Miss Universe Sri Lanka 2026 කිරුළ හිස දරද්දී ඇස්වලට කඳුළු ආවා -නිම්හාරා සසින්දි සේනානායක

gossiplanka image 1
 


මෙවර ශ්‍රී ලංකාවේ Amanté Miss Universe Sri Lanka 2026 කිරුළ දිනා ගත්තේ ප්‍රකට රංගන ශිල්පිනියක, නිරූපිකාවක සහ Content Creator කෙනෙක් වන නිම්හාරා සසින්දි සේනානායක. ඇය 2026 නොවැම්බර් මාසයේදී පුවර්ටෝ රිකෝ (Puerto Rico) හි පැවැත්වීමට නියමිත 75 වන ලෝක Miss Universe තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට ද නියමිතය. රසඳුන මේ කතාබහ නිම්හාරා සසින්දි සේනානායක සමඟ


Miss Universe Sri Lanka 2026 කිරුළ හිස දරද්දී ඔබට දැනුණු ප්‍රථම හැඟීම මොන වගේද?


ඒ හැම මොහොතක්ම මට ලොකු සතුටක් ගෙන ආවා. ඒ සතුට වචනවලට පෙරළන්න බැහැ. මම කරපු කැපවීම, මහන්සිය සහ මගේ අයගෙන් මට ලැබුණු සහාය එක මොහොතකින් මට මතක් වුණා. ඇස් දෙකට සතුටු කඳුළු ආවා.


කොච්චර කාලයක් තිස්සේ මේ හීනය දැක්කද?


මම පොඩි කාලේ ඉඳන් දැක්ක හීනයක්. මගේ පවුලේ හීනයක් තමයි අද සැබෑ වෙලා තියෙන්නේ. මගේ අම්මා තාත්තා දෙන්නම පැජන්ට් තරග ජයග්‍රහණය කළ අය. ඒ නිසා පුංචි කාලේ ඉඳන් මට බියුටි පැජන්ට් වලට යන්න සහ international stage වලට යන්න ආසාවක් තිබුණා.


තරගයට කොච්චර කාලයක් මහන්සි වුණාද?


ශාරීරිකව විතරක් නෙවෙයි, මානසිකවත් මාස ගණනාවක් තිස්සේ සූදානම් වුණා. යෝග්‍යතාව, කැට්වෝක්, කතා කිරීම, පෞරුෂ වර්ධනය වගේ දේවල්වලට මම ලොකු කාලයක් වෙන් කළා.


ඊළඟ ඉලක්කය මොකක් ද?


දැන් මගේ මුල්ම ඉලක්කය තමයි Miss Universe international තරගයේදී ලංකාව ගෞරවාන්විතව නියෝජනය කරන එක සහ ලංකාවට ජයග්‍රහණයක් අරගෙන එන එක.


ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනයන්න ඔබ සූදානම් වෙන්නේ කොහොමද?


මම මගේ සන්නිවේදන කුසලතා, විශ්වාසය, සංස්කෘතික දැනුම සහ සමාජ බලපෑම් ව්‍යාපෘති තුළින් මගේ රට ගෞරවාන්විතව නියෝජනය කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක කිරුළ විතරක් නෙවෙයි මගේ වගකීම විදියට මම දකින්නේ.


ජාත්‍යන්තර වේදිකාවකදී ලංකාවේ සංස්කෘතිය සහ අනන්‍යතාව ලෝකයට පෙන්වීමට ඔබ විශේෂයෙන් තෝරාගෙන ඇති තේමාව මොකක්ද?


මගේ ආසාවක් තියෙනවා ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය, ස්ත්‍රී ශක්තිය සහ අපේ මිනිසුන්ගේ කාරුණික භාවය ලෝකයට පෙන්වන එක. අපේ රට ගැන කතාවක් කියන්න පුළුවන් තේමාවක්න් තෝරා ගන්න බලාපොරොත්තු වෙනවා.


ඔබ ආරම්භ කළ “Nims Ray of Hope” පදනම හරහා ඔබ බලාපොරොත්තු වන ප්‍රධාන සමාජ මෙහෙවර කුමක්ද?


