සංගීත්-කස්තුරි ආදර කතාව අලුත් ගමනක් පටන් ගනී

gossiplanka image 1
  නව පරපුරේ ජනප්‍රියම වගේම දක්ෂතම රංගන ශිල්පියෙක් වන සංගීත් ප්‍රභූ සහ කස්තුරි ජයවර්ධන කියන්නේ මේ වෙද්දී ලංකාවේම ආදරය දිනාගත්ත, කවුරුත් නිතරම කතාබහ කරන කියුට්ම ආදරවන්තයින් යුවළක්.Biological Sciences



කාලයක් තිස්සේ ගලාගෙන ආපු මේ ලස්සන ආදර කතාවේ අලුත්ම පරිච්ඡේදය පටන් ගන්න සංගීත් පහුගිය දවසක අපූරු වැඩක් කරලා තිබුණා.


ඒ තමයි කස්තුරි කොහෙත්ම බලාපොරොත්තු නොවුණු වෙලාවක, ඇයට හිතාගන්නවත් බැරි තරම් ලස්සන සප්‍රයිස් එකක් දීලා ඇයගෙන් විවාහ වෙන්න අහපු එක. හරිම රොමෑන්ටික් විදිහට සංගීත් කරපු මේ ආදරණීය ප්‍රොපෝසල් එකට කස්තුරිත් ගොඩක් ආදරෙන් වගේම සතුටු කඳුළු මැද 'Yes' කියලා උත්තර දීලා තියෙනවා.


මේ ආදරණීය මොහොත දැකපු ගොඩක් දෙනෙක් මේ වෙද්දීත් සමාජ මාධ්‍ය හරහා මේ යුවළට නොසෑහෙන්න සුබපැතුම් එක්කරමින් ඉන්නවා. සංගීත්ගේ සප්‍රයිස් එක දැකලා කස්තුරි පුදුම වුණු විදිහ වගේම, ඒ දෙන්නගේ මූණුවල තියෙන අපිරිමිත සතුට දැක්කම මේ ආදර කතාව කොච්චර සුන්දරද කියලා කාට වුණත් හිතෙනවා නොඅනුමානයි.


තමන්ගේ ආදර ලෝකයේ අලුත් ගමනක් යන්න ලෑස්ති වෙන සංගීත්ටයි කස්තුරිටයි ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා අපිත් උණුසුම් සුබපැතුම් එක්කරනවා! 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post