මේ දිනවල ITN නාළිකාවේ විකාශය වන ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයේ ‘නිකී’ගේ චරිතය හරහා අභිලාෂි ප්‍රේක්ෂකාදරය දිනා ගෙන සිටින්නීය.
“මම ටෙලි නාට්‍යය අත්දැකීම ලොකුවට ලබාගෙන තිබුණු කෙනෙක් නොවේ. නමුත් සිහිනෙක තනිවෙලා ටෙලි නිර්මාණයේ රංගනයට එක්වුණාට පසු ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් ලොකු අත්දැකීමක් ලැබුණා. ටෙලිනාට්‍යයක් වුණත් නිර්මාණාත්මක බවකින් කරන්නේ කොහොමද කියන එක ගැන මට යම් දැනීමකුත් ලැබුණා. මේ දවස්වල මම සිහිනෙක තනිවෙලා ටෙලි නාට්‍යයේ රඟපානවා. ඒ නාට්‍යයේ අධ්‍යක්ෂ ධනුෂ්ක එන්.පෙරේරා, කැමරා අධ්‍යක්ෂ නිලන්ත කුමාර සහ තිර රචක තිමිර උඩලමත්ත ඇතුළු නිර්මාණශීලි කණ්ඩායම සමඟ වැඩ කිරීමට ලැබීම මම ලැබූ විශාල අත්දැකීමක්. ඔවුන් සමඟ බොහෝම සහයෝගයෙන් කටයුතු කරනවා. මේ නාට්‍යයේ රංගනයෙන් දායක වන හිමේන් ජයසේකර, හිමාලි සිරිවර්ධන, මහේන්ද්‍ර වීරරත්න, ජයනාත් බණ්ඩාර සහ දිනූෂි දිසානායක ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය සහ ගුරුහරුකම් මෙන්ම ඔවුන් සමඟ වැඩ කිරීමේ දී ලැබෙන ආදරය, සමගිය මගේ රංගනය තවත් ඔප්නංවා ගැනීමට මහඟු පිටුවහලක් වෙනවා.“
සුප්පා කුමාරිය හරහා ඇයට ලැබුණු ප්‍රේක්ෂකාදරය ‘නිකී’ හරහා නැවතත් අලුත් වී ඇති මොහොතක නිකී චරිතය භාර ගැනීම වාසනාවක් බව ද අභිලාෂි පවසන්නීය.
එසේම ඇයගේ රංගන දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ඉදිරියේ දී සිනමාහල් වෙත පැමිණීමට නියමිතය. ඒ තිළිණ බොරලැස්සයන්ගේ අධ්‍යක්ෂණයෙන් රිදී තිරයට එන ‘මං හොයන්නේ ප්‍රේමයක්’ සිනමා නිර්මාණයයි. ඇය එම සිනමා නිර්මාණය සම්බන්ධයෙන් අප සමඟ පැවසූවේ මෙවැනි අදහසකි.
“‘මං හොයන්නේ ප්‍රේමයක්‘ සිනමා නිර්මාණය කියලා කියන්නේ සිංහබාහු චිත්‍රපටයට පසුව මම රංගනයෙන් දායක වන දෙවැනි චිත්‍රපටය. මේ වෙනකොට චිත්‍රපට හයකට ආසන්න ප්‍රමාණයක් රූ ගත කිරීම් අවසන් කරලා තියෙනවා. මේ දිනවල රූගත කිරීම් ආරම්භ වීමට නියමිත තව චිත්‍රපට කිහිපයක්ම තියෙනවා. ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ කියලා කියන්නේ මම ඒ කරපු හැම චිත්‍රපටයකටම වැඩිය ගොඩක් වෙනස් චිත්‍රපටයක්. ඒක මම කරපු ලස්සනම ලස්සන love story එකක්. ‘මං හොයන්නේ ප්‍රේමයක්‘ වගේ වාණිජමය ඉතාමත්ම අලංකාර සිනමා නිර්මාණයකට සම්බන්ධ වුණු දෙවැනි අවස්ථාව තමයි මේක. මේක හරිම ආදරණීය කතාවක්. ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ නිර්මාණයට දායක වෙනවා. සැප්තැම්බර් 03 දිවයින පුරා තිරගත වෙන්න නියමිතයි. මං හැමෝටම ආරාධනා කරනවා එන්න බලන්න කියලා. මං හිතනවා ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගනියි කියලා.
“ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණයක් වන ’18 වංගුව’ චිත්‍රපටය ඇය රංගනයෙන් දායක වුණු තවත් විශේෂ චිත්‍රපටයක් බව පවසා සිටියා ය. 18 වංගුව චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් මෙතෙක් ඇයව නොදැකපු සුවිශේෂී හා අතිශය වෙනස්ම ආකාරයේ රංගන පරාසයකින් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇති බවත් ඇය කියා සිටියා ය. එසේම ‘ආල’ චිත්‍රපටය, ‘දූවිල් දරුවෝ’ චිත්‍රපටය ඇතුළු සිනමා නිර්මාණ කීපයකම රූගත කිරීම් කටයුතු ඇය විසින් දැනටමත් සාර්ථකව අවසන් කර ඇති අතර, නොබෝ දිනකින්ම එම චිත්‍රපට සිනමාහල් වෙත පැමිණීමට නියමිතව ඇත.
සයිකලොජිකල්, ත්‍රිලර් සහ බයෝග්‍රැෆිකල් වැනි අභියෝගාත්මක, ගුණාත්මක මෙන්ම නිර්මාණශීලි චරිත රඟපෑමට වැඩි රුචිකත්වයක් දක්වන අභිලාෂි සන්තුෂ්කි මේ වන විට ද එම චරිතවලින් කීපයකම ආසාව ඉෂ්ට කරගෙන ඇත. තමන්ට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන අසීමිත ආදරය සහ ගෞරවය හැමදාමත් එකලෙස සුරක්ෂිතව තබා ගනිමින්, නිහතමානීව ගුණාත්මක නිර්මාණ පමණක් තෝරාගෙන ප්‍රේක්ෂකයන් වෙත තිළිණ කිරීමට ඇය නිරන්තරයෙන් කැප වී සිටින්නී ය. තම රංගන හැකියාව මනාව ප්‍රදර්ශනය කළ හැකි, අන්තර්ගතයෙන් පොහොසත් ඕනෑම චරිතයක් භාර ගැනීමට තමන් සූදානමින් සිටින බව පවසන ඇය, ඉදිරියේදීත් ගුණාත්මක සිනමා නිර්මාණ රැසක් හරහා ප්‍රේක්ෂක හදවත් අමතනු නොඅනුමාන ය.