“Nims Ray of Hope” හරහා මම බලාපොරොත්තු වෙන්නේ විශේෂ අවශ්‍යතාවන් ඇති අය, විශේෂයෙන් ළමයින්ට සහ කාන්තාවන්ට සහයක් ලබා දීලා ඒ අයගේ ජීවිත යහමඟට ගෙනියන එක. බලාපොරොත්තු සහ අවස්ථා කියන දෙක සමාජයට ලබා දෙන එක මගේ ඉලක්කය.


ඔබ රංගන ශිල්පිනියක්, නිරූපිකාවක් සහ Content Creator කෙනෙක්. මේ භූමිකාවන් සියල්ල සමබරව කරගෙන යන්නේ කොහොමද?


කාලය කළමනාකරණය කරන එක තමයි මගේ රහස. මම මේ මොහොතේ දෙන්න ඕනේ දේවල්වලට මූලිකත්වය ලබා දෙමින් විනයානුකුලව වැඩ කරනවා. මම සියලුම දේවල්වලට ආදරෙයි. ඒ නිසා මේ හැම දෙයක්ම කරන්න සමබරතාව හදා ගන්න පහසුයි.


ඔබ මීට පෙර Miss Tourism Planet 2022 කිරුළත් දිනාගත්තා. එදා ලබාගත් අත්දැකීම් මේ ගමනට උදවු වුණේ කොහොමද?


ඒ ජයග්‍රහණයත් මේ ගමන එන්න මට ලොකු අත්දැකීමක් ලබා දුන්නා. මම නිර්දේශ වෙලා ගිය එකත් එක්ක මට ජාත්‍යන්තර මට්ටමේ පැජන්ට් අත්දැකීමක් ලැබුණා. ඒක පැවැත්වුණේ ග්‍රීසියේ. ජාත්‍යන්තර මට්ටමේ වේදිකාවක් තුළදී ඇතිකර ගතයුතු ආත්ම විශ්වාසය ඇතිකර ගන්නේ කොහොමද කියන එක මම ඉගෙන ගත්තා.


ඉදිරියේදී සිනමාවෙන් හෝ ටෙලිනාට්‍ය කලාවෙන් රසිකයන්ට ඔබව දැකගන්න ලැබෙන අලුත්ම නිර්මාණ මොනවාද?


මේ වෙද්දීත් අලුත් නිර්මාණ ගැන සාකච්ඡා වෙනවා. ඒ දේවල් ගැන වැඩි විස්තර කියන්න දැන්ම බැරි වුණත් ඉදිරියේදී ඒ දේවල් ගැන රසිකයන්ට කියන්න මම බලාපොරොත්තු වෙනවා.


ඔබේ ගමන පිටුපස ඔබට ශක්තියක් වූ සහ අමතක නොවනම සහයෝගයක් දුන් පුද්ගලයන් කවුද?


මේ හැමදේම මගේ පවුල නිසා. අම්මා තමයි මගේ පාට්නර්. මගේ නැෂනල් ඩිරෙක්ටර් නිර්මාල් බණ්ඩාර. ඒ වගේම මගේ රසිකයෝ මට ලොකු ශක්තියක් වුණා. ඒ අයගේ ආදරේ සහ විශ්වාසය නැතුව මේ ගමන මෙතරම් සාර්ථක වෙන්නේ නැහැ.


රූ රැජනක් හෝ නිළියක් වීමේ සිහිනයක් දකින නවක තරුණියන්ට, ඔබේ අත්දැකීම් ඇසුරෙන් දිය හැකි හොඳම උපදෙස මොකක්ද?


ඔබේ සිහින ලොකු වුණත් ඒවා ගැන බය වෙන්න එපා. මහන්සියෙන් ඉගෙන ගන්න. විනයක් ඇතුව වැඩ කරන්න. ඔබ ඔබම ගැන විශ්වාසය තබන්න. මේ ගමන ලෙහෙසි එකක් නෙවෙයි. නමුත් කැපකිරීම් සහ මහන්සි වෙන්න පුළුවන් නම් ඔබට ඔබේ ඉලක්කයට යා හැකියි. Never give up on your dreams, Chase them.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post