බෝල්ට් ඇණයක්, හඳට හැතැක්මයි, යක්බැඳි ගෙදර ටෙලිනාට්ය ත්රිත්වයේ එකිනෙකට වෙනස් චරිත තුනකින් මේ දිනවල ප්රේක්ෂකයා හමුවට එන යොවුන් රංගන ශිල්පිනි ලක්ෂි ජයවර්ධන ‘කොටු’ ටෙලි නාට්යයේ ‘සුමේධා’ ලෙස ද අතිශය ජනප්රිය සිටින්නීය. සිය රංගන දිවිය ගැන කතා කිරීමට ඇය රසඳුන හා එක්වූවාය.
“මම රඟපෑ මේ චරිත තුන තුන් ආකාරයක්. එක් එක් පෙළැන්තිවල, සමාජ මට්ටම්වල, විවිධාකාර කාන්තාවන් තිදෙනෙක් තමයි මෙයින් නිරූපණය කෙෙරන්නේ. ඩිල්ෂාන් සංජු බණ්ඩාර අයියා අධ්යක්ෂණය කළ ‘බෝල්ට් ඇණයක් ‘ ටෙලිනාට්යයේ ‘වත්සලා’ කියන්නේ පියෙක් නැති දරුවෙක් හදාගෙන තමන්ගේ වීර්යයෙන් සිය වැඩකටයුතු කරගන්න උත්සාහ දරන ආදරය, කරුණාව, දුක ආදි හැඟීම් සියල්ල කැටිකරගෙන ජීවත්වන මධ්යම පාන්තික ගැහැනියක්. මෙය කාන්තාවන්ට ආදර්ශයක් ගෙනෙන චරිතයක් වේවි. අජිත් ලොකුගේ අයියා අධ්යක්ෂණය කළ ‘හඳට හැතැක්මයි ‘හි ‘සෙනුලි’ කියන්නේ වත්තක ඉපදිලා බෝඩිමක ජීවත්වන තරුණියක්. ඇය වත්තක ඉපදුණත් කොළඹ හතේ ඉපදුණු කෙනෙක් වගේ බොරු සෝබන ගතියකුත් පෙන්වන්න හදනවා. සෙනුලි, වත්සලාට වඩා හාත්පසින්ම වෙනස්. ඕනෑම කෙනෙක් රවටාගෙන තමන්ගේ දේවල් කරගන්න උත්සාහ කරන තරුණියක්. සෙනුලි ක්රියාත්මක වන විදිහ තරමක් වෙනස්. ඉරේෂ් ලොකුබණ්ඩාර අයියා අධ්යක්ෂණය කළ ‘යක්බැඳි ගෙදර’ ටෙලිනාට්යයේ ‘කරුණාවතී’ හාත්පසින්ම වෙනස් කෙනෙක්. හද්දා පිටිසර ගමක හේන් වැඩ කරන ගැහැනියක්. 1980 දශකයට අදාළ කතා පුවතකට අයත් කරුණාවතී අවිවාහකයි. ඒ අවිවාහක ප්රශ්නයත් සමඟ ගමේ තිබෙන ඕපා දුපත් සොයමින් කොහොමද ජීවත්වන්නේ කියන දේ මේ චරිතයෙන් පෙන්වනවා. වෙනස්ම ගති ලක්ෂණ සහිත චරිතයක්. මෙසේ එකිනෙකට වෙනස් චරිත රංගනයට අවස්ථාව ලැබීම ගැන මම සතුටු වෙනවා . මේ නිර්මාණ එක්වර විකාශය වීමත් රංගන ශිල්පිනියකට සිය දක්ෂතාව පෙන්වන්න කදිම අවස්ථාවක් කියා මා සිතනවා. එසේම සාරංග මෙන්ඩිස් අයියාගේ ‘එයත් ලස්සනයි ‘ තුළින් වෙනස්ම බටහිර ආරේ චරිතයක් සමඟ මාව අද හෙටම දකින්න ලැබේවි. ”
ලක්ෂිගේ එම චරිත තුළින් ප්රේක්ෂක ප්රතිචාර වඩාත් තිබෙන චරිතය ගැන ද ඇය කීවාය.
