මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ සමන්තාගේ චරිතය වෙනුවෙන් තරින්දි ප්‍රනාන්දුට හිමිවුණා. හොඳම නිළිය වීම ගැන තරින්දිගේ අදහස දැනගන්න අපි හිතුවා.
තරින්දිට ඉරගිනි මද්දහනෙ සමන්තව දැනුණේ කොහොමද?
වසර 8ක් තිස්සෙ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන කාලය අතරතුර මගේ රංගන හැකියාව පුළුල්ව ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කරන්න ලැබුන විශිෂ්ට ටෙලි නිර්මාණයක් විදිහට ඉරගිනි මද්දහන මම හඳුන්වන්න කැමැතියි. ඉරගිනි මද්දහනෙ සමන්තා, මවගේ වියෝවෙන් පස්සෙ බාල සහෝදරයන් රැකබලාගෙන, පිරිමින්ගේ බලපෑම් මැද ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගාගෙන, දිරියෙන් නැගිටපු ගැහැනියක්. අභියෝග, බාධක මැද්දෙ ජීවිතය ගොඩනගා ගත්තත් සමන්තට වැරදුණේ ආදරය කියලා හිතාගෙන මිරිඟුවක් පස්සෙ යන්න ගහින්. ඉතින් සමන්තව සම්පූර්ණ හොඳ හෝ නරක නැති, සමාජයේ ජීවත් වන සාමාන්‍ය අළු පැහැති ස්ත්‍රී ආත්මයක් විදිහටයි මට දැනුණේ. මේ විදිහෙ යථාර්ථවාදී චරිතයක් රඟපාන්න ලබාදීම ගැන මම ඉරගිනි මද්දහන අධ්‍යක්ෂ ලලිත් රෝහිත එදිරිසිංහට ස්තූතිවන්ත වෙනවා.
සමන්තා වගේ දුක්විඳින සහ උත්සාහවන්ත කාන්තාවකගේ චරිතය තරින්දිට රඟපාන්න පුළුවන් වුණේ කොහොමද?
සමන්තගේ චරිතය සාර්ථකව රඟපාන්න මට පුළුවන් වුණේ මගේ අම්මා නිසයි. මගේ අම්මා අසුන්තා දුක දරාගෙන ධෛර්යෙන් ජීවිතය ජයගන්න උත්සාහ කරපු ගැහැනියක්. අම්මා අපේ පවුල ගොඩගන්න කොච්චර මහන්සි වුණාද දුක්වින්දද කියලා මම පුංචි කාලෙදි හොඳට දැනන් හිටියා. අපේ අම්මා ඉදිආප්ප තම්බලා කඩවලට විකුණලයි මටයි මගේ අක්කටයි ඉගැන්නුවෙ. ඒ දවස්වලදි මම අම්මට උදව් වෙවී අම්මා කියපු වැඩ කළාට කවදාවත් හිතුවෙ නැහැ අම්මා වගේ චරිතයක් රඟපාන්න මට ලැබෙයි කියලා. අද අම්මා අපි අතර නැති වුණත් අම්මගේ ආශිර්වාදය සමන්තගේ චරිතය රඟපෑමේදී මට ලැබුණා කියලා මම විශ්වාස කරනවා.
තරින්දි සාර්ථක රංගන ශිල්පිනියක් වුණේ කොහොමද?
