ඔහු නොදන්නා කෙනෙක් නැති තරම්.
සිරස වොයිස් වේදිකාව නිවේදනයෙන් හැඩ කල සොදුරු තරුණයා ඔහු තමයි.
ඒ වගේම සිරස නිල පබළු අබිමන්ගේ චරිතය හරහා ඔහු ප්රෙක්ෂ්ස්කයාගේ ආදරය නොඅඩුවම දිනාගත්තා.
කුරුලුගේ අබිමන් ඔහුයි. ප්‍රධාන චරිතයකට පන පොවමින් ඔහු හැමෝගෙම ආදරණිය නළුවෙක්. විශේෂයෙන්ම තරුණියන්ගේ ආකර්ෂණය ඔහුට ලැබෙනවා.
ඉතින් සුමිරාන් සිය මුහුණුපොතේ පසුගියදා හරි අපූරු වීඩියෝවක් එකතු කර තිබුණා.
එහි සාරාංශය පහතින්,
“වලි දාගෙන මඩ කාගෙන සංගීත බලපු උන්ට ,කොන්සර්ට් යන්න බැරි උන්ට කොන්සර්ස් සෙට් නෑ..
හැමදාම රොටී කන උන්ට ,පීසා කන්න බැරි උන්ට පීසා සෙට් නෑ..ඊයා කියනවා..
නයිටිය පිටින් දවසම ගෙදර වැඩකරපා රෑට බීලා ඇවිත් මිනිහා Guටි දෙන ඇන්ටිලාට ,ෆැශන් දන්නැති කරන්න බැරි කමට,ෆැශන් සෙට් නෑ..
ගෙදර ගෑනි කාලා කාලා ලොරියක් වෙලා ඔහේ ඉන්න පිරිමින්ට ,වෙන ඔප්ශනුත් නැති නිසා ෆිට්නස් තියන ගෑනු සෙට් නෑ..
ඇගේ කලාවක් තාලයක් නැති ,ඇරියස් පිරිනු බයි මානසිකත්වයක් ඇති , අනිකාගේ හැකියාවට කුදුලු සලන තමන්ට මුකුත්ම බැරි සමහරක් මිනිස්සුන්ට ගේමක් ගහන චරිත සෙට් නෑ නෝනා වරැනි මහත්වරැනි..
මෙච්චර ඇරියස් මඩ ගහලත් ,ස්ටේජ් එක උඩ කාටවත් හානියක් නැති තම ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටින උමාරියා ඔව් මට අනුව මාර ගටක්,හයියක් තියන ලංකාවේ ගේමක් ගහන කොන්ද කෙලින් වැඩන් කරන ගෑනුන්ට ROLE MODEL එකක්..
මම ඒක ඊයෙත් කිව්වා,අදත් කියනවා…හෙටක් කියනවා..පුලුවන් නම් නවත්තපන්
හිතවතුනි…අදත් හෙටත් ඊයෙත් ඔබ හිතේ තියන දුකට ,ඇරියස් වේදනාවට,කර්මයට මේකේ කමෙන්ට් දාන එක කරයි..අපි අපේ ගමන යයි..
සොරි ෆීලින්ස් වලට හර්ට් උනානම්..”