මාව ගායකයෙක් කරපු දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය මට නිකන්ම නිකන් ගායන තරගයක් වුනේ නැහැ - රවීන් කනිෂ්ක

gossiplanka image 1
 ටී.වී දෙරණ නාලිකාවෙ විකාශයවුන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයො අතරට ආපු රවීන් කනිෂ්ක සහ රොෂෙල් රොජර්ස් කල්පනා චිත්‍රපටය හරහා සිනමාව තුළ ආදරවන්තයො වෙලා තියනවා. සිනමාවේ ආදරවන්තයො වීම ගැන ඇතුළුව ⁣රවීන්ගේ ජීවිතයේ අලුත් විස්තර දැනගන්න අපි හිතුවා රවීන් එක්ක කතා කරන්න.


1.දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟයෙන් ගායකයෙක් වුන රවීන් අපූරුවට රගපාන්න පුරුදුවුනේ කොහොමද ?


මාව ගායකයෙක් කරපු දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරගය මට නිකන්ම නිකන් ගායන තරගයක් වුනේ නැහැ⁣. ඩ්‍රීම් ස්ටාර් තරගයේදී ප්‍රාසාංගික රංගනය, නර්තනය, අංගචලන හැසිරවීම ඇතුළු ගොඩක් දේවල් අපිට පුහුණු කෙරෙව්වා. ඉතින් ඩ්‍රීම් ස්ටාර් හරහා තමයි මම රංගනය ගැන මූලික දේවල් ඉගෙනගෙන රගපාන්න පුරුදුවුනේ. ඩ්‍රීම් ස්ටාර් තරගයෙන් ඉගෙනගත්ත දේවලුත් එක්ක රංගන ක්ෂේත්‍රයට ආපු මට ක්ෂේත්‍රයේ අත්දැකීම් උදව් වුනා මම තුළ ඉන්න රංගනශිල්පියාව වැඩිදියුණු කරගන්න. එතනින් පස්සෙ රංගනය ගැන මම ස්වයං අධ්‍යයනයක් කරලා වැඩිදුරටත් රංගන හැකියාව දියුණු කරගෙනයි අද මේ තත්වෙ ඉන්නෙ.


2. රගපාන්න ඇවිත් ලැබුන දේවල් මොනවද ?


මට හොද අධ්‍යක්ෂකවරු සහ තිරපිටපත් රචකයො හම්බවුනා. ඔවුන් කරපු නිර්මාණවල රගපෑමෙන් මම තුළ ඉන්න රංගනශිල්පියාව සහ ගායනශිල්පියව වැඩි දියුණු කරගෙන ප්‍රේක්ෂකයො අතරට ගිහින් ප්‍රේක්ෂක ආදරය සහ ඇගයීම් ලබාගන්න පුළුවන් වුණා.ලෝකේ තියන ලස්සන රටවල් වලට ගිහින් ඒ රටවල්වල සංචාරය කරලා මට ආදරය කරන රසික රසිකාවියන්ගේ ආදරය විදින්නත් නළුවෙක් වීම හරහා මට අත්විදින්න ලැබුනා. ඒ අතරෙ විවේචන, බැනුම්, චෝදනා එහෙමත් මට රංගනශිල්පියෙක් වීමෙදි අහන්න ලැබුනා. ඇත්තටම ජීවිතේ ගොඩක් දේවල් මට ලැබුනෙ නළුවෙක් වීම නිසා.


3. බැනුම් අහන්න ලැබීම ගැන අදහස මොකක්ද ?


මගේ ලොකුම දුර්වලකමක් සහ මට තියන ආයුධයක් තමයි කිසිම දෙයක් වැඩිය ගණන්ගන්නෙ නැතිකම.ඉතින් මට බනින ඒවා, විවේචන චෝදනා මම ගණන්ගන්නෙ නැහැ⁣. ඒ දේවල් දකින්න මම සමාජ මාධ්‍ය පාවිච් කරන්නෙත් නැහැ⁣.