“‘යක්බැඳි ගෙදර’ හා ‘හඳට හැතැක්මයි’ විකාශය ආරම්භ වී සුළු කාලයයි. ‘බෝල්ට් ඇණයක්’ හි වත්සලා’ තුළින් තමයි බොහෝ දෙනා මාව හඳුනා ගන්නේ. එයට විශාල ප්රතිචාර ලැබෙනවා. වෙනස්ම ප්රතිචාර එයට ලැබෙන්නේ. ප්රේක්ෂකයා වත්සලාට ගොඩක් ආදරය කරනවා. ගැහැනු, පිරිමි වගේම කුඩා දරුවන් මාව දැක්කම ” මේ වත්සලා අක්කානේ” කියලා හඳුනාගන්නවා.”
මේ චරිත සඳහා ආරාධනා ලද ආකාරය කීමටද ලක්ෂි අමතක නොකළාය.
‘බෝල්ට් ඇණයක්’ හි ‘වත්සලා’ චරිතයට එහි තිර රචක චාලක රණසූරිය අයියාත් නිෂ්පාදක ජනක සම්පත් තඹුරුවිල අයියාත් මට ආරාධනා කළා. ‘හඳට හැතැක්මයි’ ටෙලි නාට්යයේත් තිර රචක චාලක රණසූරිය අයියාත් අධ්යක්ෂ අජිත් ලොකුගේ අයියාත්, නිෂ්පාදක ක්රිෂාන් හෙට්ටිආරච්චි අයියාත් ‘සෙනුලි’ චරිතයට ආරාධනා කළා. ‘යක්බැඳි ගෙදර’ අධ්යක්ෂ ඉරේෂ් ලොකුබණ්ඩාර අයියා. තිර රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියා. මේ දෙදෙනාම ‘කරුණාවතී’ චරිතයට ආරාධනා කළා. මහේෂ් රත්සර මද්දුමආරච්චි අයියගේ වැඩකට සම්බන්ධ වෙන්න මම ආසාවෙන් හිටියේ ”
රංගනයේ පළමු ගමන අරඹා තරමක විවේකයකින් අනතුරුව ලක්ෂි ජයවර්ධන රංගනයේ සිය දෙවැනි ගමන අරඹා තිබේ. මීට පෙර රංගනයේ පළමු ගමනේදී ඇය රඟපෑ ‘රාවණා’ කතා මාලාවේ භද්රාගේ චරිතය බොහෝ කතාබහට ලක්විණි. රංගනයේ දෙවැනි ගමන ආරම්භයේදී වෙනස්ම චරිත රැසකින් සිය රංගන ප්රතිභාව විදහා දැක්වීමට ලක්ෂිට අවස්ථාව උදා වී තිබේ. ‘තත්පරයක් දෙන්න’ හි ‘කාලි’ චරිතය, ‘ප්ලැට් නොවන ප්ලැට්’ හි ස්පා තරුණියට, (සුමති ටෙලි සම්මාන උලෙළේදී හොඳම නැඟී එන නිළියට නිර්දේශ විය) ‘කොටු’ හි ‘සුමේධා, ‘බෝල්ට් ඇණයක්’ හි ‘වත්සලා’ උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය.
