Josiya ලෙසින් ප්‍රේක්ෂකයන් හමුවට එන කවිඳු යසස්

gossiplanka image 1
 

මගේ ජීවිතයට ඔනිත කියන චරිතය බොහෝ සේ ළඟයි Josiya නමින් සමාජ මාධ්‍ය වේදිකාව හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි ඔහු මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ‘මං ආදරෙයි‘ ටෙලි නාට්‍යයේ ඔනිතගේ චරිතය හරහා ප්‍රේක්ෂකාදරය දිනා ගෙන සිටියි. අද අපේ කතා බහ ඔහු සමඟයි. ඔහු නමින් කවිදු යසස්.



ඔබ රංගනයෙන් දායක වන මං ආදරෙයි ටෙලි නාට්‍යය ගැන මොකද හිතෙන්නේ ?


‘මං ආදරෙයි‘ ටෙලි නාට්‍යය පාසල් කාලයේ සොඳුරු මතකයන් පිරි ලස්සන ආදරණීය කතාවක්.


නිර්මාණයට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබෙන්නේ කොහොමද ?


ටෙළිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන හර්ෂ උඩකන්ද අයියා සහ ඔහුගේ බිරිද ශලනි ප්‍රනාන්දු නංගි යන දෙන්නගෙන්ම තමයි ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ආරාධනාව ආවේ. මුලින්ම හර්ෂ උඩකන්ද අයියා අධ්‍යක්ෂණය කළ දෙරණ නාළිකාවේ විකාශනය වුණු ප්‍රාර්ථනා කියන ටෙලි නාට්‍යයට.


ඒ දිනවල මට රූපගත කිරීම්වලට කාලය නොතිබුණු නිසා එම ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න නොහැකි වුණා. පසුව මම ‘මං ආදරෙයි‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.


ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය දැනෙන්නේ කොහොමද ?


ටෙලි නාට්‍යයේ මගේ චරිතයේ නම ඔනිත. මම මේ ඔනිත කියන චරිතයට හුඟක් ආසයි. ඔහු විනෝදකාමී තරුණයෙක්. පෞද්ගලිකවම මගේ ජීවිතයට ඔනිත කියන චරිතය බොහෝ සේ ළඟයි. මම බොහෝම කැමැත්තෙන් ඔනිත චරිතයට මට හැකි උපරිම ලෙස සාධාරණයක් කරන්නයි උත්සාහ කරන්නේ.


අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය මොන වගේද?


අධ්‍යක්ෂවරයා වන හර්ෂ අයියා මට උපරිම නිදහස දෙනවා ප්‍රේක්ෂකයන්ගේ මුහුණට සිනහවක් ගේන්න මට හැකි උපරිමය කරන්න. ඔහුගේ මඟ පෙන්වීම ගොඩක්ම මට වටිනවා. විශේෂයෙන්ම මේ ටෙලි නාට්‍යය මගේ ප්‍රථම ටෙලි නාට්‍යය නිසා ‘ඔනිත‘ චරිතයෙන් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබීම ඉමහත් සතුටක්. නාට්‍යයෙහි තිර රචනය හර්ෂ අයියා හා අහිංසා නංගි “ඔනිත” ගේ චරිතය හා අනෙකුත් චරිත ද ‘මං ආදරෙයි‘ නාට්‍යය ලස්සනට තිර රචනය කරනවා.


ලාල් වීරසිංහ මහත්මා සම නිෂ්පාදනය කරනවා. ශලිනි ප්‍රනාන්‍දු හා මෙම නාට්‍යයෙහි ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගෙන් හා ශිල්පිනියන්ගෙන් ද ලැබෙන අවවාද හා මඟ පෙන්වීම මා ඉතා අගය කොට සලකනවා. මගේ සහෝදර ශිල්පීන්ගේ හා ශිල්පිනියන්ගෙන් ද ලැබෙන සහයෝගයත් ගොඩාක් වටිනවා. විශේෂයෙන්ම කැමරාවෙන් පිටුපස සිටිනා HU creations හි සියලුම දෙනාගෙන් මා හට ලැබෙන සහයෝගය ඉතාමත් අගය කොට මා සලකනවා.


ඔබ රංගනයට පිවිසීම සිදු වෙන්නේ කොහොම ද ?


මගේ පාසල ලුම්බිණි විද්‍යාලය. පාසල් කාලේ ලුම්බිණි රඟහලේ නාට්‍යය සඳහා සම්බන්ධ වුණා. පාසල් කාලයෙන් පසුව මගේ මිතුරෙකු වන චමත් සඳරු මට බොහෝ උදවු කරනවා. ඔහු තමයි මට ලෝචනා ජයකොඩි අක්කා හඳුන්වා දෙන්නේ. චමත් ලෝචනා අක්කා සමඟ රංගන කටයුතුව නියැළෙනවා. ලෝචනා ජයකොඩි අක්කා හරහා තමයි Josiya කියන නාමයෙන් සමාජ මාධ්‍ය වේදිකාව තුළින් ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.


ඔබ ඉදිරියේ දී රඟපෑමට කැමැත්තෙන් ඉන්න චරිත තියෙනවා ද?


ඉදිරියේ දී මට ලැබෙන ඕනෑම අභියෝගයකට උපරිම සාධාරණයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.


රංගන කටයුතු සාර්ථක කර ගන්න පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මගේ පවුලේ ඉන්නේ අම්මා, සීයා, නංගිලා දෙන්නෙක් සහ මල්ලී. පියා මීට නොබෝ දිනකට පෙර මිය ගියා. මම ආපු මේ ගමනේ සම්පූර්ණ ගෞරවය මගේ පවුලට දෙන්නම වෙනවා. එයාලගෙන් ලැබෙන සහයෝගය මට ගොඩාක් පහසුවක් වගේම ඉතාමත් වටිනවා. ඒ හා සමානම සහයෝගයක් මා වටා ඉන්න මිතුරු , මිතුරියන්ගෙන් ලැබෙනවා. එයාලටත් ගොඩක් ස්තුතියි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post