ඔඩිෂන් යනකන් මම දන්නේ නැහැ -ෆියෝනා පෙරේරා

gossiplanka image 1
කිරුළක් දිනන්න නම් ක්ෂේත්‍රයේ ලොකු අත්දැකීම් තියෙන්නම ඕනද? නෑ, ඒකට හොඳම උදාහරණය ඇය. තමන්ගේ නම පැජන්ට් එකකට ඇතුළත් කරලා කියලා ඔඩිෂන් එකට යනකම්වත් නොදැන හිටපු ඇය, අද වෙනකොට ලංකාවටම කිරුළක් අරන් දීලා ජාත්‍යන්තරයට යන්න පෙරුම් පුරනවා. පෞද්ගලික අංශයේ රැකියාවත්, අධ්‍යාපනයත්, මේ හැමදේම බැලන්ස් කරගෙන එක රැයින් කැපී පෙනෙන තරුවක් වුණු නුගේගොඩ ෆියෝනා පෙරේරා, ඇගේ පළමු අත්දැකීම ගැන අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.Sri Lanka Latest News


ඔබේ විස්තර ටිකක් කියමු?

මගේ නම ෆියෝනා පෙරේරා. මම ඉන්නේ නුගේගොඩ.

මේ පැජන්ට් එකට ඉල්ලුම් කළේ කොහොමද? මොඩ්ලින් ගැන කලින් හැදෑරීමක් කරලා තියෙනවද?

මේකට මුලින්ම ඇප්ලයි කළේ මගේ අම්මා. නම දාලා ඔඩිෂන් යනකන් මම දන්නේ නැහැ. ඔඩිෂන් එකේදි තමයි මේක මොකක්ද කියලා මම දැනගත්තෙත්. පැජන්ට් සහ මොඩ්ලින් ගැන කිසිම අත්දැකීමක් නැහැ. මේ මගේ පළමු අත්දැකීම.

ගෙදරින් ලැබුණ සහයෝගය?

ගොඩක් ලොකු සහයෝගයක් ලැබුණා. මුලින්ම තාත්තා කැමැත්තෙන් නෙමෙයි හිටියේ මේ වගේ ක්ෂේත්‍රයකට එනවට. අම්මත් ලොකු කැමැත්තක් තිබුණේ නෑ. හැබැයි ඇප්ලයි කරලා තිබ්බා. හැබැයි ෆයිනල්ස් වෙනකොට තාත්තාගෙනුත් ලොකු සපෝට් එකක් ලැබුණා.

පැජන්ට් එකේ අමතක නොවන සිදුවීම් මොනවද?

කන්ටෙස්ටන්ට්ලා මාර විදිහට සපෝටිව්. කවුරු හරි වෝල්ක් කරන්න දන්නේ නැත්නම් ඒක කියලා දෙනවා. ඒකනම් අමතක වෙන්නේ නෑ.

මේ ගමනේ ආපු බාධා මතකද?

මං පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා. ඒකෙන් මේ වැඩේට ඇපෘවල් ගන්න එකට මං බයවෙලා හිටියේ. ඒත් ඒ ආයතනයේ ප්‍රධානියා ලොකු සපෝට් එකක් දුන්නා. ඒත් එක්කම රැකියාව සහ අධ්‍යාපන වැඩ එක්ක පැජන්ට් එකේ වැඩ බැලන්ස් කරගන්න එක තමා ලොකුම අභියෝගය වුණේ.



දිනපු අවස්ථාවේ දැනුණු හැඟීම විස්තර කළොත්?

මං ඇත්තටම හිතුවේ නෑ මට ක්‍රවුන් එකක් ලැබෙයි කියලා. මගේ නම්බර් එක කියනකොට එදා මාර ෂොක් එකක මම හිටියේ. ගොඩාක් සතුටුයි මේ වගේ ක්‍රවුන් එකක් ගන්න පුළුවන් වුණු එක ගැන.

දිගටම මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවද?

ජොබ් එක කරන ගමන්ම මොඩ්ලින් කරගෙන යන්න තමා බලාපොරොත්තු වෙන්නේ.

රංගනයට පිවිසෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?

දැනට නම් එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියේදි බලමු.

මේ ගමනට උදව් කරපු අයව මතක් කරමුද?

අම්මා, තාත්තා, මල්ලී මගේ ෆැමිලි එක. මං වැඩකරන ෆස්ට් කැපිටල් ආයතනයේ සී.ඊ.ඕ. ජාලිය විජේරත්න. ඒ වගේම අපේ ඩිරෙක්ටර් ඩොක්ටර් අසංක, චරිත් සර්, මලිති මිස් ඇතුළු පැජන්ට් එකේ හිටිය හැම කෙනෙක්ම ගොඩාක් උදව් කළා.

ඉදිරි වැඩකටයුතු මොනවද?

ඉදිරියේදී සැප්තැම්බර්වල තියෙනවා මිස් ග්ලෝබල් ඉන්ටර්නැෂනල් මේන් පැජන්ට් එක ජැමෙයිකාවල. ඒකට පෙර පුහුණුවීම් කටයුතු මේ මාසේ කරගෙන යනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post