හැමෝම හොයන්නේ ප්‍රේමය. ඒ ප්‍රේමය සුන්දර ප්‍රේමයක් වෙන්න ඕනෑ. එතකොට තමයි ජීවිතය සුන්දර වෙන්නේ. ඔන්න ඒ වගේ සුන්දර ප්‍රේමයක් හොයන තුන්දෙනෙක් වටා ගෙතුණු මං හොයන්නේ ප්‍රේමයක් මේ දවස්වල සිනමාහල්වල තිරගත වෙනවා. ඉතින් මං හොයන්නේ ප්‍රේමයක් සමග ආපසු අභිලාෂි සන්තුෂ්කි කරළියට ඇවිත්.
මංහොයන්නේ ප්‍රේමයක් අභිලාෂිට මුණගැසුණු විදිහට තමයි දැන් කියන්න හදන්නේ.
ඇත්තටම මට මං හොයන්නේ ප්‍රේමයක් හම්බවෙන්නේ සිංහබාහු චිත්‍රපටය රූගත කරලා අවසන් වුණාට පසුව. මේක මට හම්බවුණ දෙවන චිත්‍රපටය. ඇත්තට ම මෙහි අධ්‍යක්ෂ තිළිණ බොරලැස්ස අධ්‍යක්ෂවරයා සිංහබාහු චිත්‍රපටයේ සුප්පා කුමාරිගේ චරිතයෙන් මාව දැකලා තමයි යාරා චරිතයට කතා කරන්නේ. මේ වෙලාවේ නිල්මිණී තෙන්නකෝන් මහත්මිය ආදරයෙන් මතක් කරන්න ඕනෑ. මොකද එතුමිය හරි විශ්වාසයෙන් කියලා තිබුණා මේ චිත්‍රපටය මාව ගැළපෙනවා සහ මට මේ චරිතය කරන්න පුළුවන් කියලා. මාව ඒ තරම් විශ්වාස කිරීම සම්බන්ධයෙන් මම එතුමියට ස්තුතිවන්ත වෙනවා. ඔන්න ඔහොම තමයි මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයේ යාරාගේ චරිතයට මාව තෝරාගන්නේ.
සිංහබාහු සිනමා නිර්මාණයෙන් පසුව අභිලාෂි රංගනයෙන් දායක වෙන තුන්වැනි සිනමා නිර්මාණය තමයි මංහොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටය. දෙවන චිත්‍රපටය තමයි කපුටු කොහෝ චිත්‍රපටය. තවත් රූගත කිරීම් අවසන් කරපු චිත්‍රපට තුනක් ඉදිරියේ දී තිරගත වෙන්න තියෙනවා.
සිංහබාහු හි සුප්පා කුමාරි ගැන අභිලාෂිට අද වෙනකොට තියෙන්නේ මෙවැනි අදහසක්.
ඇත්තටම කියන්න ඕනෑ, මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය තමයි සුප්පා කුමාරි. ඉතින් මගේ ජීවිතයේ හැමදේම හරි ලස්සනට පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට යන්න පුළුවන් වුණේ සුප්පා කුමාරිගේ
චරිතය හිමිවුණ හින්දයි. අදටත් සුප්පා කුමාරි කියලා කතා කරන අවස්ථා බොහොමයි. ඒ වගේ චරිතයක් රඟපාන්න ලැබීම වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය ලැබීම ගැන සතුටට පත්වෙනවා. සුප්පා කුමාරිගෙන් මම අත්දැකීම් ගොඩාක් ලබාගත්තා. ඒ ලබාගත්තු අත්දැකීම් හින්දා මේ වෙනකොට තෝරාබේරාගෙන හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.
මං හොයන්නේ ප්‍රේමයක් ගැන ඇයට තියෙන්නේ හරිම ආදරණීය අත්දැකීමක්. චිත්‍රපටය පුරාවට ම තියෙන්නේ ප්‍රේමය සහ ආදරය තමයි. එතකොට අපේ ටීම් එකේ ඒ වැඩ කරපු කාලය ඇතුළත තිබුණෙත් ආදරය විතරමයි. ඒ රූගත කිරීම් කරපු කාලය මතක් වෙනකොටත් හරිම සුන්දරයි. ඒතරම් ලස්සනට ආදරයෙන් කරපු චිත්‍රපටය මේ වෙනකොට හරි ලස්සන චිත්‍රපටයක් විදිහට ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් තියෙනවා.
