින් රංග­නය හදා­රපු අය කිහි­ප­දෙ­නෙක්ම මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ජර්ම­නිය වගේ


රට­වල්වලින් පවා ඇවිල්ලා අපට ඉගැ­න්වූවා. හුස්ම ඉහළ පහළ දමන අභ්‍යාස, විවිධ ඉරි­යව්, අභි­න­යන් මේ සියල්ල මට රඟ­පාන මුල් කාලයේ දී, උදව් වුණා. අද මම රංග­නය අතින් යම් තැනක ඉන්න­ව­නම් මේ පාස­ලෙන් ඉගෙන ගත්ත දේවල් බෙහෙ­වින්ම රුකු­ලක් වුණා.”


සතුට, දුක, ආද­රය, වේද­නාව, බලා­පො­රොත්තු සහ අහි­මි­වීම් වැනි මිනිස් ජීවි­ත­යට සමීප හැඟීම් චරි­ත­යක් තුළින් ප්‍රකාශ කිරී­මේදී ඇය දක්වන හැකි­යාව ප්‍රේක්ෂ­ක­යන්ගේ අව­ධා­නය දිනා­ගන්නා සුවි­ශේෂී ගුණ­යකි. චරි­ත­යක බාහිර ස්වරූ­පය පම­ණක් නොව එහි අභ්‍ය­න්තර හැඟීම් ද නිරූ­ප­ණය කිරී­මට උත්සාහ කිරීම, රංගන ශිල්පි­නි­යක ලෙස ඇයගේ ප්‍රති­භාව විදහා දක්වයි.


රංග­නයේ සාර්ථ­ක­ත්වය තීර­ණය වන්නේ ජන­ප්‍රි­ය­ත්ව­යෙන් පම­ණක් නොව, තමන් නිරූ­ප­ණය කරන චරි­තය තුළින් ප්‍රේක්ෂ­ක­යාට අත්දැ­කී­මක් ලබා­දී­මට ඇති හැකි­යා­වෙනි. ඇයගේ චරිත නිරූ­ප­ණ­ය­න්ගෙන් ඒ බව මනාව පිළි­බිඹු වේ.


“මම දැන් රූප­ලා­වණ්‍ය කට­යු­තු­වල පවා නියැ­ළෙන්නේ හරිම අඩු­වෙන්. එදා ඉඳන්ම මා සමඟ සිටි පාරි­භෝ­ගි­කයෝ සමඟ පම­ණයි, ඒ කට­යුතු කරන්නේ. මන­මා­ලි­යන්ට ඇන්ද­වීම නම් දැන් කෙරෙ­න්නෙම නැති තරම්. දුව විදෙස් රටක උසස් අධ්‍යා­ප­නයේ නියැ­ළෙන නිසා මට සැරින් සැරේට යන්න වෙනවා.


පොදුවේ මම මට ලැබෙන ආරා­ධ­න­යන් සඳහා සහ­භාගි වෙනවා. එහෙම ඉද්දි තමයි කලා ලොවේ සැරි­ස­ර­නවා කියලා හිතෙන්නේ. ජීවි­තයේ වරින් වර පැමිණි හැල හැප්පීම් ගැන හිත හිත දුක් වෙන්නේ නැහැ. දැන් මම ගොඩක්ම ආගම දහ­මට නැඹුරු වෙලයි කාලය ගත කරන්නේ. ජීවි­තය හරිම සතු­ටින් සර­ලව පව­ත්ව­ගෙන යනවා.“


තිරය මත ඇය නිරූ­ප­ණය කරන්නේ චරි­ත­යකි. එහෙත් තිර­යෙන් ඔබ්බට ඇය ඉතිරි කරන්නේ හැඟී­ම්ව­ලින් පිරුණු මත­ක­යකි. ඒ මත­කය තුළ නිල්මිණි තෙන්න­කෝන් නම් රංගන ශිල්පි­නි­යට හිමි ස්ථානය තව­දු­ර­ටත් ජීව­මා­නය.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post