අවුරුදු එකොළහකට පස්සේ මම විහඟ ප්‍රේමය කළේ - සබීතා පෙරේරා

gossiplanka image 1
 

   

ඔබව නැවත වතාවක් රිදී තිරයේ දැක ගන්න පුළුවන්. චිත්‍රපටයකට දායක වුණේ කොච්චර කාලෙකට පස්සෙද ?මමත් හිතුවේ නැති තරම් කාලයක් ගිහිල්ලා සිනමාවෙන් ඈත් වෙලා. මම අවසානයටම රංගනයෙන් දායක වුණේ ඇඩ්‍රස් නෑ චිත්‍රපටයට. අවුරුදු එකොළහකට පස්සේ තමයි නැවත චිත්‍රපටයක් එක්ක සම්බන්ධ වුණේ.


විහඟ ප්‍රේමය චිත්‍රපටය සමග ඔබට තිබෙන අත්දැකීම් කොයි වගේද?මට මීට පෙර චිත්‍රපටි කීපයකටම ආරාධනා ලැබුණා. සමහර තිර පිටපත් කියවපුවාම කරන්න බෑ කියලා හිතුණා. ඒත් විහඟ ප්‍රේමය චිත්‍රපටයේ තිරපිටපත කියෙව්වාම මට හිතුණා මේ චිත්‍රපටය කරන්න පුළුවන් කියලා. ඒ නිසා මම බාරගත්තා. මේ චිත්‍රපටයේ දී නවක රංගන ශිල්පීන් සමඟ වැඩ කරන්න ලොකු ඉඩ කඩක් ලැබුණා. ඉතින් හැමෝමත් එක්ක සහයෝගයෙන්, සතුටින් වැඩ කළා. විහඟ ප්‍රේමය කියන්නේ ලොකු කාලයකට පස්සේ බාරගත්ත වැඩක් නිසා වෙනස්ම අත්දැකීමක් ලැබුණා.මේ චිත්‍රපටය මේ වනවිටත් අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වෙලා අවසන්. ඒ ගැන කතා කළොත්?අපේ රටේ චිත්‍රපටයකට ජාත්‍යන්තර ඇගයීමක් ලැබෙනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක්. එහෙම ජයග්‍රණයක් ලබා ගන්නවා කියන්නෙත් පහසු දෙයක් නෙවෙයි. විහඟ ප්‍රේමය චිත්‍රපටය ලෝකයේ හොඳම සිනමා උළෙල් ගණනාවක්ම නියෝජනය කළා වගේම ජාත්‍යන්තරික වශයෙන් සම්මානයටත් පාත්‍ර වුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.සංජීව පුෂ්පකුමාර වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත අධ්‍යක්ෂකවරයෙක් සමග වැඩ කරන්න ලැබීම දැනුණේ කොයි විදියටද?ඇත්තටම සංජීව ජාත්‍යන්තර සිනමාවත් එක්ක සම්බන්ධයි. ඔහු ලෝක සිනමාව ගැන ලොකු අවධානයකින් ඉන්න කෙනෙක්. ඔහුත් එක්ක වැඩ කරන්න මටත් ලොකු කැමැත්තක් තිබුණා. විහඟ ප්‍රේමය චිත්‍රපටයට ආරාධනා ලැබීමත් සමග ඔහුත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.මේ වෙනකොට චිත්‍රපට ක්ෂේත්‍රයේ නැවත පිබිදීමක් දකින්න පුළුවන්. ඒ ගැන ඔබේ අදහස මොනවගේද ?ඇත්තටම මම ගොඩක් දුක් වුණා අපේ චිත්‍රපට ක්ෂේත්‍රයේ කඩාවැටීමත් එක්ක. නමුත් ඒ තත්ත්වය මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒ ගැන හරිම සතුටුයි. වර්තමානයේ ගොඩක් අය චිත්‍රපට කරන්න පෙළඹිලා ඉන්නවා. නළු නිළියන්ට නව අවස්ථා ලැබෙනවා. ප්‍රේක්ෂකයෝ නැවත සිනමාශාලා කරා ඇදෙන්න පටන් අරන් තියෙනවා. මේ අවුරුද්ද හරියට චිත්‍රපට වසන්තයක් වගේ. සිනමාවට ආදරේ කරන කෙනෙකුට, සිනමාව ගැන කැක්කුමක් තියෙන කෙනෙකුට සිනමාව ගැන සතුටු වෙන්න පුළුවන් කාලයක් ඇවිල්ලා තියෙනවා.


