චරිත් අබේසිංහ සිංදුත් හොරකම් කරලාලු

gossiplanka image 1
 


පාතාල සීන් කෝන් කතා හුටපටවලට මාට්ටුවෙලා චරිත් අබේසිංහට විජයදාස රාජපක්ෂගෙ පුතා එක්කම හිරේ විලංගුවේ වැටෙන්න වෙච්ච කතාවේ අල හිය තැන් මුල් ගිය තැන් දැන් රටට අලුත් මාතෘකාවක් නෙවෙයි නෙ.

කාලයක් එංගලන්තයේ ඉඳන් ඇවිත් කොහොමද මෑන් නළුකම අස්සෙ ගහපු ගේම කියලනෙ සිද්ධි එළියට එද්දි අපට හිතුනෙ.


දැන් ඉතින් ඒ හුම්මානෙම ගිනි පත්තුවෙලා අහවරයිනෙ.


ඒ අස්සෙ දුෂ්‍යන්ත් වීරමන් කියපු කතාවකුත් එළියට ආවා.ඒ කතාවට අනුව චරිත් අබේසිංහ සිංදුත් හොරකම් කරලා.


සිද්ධිය මේකයි.


ඒ දවස්වල දුෂ්‍යන්ත්ට පොඩි Studio  එකක් තිබිලා තියෙනවා .මේකට චරිතුත් එනවා යනවා සීන් එකේ ඉඳලා තියෙන්නේ .මෙහෙම ඇවිල්ලා ඉන්න වෙලාවට  චරිත් සිංදුවක පද මුමුණනවලු.පද ටික මරුලු.ඊට පස්සෙ දුෂ්‍යන්ත් වීරමන් මොකක්ද බං උඹ ඒ කියන සිංදුව කියලා අහලා.ආ බං ඒක මම එංගලන්තයේ ඉද්දි ලියපු සිංදුවක් කියලා.


අඩේ බං ඒක මරුනෙ ඒක මට කියන්න දෙන්න අපි සින්දුව කරමු කියලා දුෂ්‍යන්ත් කියද්දී මෑන් හරි මට හරියට පද ටික මතකත් නෑ ...මම හරිගස්සලා දෙන්නම් කියලා...


දැන් ඔක්කොම හරි ...චරිත් පද ටික දුන්නා .දුෂ්‍යන්ත් සිංදුව කරා.කරලා ඉවරවෙලා දවසක් program එකක ට ගිහින් මේ සින්දුව ගැනත් කියල Studio  එකට වෙලා ඉද්දි දුෂ්‍යන්ත්ට call එකක්  ඇවිත් දන්නෙ නැති අංකයකින්.


දුෂ්‍යන්ත් හිතලා වැරදිලා ආව call එකක්  කියලා.


ඒත් ඇමතුමේ ඉන්න කෙනා කතා කරද්දී තමයි  දුෂ්‍යන්ත් ට හීන් දාඩිය දාලා තියෙන්නේ 


මම ඔබතුමාට බොහොම කැමති කෙනෙක් . ඔබතුමා  අලුත් සින්දුව ගැන කතා කළානෙ .ඒ සින්දුව ලියුවෙ චරිත් අබේසිංහ නෙවෙයි මම.ඒ කාලෙ චරිත් අපේ බෑන්ඩ් එකක ප්ලේ කළා .මම ඔය සින්දුව ලියුවෙ ඒ කාලෙ .ඔය සින්දුව චරිත් ගාව තිබ්බා .එයා ලියුවා කියලා එයා ඔය දීලා තියෙන්නේ මම ලියපු සින්දුව .orginal  සින්දුවේ පද කීපයක් වරද්දලා එයා හැබැයි දීලාතියෙන්නෙත්.කමක් නෑ ඔබතුමා ඒ සින්දුව කියන්න......


දුෂ්‍යන්ත් ට පට්ට upset  ලු.

හැරෙන තැපෑලෙන් චරිත්ට call  එක ගනිද්දී කතාව ඇත්තලු.

හැබැයි පොර ශේප් න්‍යායෙන් උත්තරේ දීලා තියෙන්නේ 


මට මතක තිබුණෙ බං මම එංගලන්තයේ ඉද්දි ලියපු එකක් කියලා ඕක..මට ඔය සිද්ධිය මතක තිබුණේ නෑ කීවලු.


පුහුල් හොරා කරෙන් දැනෙයි කීවට සින්දු හොරා මොකෙන් දැනෙයි කියන්නද ?

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post