සිනමාව තුළ ලක්ෂි ජයවර්ධනගේ භූමිකාව ගැන කතා කිරීමේදී ඇගේ රංගනයේ ආරම්භය සනිටුහන් වනුයේ මිචෙල් ෆොන්සේකා අධ්යක්ෂණය කළ ‘සුපිරි අන්දරේ’ චිත්රපටය තුළිනි. එහිදී තිස්ස විජේසුරේන්ද්ර , සනෝජා බිබිලේ, රොඩ්නි වර්ණකුල , ටෙනිසන් කුරේ වැනි ප්රවීණයන් සමඟ රංගනයේ යෙදීමට ඇය භාග්යවන්ත වූවාය. ‘රාවණ’ චිත්රපටයේ ‘භද්රා’ ලෙසින් මලයාලම් බස කතා කරන , මන්ත්ර ගුරුකම්වල යෙදෙන වෙනස් ආරක චරිතයක් රංගනයට ද අවස්ථාව ලද ඇය රඟපෑ තවත් චිත්රපට රැසක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිතය.
මියුසික් වීඩියෝවලද රඟපෑ ලක්ෂිට ඒ ගැන තිබුණේ මෙවැනි කියවීමකි.
“මම තෝරා බේරාගෙන මියුසික් වීඩියෝ කිහිපයකට රංගනයෙන් දායක වුණා. මම රංගනයෙන් එක්වූ නිර්මාණවලින් වඩාත් කතාබහට ලක්වුණේ ‘පමාවෙලා මුණගැසුණු නිසා’ මියුසික් වීඩියෝවයි. එහි ගායනය සිදුකළේ දමිත් අසංකයි. එය ගොඩක් හිට් වුණා. එහි රඟපෑ කෙනා නේද මේ කියා ප්රේක්ෂකයන් තවමත් මාව හඳුනාගන්න අවස්ථා තියෙනවා. ඊට අමතරව ජූඩ් රෝගන්, සුපර් ස්ටාර් තිසර චානක, අජිත් පෙරේරා ආදින්ගේ මියුසික් වීඩියෝ කිහිපයකට රංගනයෙන් එක්වුණා”
වේදිකා නාට්ය රංගනය ද ලක්ෂිට ආගන්තුක නොවීය.
“මගේ රංගනයේ පළමු ගමනේදී වේදිකා නාට්යවලට එක්වුණා. මම වැඩ කළේ ප්රවීණ රංගනවේදී ජයලාල් රෝහණ අයියා එක්ක. ‘සිකුරා’ වේදිකා නාට්යය ඔස්සේ ඔහුත් සමඟ ප්රධාන චරිතය නිරූපණයට අවස්ථාව ලැබුණා. ඔහුගේ අභාවයත් සමඟ ඒ වේදිකා නාට්යය නැවත වේදිකාගත වුණේ නැහැ. හොඳ වේදිකා නාට්ය නිර්මාණයකට ආරාධනා කළොත් අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා. වේදිකාව කියන්නේ රංගනය හදාරන්න පුළුවන් ස්ථානයක්. වේදිකාව තුළින් රංගනයේ වැරදි , අඩුපාඩු හදාගන්න පුළුවන්. රංගනය පොලිෂ් කරගන්න පුළුවන්. නැවත අවස්ථාවක් ලැබුණොත් ආසාවෙන් වේදිකාවට ගොඩ වෙනවා.”
නිර්මාණයකට ආරාධනා ලද විට විශේෂයෙන් සලකා බලන කරුණු ගැන ද ඇය මෙසේ හඬ අවදි කළාය.
“චරිතයකට ආරාධනා ලද විට ඒ චරිතය කුඩා හෝ ලොකු වුවද එහි මට මොනතරම් දෙයක් කළ හැකිද කියන දේ මම සලකා බලනවා. ඒකාකාරී නොවන විවිධාකාර රංගනයන්ට මම හරිම ආසයි. මම ආසම චරිතයක් තිබුණොත් බජට් එක වැනි වෙනත් දේ ගැන ලොකුවට සිතන්නේ නැහැ. රංගනයේදී මම සීමා මායිම් දාගන්න කෙනෙකුත් නෙවෙයි.”
ඡායාරූප – නවීන් අලුත්ගේ