රංගනය විෂයක් විදිහට ප්‍රගුණ කරලා රංගනයට ගරු කිර්ම සහ ආදරය
රංගනයෙන් ඉවත්වෙන්න හිතෙන තරමට පීඩනයෙන් හිටිය කාලයක් තිබුණා
කිරීම තුළින් මට සාර්ථක රංගන ශිල්පිනියක් වෙන්න ලැබුණා කියලයි මම විශ්වාස කරන්නෙ. රංගනය පිළිබඳ මගේ මුල්ම ගුරුවරයා මහේන්ද්‍ර පෙරේරා මට දුන්න උපදෙස තමයි රංගනයට ගරු කරනවා නම් ආදරය කරනවා නම් රංගනය අපිට සලකන්නෙ ටොකු ඇන ඇන කියලා. ඉතින් මේ දවස්වල මට
රංගනය ටොකු අන ඇන සලකන ගමන් ඉන්නෙ. සමහරු හිතාගෙන ඉන්නවා රංගන වෘත්තීය අනිත් වෘත්තීන්ට වැඩිය වටිනාකමින් අඩු සිල්ලර වෘත්තියක් කියලා සහ නළුවෙක් නිළියක් වීම ඉතාම ලේසි දෙයක් කියලා. ලෝකයේ අනිත් පිළිගත් වෘත්තීන් හා සමානව පිළිගත් වෘත්තියක් තමයි රංගනය කියන්නෙ. රංගන වෘත්තීය තුළින් ලාභ ඉපැයීමක් සහ සෞන්දර්යාත්මක හරවත්කමක් සමාජයට ලැබෙනවා. තමන්ව අමතක කරලා තව කෙනෙක්ගේ චරිතයක් ආරෝපණය කරගැනීම ලේසි දෙයක් නෙමෙයි. ඒ සඳහා රංගනය ගැන පුළුල්ව හදාරලා බාහිර රූප ස්වභවයෙන් පවා කැපකිරීම් කරලා නළුනිළියො විදිහට අපි රංගන වෘත්තීයේ නියැළෙන්නෙ.
රංගන ක්ෂේත්‍රයට තුළ තරින්දිට අභියෝග තිබුණද?
රංගන ක්ෂේත්‍රය ගැන අහන්න තිබ්බ සෘණාත්මක දේවල් එක්ක මගේ අක්කා එච්චර කැමැති වුණේ නැහැ මම රංගන ක්ෂේත්‍රයට එනවට. අක්කට හොරෙන් අම්මා තමයි මට රංගන ක්ෂේත්‍රයට එන්න උදව් කෙරුවේ. ඉතින් අම්මගේ උදව්වෙන් රංගන ක්ෂේත්‍රයට ඇවිත් රංගන කටයුතු කරන්න පටන්ගත්ත දවසෙ ඉඳලා අද වෙනකන් කේලම්, කටකතාවලට මුහුණ දුන්නා. ඒ වගේම සමාජ මාධ්‍යවලින් අපේ ජීවිතවල නැති දේවල් කටකතා විදිහට හදලා මඩගහන්න උත්සාහ කරපු අවස්ථාවලට මම අනන්තවත් මුහුණදීලා තියනවා. ඒ සියලු දේවල් එක්ක රංගන ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න තරම් පීඩනයකින් හිටපු කාලයකුත් මට තිබුණා. නමුත් අම්මගේ ආශිර්වාදයෙනුත් දෙවියන් වහන්සේගේ රැකවරණයෙනුත් ඒ දේවල්වලට ධෛර්යසම්පන්නව මුහුණදීලා ජීවිතය ජයගන්න මට ශක්තිය ලැබුණා.
තරින්දිගේ ජීවිතයට චතුරගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මම ක්ෂේත්‍රය ජයග්‍රහණය කරලා ඉස්සරහට යෑම චතුර ක්ෂේත්‍රය ජය අරගෙන ඉස්සරහට යෑම හා සමානයි කියලයි මට නිතරම චතුර කියන්නෙ. චතුරත් කාලයක් තිස්සෙ රංගන ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නිසා මම ගැන සහ මම යන
ඉලක්කය ගැන එයාට හොඳ අවබෝධයක් තියනවා. ඒ නිසා චතුර නිතරම මම වෙනුවෙන් ඉන්නවා. පවුලෙ අයට පස්සෙ මගේ රංගන ජීවිතයට සහ පෞද්ගලික ජීවිතයට ලොකු ශක්තියක් සහයෝගයක් දෙනකෙනා තමයි චතුර.
චතුර එක්ක විවාහ වෙන්නෙ කවදාද?
මගෙත් චතුරගෙත් ජීවිතයේ තව ඉලක්ක සහ බලාපොරොත්තු තියනවා. ඒ දේවල් ඉටුකරගත්තට පස්සෙ අපි විවාහය ගැන හිතනවා.