මං හොයන්නේ ප්‍රේමයක් ඇත්තටම මේ වෙනකොට අභිලාෂිට හමුවෙලා ද තියෙන්නේ දන්නේ නැහැ.
මේ වෙනකොට මම ප්‍රේමය හොයනවා. මං හොයන්නේ ප්‍රේමයක්.
එතකොට ප්‍රේමය ගැන ඇයට තියෙන්නේ මෙවැනි අදහසක්.
ප්‍රේමය කියන්නේ ජීවිතයේ හරිම ලස්සන කරන්න පුළුවන් දෙයක් කිව්වොත් හරි. ඒක මං හිතන්නේ මං හොයන්නේ ප්‍රේමයක් චිත්‍රපටයෙනුත් හරි ලස්සනට පෙන්වලා දෙනවා. ප්‍රේමය හින්දා මනුස්සයකුගේ ජීවිතය සුන්දර කරන්න වගේම විනාශ කරන්නත් පුළුවන්. ඉතින් අපිට හරි ප්‍රේමයක් හම්බවුණොත් අපේ ජීවිතය සාර්ථකයි. අපිට හරි ප්‍රේමයක් හම්බනොවුණොත් ජීවිතය අසාර්ථකයි. හැබැයි මම හිතනවා මම වුණත් හොයන්නේ හරි ලස්සන ප්‍රේමයක්. අවංක පිරිසිදු සහ මාව බලාගන්න අපිට ගොඩාක් ආදරය කරන ප්‍රේමයක් තමයි මමත් හොයන්නේ. මටත් ප්‍රේමය හරියට ඕනෑ කෙනෙක්. මමත් ආදරය ගොඩාක් හොයන කෙනෙක්. ඉතින් මම හිතනවා අපි හැමෝම ඒ විදිහේ ප්‍රේමයක් තමයි හොයන්නේ කියලා.
මං හොයන්නේ ප්‍රේමයක් ගැන කතාබහ කරන අතරේ දී ටෙලිනාට්‍ය අත්දැකීමක් ගැනත් කතාබහ කළා.
ඇත්තට ම මට මේ වෙනකොට ටෙලිනාට්‍ය අත්දැකීම් දෙකයි තියෙන්නේ. මේ වෙනකොට ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන සිහිනෙක තනිවෙලා ටෙලිනාට්‍යයෙනුත් මාව දකින්න ලැබෙනවා. සිහිනෙක තනිවෙලා කියන්නෙත් මගේ ජීවිතයේ ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණ ටෙලිනාට්‍යයක්. ඉතින් අදටත් ඒ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබෙනවා.
අභිලාෂිට පුංචි තිරයේ මුණගැසුණු නිකී වෙනුවෙනුත් සුප්පා කුමාරියට ලැබුණා වගේම ආදරයක් තමයි ලැබෙන්නේ. ප්‍රේක්ෂකයන් නිකීව හරි ආදරණීය කෙනෙක් විදිහට දකිනවා.
ඇත්තට ම මගේ ජීවිතය හරි ලස්සනට සුන්දරව ගලාගෙන යනවා. අපි ඉදිරියේ දී තෝරාබේරා ගන්න නිර්මාණ හරිම ලස්සන විදිහට තෝරාබේරාගෙන
ප්‍රේක්ෂකයන් ආදරය කරන විදිහට ඒ ජනප්‍රියත්වය රඳාපවතින විදිහට ගුණාත්මකභාවයෙන් සහ නිර්මාණශීලීභාවයෙන් ඉහළ නිර්මාණ තෝරාබේරාගෙන යන්න ඕනෑ කියලයි හිතන්නේ. මොකද ප්‍රේක්ෂකයෝ අපිට ආදරය කරන්නේ අපි තෝරාබේරාගන්න නිර්මාණ ඔස්සෙනේ. අපි හරි පරිස්සම් වුණොත් මේ ප්‍රේක්ෂක ආදරය හැමදාම මේ විදිහට ලැබේවි.
දිනේෂ් විතානඡායාරූප – ක්‍රිෂාන් ක්‍රිෂ්