4. සමාජ මාධ්‍ය පාවිච් කරන්නෙ නැත්තෙ ඇයි ?


රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි මම සමාජ මාධ්‍ය පාවිච් කළා. නමුත් එක මොහොතකදි මට හිතුනා මම සමාජ මාධ්‍යයෙදි ප්‍රසිද්ද කරන ඡායාරූපවල මිනිස්සු හොද කියයිද නරක කියයිද කියලා. මේක මට මානසික වදයක් වුණා. ඉතින් මම තීරණයකලා සමාජ මාධ්‍ය පාවිච් කරනඑක නවත්තන්න. මම සමාජ මාධ්‍යව නැති වුනාට අද වෙනකන් මට ප්‍රසිද්දියෙ අඩුවක්වෙලා නැහැ⁣. මම රගපාන නිර්මාණ පුංචිතිරයේ සහ රිදී තිරයෙන් මට ආදරය කරන රසිකයන්ට බලන්න පුළුවන්කම තියනවා. මගේ රගපෑම නරඹන රසිකයො මාව මගතොටේදි හම්බවුනාම ඔවුන්ගේ ආදරය මට ලබාදෙනවා. සමාජ මාධ්‍යයේ ක්මෙන්ට් එකකින් ලියවෙන ප්‍රතිචාරයට වඩා මුහු⁣ණට මුහු⁣ණ හම්බෙලා ලබාදෙන ප්‍රතිචාරයේ මට ගොඩක් ලොකු වටිනාකමක් තියනවා


5.රවීන් රංගනයෙන් දයකවුන අලුුත්ම චිත්‍රපටය කල්පනා මේ දවස්වල තිරගතවෙනවා නේද ?


ඔව්. මේ දිනවල තිරගතවෙන "කල්පනා" මම රංගනයෙන් දායකවුන හතරවෙනි චිත්‍රපටය. කල්පනා කියන්නෙ Action, Comedy, Romance, Fighting, අතරේ අනුවේදනීය කතාවකින් සමන්විත චිත්‍රපටයක්.. මේ දවස්වල තිරගතවන අනිත් චිත්‍රපට අතරේ කල්පනා ප්‍රේක්ෂකයන්ට වෙනස්ම රසවිදින්දනයක් ලබාදෙන විශිෂ්ඨ චිත්‍රපටයක් විදිහට හදුන්වන්න මම කැමතියි.


6. කල්පනා චිත්‍රපටයේදි රවීන් එක්ක රගපාන රොෂෙල්ව රවීන්ට මුලින්ම මුණගැහුනෙ කොහොමද ?


රොෂෙල් නංගිව මට මුලින්ම හම්බවුනෙ දෙවෙනි ඉනිමෙදි. රංගනය ගැන මනා හැකියාවක් තියන, වැඩකරද්දි හොද විනයක්, වෘත්තියබාවයක් පවත්වගෙන යන ළමයෙක් විදිහටයි මට රොෂෙල් නංගිව දැනුනෙ. දෙවෙනි ඉනිමෙ අපි දෙන්නාගේ සුසංයෝගය ප්‍රේක්ෂකයො අතර ගොඩක් ජනප්‍රිය වුණා. ප්‍රේක්ෂකයො අතරට ජෝඩුවක් විදිහට යන්න මගේ chemistry එක එකට රොෂෙල් නංගිව හොදට ගැලපුනා.


7. රොෂෙල් එක්ක සිනමාවට ආපු අත්දැකීම මොනවිදිහටද දැනෙන්නෙ ?