පෞද්ගලික ජීවිතයට මුල්තැන දීලා සිනමාවෙන් ඈත්වීම ඔබට දැනුණේ කොහොමද?මම දන්න කාලයේ ඉඳන් සිනමාවත් එක්ක වැඩ කරපු කෙනෙක්. ඇත්තටම මට පොඩි විවේකයක් ඕනි වුණා. මම නිදහස ගොඩාක් අගය කරන කෙනෙක්. ඉතින් ඒ නිදහස තමයි මම ලබා ගත්තේ. හොඳ වැඩක් ලැබුණොත් බාරගන්නවා. ඒ හැර වැඩත් එක්ක ලොකුවට කාර්යබහුල වෙන්න නම් කැමැත්තක් නැහැ. නමුත් සිනාමාව කියන්නේ මගෙන් ඈත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ තරමට මම සිනමාවට ආදරෙයි.ඔබේ පුතා ගැන කතා කළොත්?ඔහු මේ වෙනකොට අධ්‍යාපන කටයුතු අවසන් කරලා අපේ ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා.නැවත වරක් සිනමාවට පැමිණීමත් සමග ස්වාමි පුරුෂයාගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?මගේ මහත්තයත් පුතත් දන්නවා මම රංගනයත් එක්කම හිටපු කෙනෙක් කියලා. ඒ දෙන්නා හරිම කැමතියි මම රගපානවට. මාව දකින ගොඩක් අය අහනවා ඇයි දැන් කේෂේත්‍රයේ පේන්න නැත්තේ කියලා. ඒ වෙලාවටත් ඒ දෙන්නම කියන්නේ කැමති නිර්මාණ තියෙනවා නම් භාරගෙන වැඩ කරන්න කියලයි.ඔබ ආගම දහමට වැඩි වශයෙන් නැඹුරු වූ බවක් පේනවා. හේතුව මොකක් ද?ඔව් මට දැන් ඒ දේවල් වෙනුවෙන් වෙලාව තියෙනවා. බුදු දහම කියන්නේ දර්ශනයක්, ඒ අනුව යමින් ජීවිතය ගැන අවබෝධ කරගන්න මාත් කැමතියි. මම ඉස්සර ඉඳන්ම පොත පත කියවපු කෙනෙක්. ඒ හුරුවත් එක්ක දැන් ආගමික පොත් පත් වැඩිපුර පරිශීලනය කරනවා.ජීවිතයේ අමතක නොවන අත්දැකීම මොනවද?මගේ පවුලෙන් ලැබුණු සහයෝගය, මහත්තයාගේ හමුවීම, පුතා ලැබුණු එක, මට අමතක නොවන සිදුවීම්. ඒ වගේම මගේ පළවෙනි චිත්‍රපටයට සම්බන්ධ වුණු විදිහ, හොඳම නිළිය, නැගී එන නිළිය, නවක නිළිය, සහය නිළිය, ජනප්‍රියම නිළිය, කුසලතා වැනි සම්මානයන්ට පාත්‍ර වුණු අවස්ථා මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඒ දේවල් මහන්සියෙන් කැපකිරීම් කරලා උපයාගත්ත දේවල්.ඉදිරියේ දී ඇති බලාපොරොත්තු මොනවද?බලාපොරොත්තු ගොඩක් නෑ. සතුටින් නිදහසේ ජීවත් වීමයි එකම බලාපොරොත්තුව. ඒ අතරේ කලාත්මක නිර්මාණයක ගැළපෙන චරිතයක් ලැබුණොත් භාරගන්නවා.රසාංජලී වාසල

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post