ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම කලා ලෝකයේ විවිධ අංශයන්හි සිය දක්ෂතා පෙන්නුම් කරමින්, ස්වකීය ස්ථාවරය තහවුරු කරගත් රංගන ශිල්පිනියක වන සංජනා විජයරත්න සමඟ කළ කතාබහකි මේ.
සිය වෘත්තීය ජිවිතයට මූලික පසුබිම සැකසුණු අයුරු ගැන ඇය පැවැසුවේ මෙලෙසිනි.
‘කුරුණෑගල ඉබ්බාගමුව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ. 2009 අවුරුද්දේ මම රූපලාවණ්‍ය ආයතනයක් ආරම්භ කළා.
තරුණ කාලයේ කලා කටයුතුවලට යෑමට පවුලෙන් අවස්ථාවක් ලැබුණේ නෑ. විවාහයෙන් පසු සැමියාගේ සහ පුතුගේ පූර්ණ සහයෝගය මත එම අංශයට පිවිසිමට අවස්ථාව ලැබුණේ. ප්‍රියන්ත සමරකෝන් මහතාගේ මාර්ගයෙන් වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට එක්වන්නට අවස්ථාව ලැබුණා. වසන්ත විට්ච්චි සහ රිචඩ් මානමුදලි යන ගුරුවරුන්ගෙන් රංගනය පිළිබද ඉගෙනගත්තා. මම ‘ඇගේ කතාව’, ‘හෙළිදරව්ව’, ‘සෙවණැලි’ සහ ‘119’ ‘වර්ෂා’ වැනි නාට්‍ය කිහිපයකම රඟයනයෙන් දායක වෙලා තියෙනවා.”
මීට අමතරව ඇය කලා ක් ෂේ්‍ත්‍රයේ පැමිණි ගමනට සහයෝගය දැක්වු අය ලෙස, හිරු නාළිකාවේ අධ්‍යක්ෂ ලංකිත, පද්මා, ගයන් ගුණවර්ධන යන අයගෙන් ලද සහයෝගය සිහිකරන්නේ කෘතඥපූර්වකවය.
සංගීතයට සහ ගායනයට දැඩි ලෙස ඇලුම් කරන සංජනා තමන් විසින්ම පද රචනය කොට, සුමින්ද ශ්‍රීමාල්ෙග් සංගීත නිර්මාණයෙන් ගීත හතරක් එළිදක්වා තිබේ. ‘මහා මඟ ගෙවා’, ‘මම තනිවෙලා’,’නුඹේ මතකය’ ආදි ගීත නිර්මාණ ඒ අතර වේ. ඇය නිර්මාණය කළ ප්‍රධාන ගීත අතරින් මව වෙනුවෙන් නිර්මාණය කළ ‘නුඹේ මතකය’ ගීතය සුවිශේෂී බව ඇය පවසයි.
සංජනා කෙටි චිත්‍රපට නිෂ්පාදනයට ද දායක වී තිබෙනවා. ඒ පිළිබදව ඇය පැවසුවේ මෙවැන්නකි.
“මම, කොළඹ සෞන්දර්ය නිකේතනයේ රූපලාවණ්‍ය පාඨමාලාවක් හදාරන අතරතුර නිර්මාණය කළ කෙටි චිත්‍රපටය ‘හොඳම නිෂ්පාදනය’ ලෙස තේරී පත්වුණා. එය ජාත්‍යන්තර සම්මාන උෙලළක් සඳහා යොමු කර තිබෙනවා. මම නිෂ්පාදනය කළ ප්‍රධාන කෙටි චිත්‍රපට වන්නේ ‘ටැටූ’ , ‘නයිෆ්’, ජීවිතය
‘ටැටූ’ මිනිත්තු 15ක කෙටි චිත්‍රපටයක්. ‘නයිෆ්’ චිත්‍රපටය පෝසත් පවුලක වැඩට යන අසරණ කාන්තාවකට සිදුවන අකරතැබ්බයක් ගැන කියවෙන කතාවක්. ‘ජීවිතය’ කෙටි චිත්‍රපටය කුඩා දරුවෙක් සම්බන්ධව කළ නිර්මාණයක් . ”
මෑතකාලීන ඇය ලද ජයග්‍රහණයක් පිළිබද ඇය අප සමඟ පැවසුවේ සතුටිනි.
“2026 වර්ෂයේ පැවති ‘කැලණි නදී’ විවාහක අවුරුදු කුමරිය තරගයට මම ඉදිරිපත් වුණා. තරගකරුවන් අතරින් හොඳම වයස් කල්‍යාණයට හිමි කිරුළ මෙන්ම හොඳම ගීත ගායනයට හිමි කුසලතාව ද දිනා ගැනීමට මට හැකි වුණා.”
අද වන තුරුත් තරුණ පෙනුම සහ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමට තමන් අනුගමනය කරන ජීවන රටාව පිළිබඳව තරුණ පරපුරට සහ ආයතනයට පැමිණෙන පාරිභෝගිකයන්ට නිරන්තරයෙන් මඟපෙන්වීම් සිදු කරන බව ඇය පවසයි. කලා කටයුතු සහ වෘත්තිය ජිවිතයේ භූමිකාවන් සාර්ථක සිදු කර ගෙන යෑමට පවුලින් තමන්ට ලැබෙන සහයෝගය අති මහත්ය.
“මගේ සැමියා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු වනවා. මගේ පුතා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ ඉගෙනුම ලබනවා. මම සතුන්ට හරි ආදරෙයි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන සතුන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතුවල මම නිරත වෙනවා.” අනාගත බලාපොරොත්තු පිළිබඳ අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙවැන්නකි.
“ඉදිරියේදී පැවැත්වෙන ’50 ප්ලස්’ තරගයකට ඉදිරිපත් වීමට මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. රූපලාවන්‍ය ගැන ඉගෙන ගැනීමට කැමැත්ත ඇති අඩු ආදායම් ලාභී දරුවන්ට නොමිලේම අධ්‍යාපනය දෙන්න මේ දිනවල කටයුතු කරමින් ඉන්නවා.”