මමත් රොෂෙල් නංගිත් අතර chemistry එකෙන් කල්පනා චිත්‍රපටයේදි ලස්සන දෙයක් කරන්න අවස්ථාව ලැබුනා. අපි දෙන්නට දෙන්නා අපේ රංගන පරාසය, සිතුම් පැතුම්, චර්යා රටාව අදුරන නිසා චිත්‍රපටයේ වැඩකටයුතු සාර්ථකව ලස්සනට කලා. වෙනත් රංගනශිල්පිනියක් එක්ක කල්පනා චිත්‍රපටය කලා නම් මේ තරම් ප්‍රේමාන්විතව සහ රසවත් ආකරයට චිත්‍රපටය නිර්මාණය වෙයි කියලා මම හිතන්නෙ නැහැ⁣.


8. කල්පනා රූගතකිරීම් වලදි මුහු⁣ණදීපු සුවි⁣ශේෂි සිදුවීම් මොනවද ?


කල්පනා චිත්‍රපටයේ සැර fighting seens වගයක් තියනවා. ඉතින් fighting seens රූගතකරන අතරතුරේදි මගේ අත කැපිලා තුවාල වෙලා ලේ ගලන්න පටන්ගත්තා. බාල කෘතිම දේවල් කරන්නෙ නැතුව ඉහල ප්‍රමිතියෙන් පරිපූර්ණ නිර්මාණයක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න ඕන නිසයි අපි අපේ ජීවිතයත් අනතුරේ දාගෙන මේ සිනමා නිර්මාණය සම්බන්ධ වුණේ.


9. දෙවෙනි ඉනිමෙ රගපාපු නළුනිලියන්ව දාලා දෙවෙනි ඉනිම වගේ චිත්‍රපටයක් කරලා වෙන්නැති කියලා සමාජ මාධ්‍යවල ප්‍රසිද්දවෙලා තියන කටකතාව ගැන රවීන්ගේ අදහස මොකක්ද ?


ලංකාවෙ සිනමාව හොලිවුඩ්, බොලිවුඩ් තරමට නළුනිලියො ගොඩක් ඉන්න සිනමා ක්ෂේත්‍රයක් නෙමෙයි. කවුරු චිත්‍රපටයක් කලත් ලංකාවෙ ඉන්න සුළු ප්‍රමාණයක නළුනිලියො අතරින් තෝරගෙන තමයි චිත්‍රපටයක් කරන්න වෙන්නෙ. ඉතින් ඒ අය කලින් ටෙලිනාට්‍යයක එකට රගපෑවයි කියලා හැම එකේම එකම විදිහෙ කතාවක් තියන එකම විදිහෙ රංගනයක් තියෙයි කියලා හිතන්න බැහැනෙ. ප්‍රේක්ෂකයන්ට මම වගකීමෙන් කියනවා කල්පනා නැවුම් රසවිදින්දනයක් ලබාදෙන මීට පෙර අත්නොවිදපු ලස්සන චිත්‍රපටයක් කියලා.


10. රවීන්ව ආපහු පුංචිතිරයේ දකින්න පුළුවන් කවද්ද ?


දෙවෙනි ඉනිම අවසාන වුනාට පස්සෙ රසිකයො මගෙන් නිතරම අහන දෙයක් තමයි ආපහු ටෙලිනාට්‍යයකින් මම කවදද ඔවුන් අතරට එන්නෙ කියලා. ඉතින් රසිකයන්ට මම කියන්න කැමතියි ටී.වී දෙරණ නිර්මාණය කරන වෙනස්ම තාලෙ ටෙලිනාට්‍යයකින් තව නොබෝදිනකින් මාව දකින්න පුළුවන් කියලා.


11. රවීන් කනිෂ්ක තුළ ඉන්න ගායකව දැන් අමකක කරලද ?


අනේ නැහැ⁣. රූගතකිරීම් සහ විදේශ ප්‍රසංග එක්ක ගායනයට කාලවේලාව වෙන්කරන්න අපහසුතාව මිසක ගායකයව මම කවදාවත් මම ඕකමින් මගහැරලා නැහැ⁣. ඉදිරියෙදි කොහමහරි කාලය වෙන්කරගෙන ගීත කීපයක් මම රසිකයන් වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post