මාෂි සහ පුබුදු ඔවුන්ගේ දියණියගේ 3 වන උපන්දිනය වෙනුවෙන් කරපු ආදරණීය වැඩේ

gossiplanka image 1
 ලංකාවේ කලා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරය දිනාගත්ත සුන්දරම අඹුසැමි යුවළක් තමයි පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ.Download Interactive Maps



ඔන්න ඉතින් මේ දෙන්නගේ මුළු ලෝකයම වුණු පුංචි දියණියගේ 3 වන උපන්දිනය වෙනුවෙන් ඔවුන් ආදර්ශමත් වැඩක් කරලා තියෙනවා.


දියණියගේ උපන්දින සැමරුම සාදයකට විතරක් සීමා නොකර, ඇයට ජීවිතයට ලස්සනම පාඩමක් කියා දෙන්න පුබුදුයි මාෂියි තීරණය කරලා තිබුණා. ඒ වෙනුවෙන් ඔවුන් යේලි බබාවත් එක්කගෙන රුහුණු ළමා නිවාසයේ ආදරණීය දරු සිඟිත්තන් හමුවෙන්න ගිහින් තිබුණේ ඒ පුංචි හිත් සතුටින් පුරවන්නයි.


එහි සිටින පුංචි දරුවන්ට රසවත් දිවා ආහාර වේලක් ලබා දීලා, ඔවුන් එක්ක ආදරය සතුට බෙදාගත්තු ඒ සුන්දර මොහොත ගැන මාෂි සිය මුහුණු පොතට එකතු කර තිබුණේ හදවතටම දැනෙන සටහනක්.


"අපේ දූ සිඟිත්තී යේලි කෙයාරාගේ 3 වන උපන්දිනය වෙනුවෙන්, ඇයට ජීවිතයේ ලස්සනම පාඩමක් සහ ආදර්ශයක් දෙන්න අපි අද රුහුණු ළමා නිවාසයේ ආදරණීය දරු සිඟිත්තන් හමුවෙන්න ගියා. පුංචි හිත්වලට සතුටක් දෙන්න, ඔවුන් සමඟ ආදරය බෙදාගන්න අපට හැකි වුණා. ඔවුන් වෙනුවෙන් දිවා ආහාරයත් දීලා, ඔවුන්ගේ සිනහව දැකගන්න ලැබුණු ඒ මොහොත අපේ හදවත්වලටත් ගෙන ආවේ කියා නිම කළ නොහැකි සතුටක්..."


"එයාගේ හැම උපන්දිනයකම 'උපන්දිනයක් කියන්නේ තෑගි ලබන, සාද පවත්වන දවසක් විතරක්ම නොවෙයි' කියන එක අපි එයාට කියලා දුන්නා.. අපට ලැබුණු සතුටක් තවත් කෙනෙකු සමඟ බෙදාගන්න පුළුවන් නම්, එදා තමයි උපන්දිනයේ සැබෑ වටිනාකම අපි අත්විඳින්නේ කියන එක එයා දැන් ටික ටික දන්නවා."


"බෙදාහදා ගන්න, අන් අයට සැලකිලිමත් වෙන්න සහ ආදරය කරන්න දන්නා ලස්සන හදවතක් ඇතිව දියණියට සැමදා වැඩෙන්න ලැබෙවා" ලෙස සුබ පතමින් මාෂි සිය සටහන අවසන් කර තිබුණා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post