ලස්සන මිනිස්සු කාටවත් ඉරිසියා කරන්නේ නෑ-ටනාෂා හතරසිංහ

gossiplanka image 1
 

ලංකාවේ කලා ලෝකයේ ඉන්න ජනප්‍රියම, විලාසිතාවලින් නිතරම හැඩවෙන සුරූපී තරුණ නිළියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ. Middle Eastern & North African Music



සාමාන්‍යයෙන් පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන ඉන්න ටනාෂා, ඇයගේ ෆේස්බුක් ගිණුමේ තැබූ අලුත්ම සටහනක් මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරාම ලොකු කතාබහක් නිර්මාණය කරලා තියෙනවා.


කෙලින් කතා කරන ටනාෂා, සමාජයේ ඉන්න කුහක සහ ඉරිසියාකාර මිනිස්සුන්ට වචනවලින්ම සුපිරි පාඩමක් උගන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහටයි..


ටනාෂා තැබූ සටහන..

"ලස්සන, Self confidence තියන මිනිස්සු කවදාවත් කා එක්කවත් ඉරිසියා නැහැ. ඒගොල්ලෝ කිසිම ලෝභකමක් නැතුව ඕනෑම කෙනෙක්ව අගය කරනවා.

හැමතිස්සෙම එකිනෙකාට වෛර කර කර, කුහකකම් කරන්නේ තමන් ගැන කිසිම විශ්වාසයක් නැති, කැත හිතක් තියෙන Insecure අය විතරයි..."


ටනාෂාගේ මේ සැර ප්‍රකාශය දැක්කම ඇයගේ රසිකයින්ට වගේම කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුට මතු වුණු ප්‍රධානම ප්‍රශ්නය තමයි, "ටනාෂාගේ මේ සැර පණිවිඩයේ ඉලක්කය වුණේ කවුද?" කියන එක.


මේ ගැන ටනාෂා කෙලින්ම නමක් සඳහන් කරලා නොතිබුණත්, කාටහරි ඇගේ හිත රිදෙන්න ලොකු කුහකකමක් කරලා තියෙන බව නම් මේ සටහනෙන් හොඳටම පැහැදිලියි. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
gossiplanka image 6
Previous Post Next Post