ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්මලාන ආසනයේ සංවිධායක අර්ජුන කමලනාත් පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ගැන අපූරු කතාවක් කියලා තිබුණා.
සෝශල් මීඩියා එකේ සැරිසරන විඩීයෝවක තිබුණේ මෙන්න මෙහෙමයි.
“නාමල් එක්ක ලේසි නෑ.මොකද මහින්ද නෙවෙයි නාමල් කියන්නේ ඒ පැත්තෙන් සැරයි.හුරතල් නෑ.ගොඨාභය රාජපක්ෂ වගේ ප්ලීස් ප්ලීස් නෑ.අත්දැකීම් බහුලම ලාබාලතම නායකයා. ම ර ණයෙත් ළඟටම ගියානේ.ඇමතිකම් කරා, මන්ත්‍රීකම් කරා, විපක්ෂයේ හිටියා, හිරේ ගියා, වෙන්න තියෙන ඔක්කොම වුණා..ම ර ණෙ ත් දැක්කා.. ආඩුපාඩු දැක්කා ඒවා දැකලා හදාගත්තා.ඉතිං මේ ඔක්කොම දැක්ක ස්වයංපෝෂිත නායකයෙක් අවුරුදු 40ක් වුණ නායකයෙක් අපිට ඉන්නවා. 2029 දී බ ය නැතුව වැඩ කරනවා. ඉතිං මේ වෙලාවේත් රට වෙනුවෙන් එකතු වෙන්න බැරිනම් එයා ශ්‍රී ලාංකිකයෙක් වෙන්න බෑ…”
මෙච්චර අත්දැකීම් තියෙන නායකයෙක් 2029 දී එනවා කියන්නේ…ලංකාවේ අත්දැකීම් බහුලම නායකයාලු..ලේසි නෑ හැබැයි..මොකද ඉතිං අත්දැකීම බහුලයි කියන්නේ හැමදේම ගැන හොද අවබෝධයක් තියෙනවා කියන එකනේ.. ඒකම මදිද ඉතිං…ලංකාව ගොඩ යන්න ඉතිං 2029 වෙනකන් ඉන්න එපැයි නේද යාලුවේ එහෙනම්..”