මම කැපකරපු කැපකිරීම් නිම්හාරා පුංචි කාලෙ ඉඳලම දැක්කා

gossiplanka image 1
අර්ජුන කොහොමද ? සෑහෙනෙ කාලෙකින් අපත් හම්බ වෙන්නේ මෙහෙම…


ඔව්… ඇත්තටම මම හිතන්නේ අපි පැජන්ට් නිසාම දැන් අවුරුදු 20 ක් විතර කාලෙක ඉදන් එකට වැඩ කරනවා නේ. මම හොඳින් ඉන්නවා. මේ දවස්වල ලොකු සතුටකින් ඉන්නව කියල කියන්නත් පුළුවන්.ඔව්… ඔව්… අපිත් ඒක දන්නවා. දුවගේ ජයග්‍රහණය ගැන ඔයාට මොන වගේ සතුටක් ද අද තියෙන්නේ?ඇත්තටම ලොකුම ලොකු සතුටක් තමයි මගේ හිතේ තියෙන්නේ. ඒක සතුටටත් වඩා එහා ගිය දෙයක් කියලා කියන්න පුළුවන්. මේක මගේ ලොකු බලාපොරොත්තුවක් ඉෂ්ටවීමක්. මොකද අපි ඉන්ඩස්ටි්‍ර එකේ ඉන්න අය හැටියට අපේ ළමයි හදනකොට ඒ ළමයින්ට දෙන්න පුළුවන් එකම උදාහරණය තමයි දැන් මට මගේ දුවව. එයාව එතනට ගෙනාව කියන්නේ ඊටවඩා හොඳම එක්සාම්පල් එකක් නැහැනේ මට අනෙක් ළමයින්ට දෙන්න. ඉතින් මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා මගේ දුවව මෙතනට ගේන්න. මම එතනට එයාව ගේන්න කාලෙක ඉඳලා ඉතින් හිමින් හිමින් වැඩ කළා. ඇත්තටම අපේ තිබුණ අඩුපාඩු ද අනිත් අයගෙන් වෙන අඩුපාඩු ද ඒ සෑම දෙයම දැකලා මම දුවව වැරදි නොවන තැනට ගේන්න හැදුවා. මේක එක රැයකින් දෙකකින් අපි කරපු දෙයක් නෙවෙයි. ඇත්තටම අද අපි ඒකේ සතුට වගේම ඒකේ ගෞරවයත් බුක්ති විඳිනවා.


නිම්හාරා Miss Universe International තරඟයට යනවා ශ්‍රී ලංකාව Present කරන්න. එතකොට එයාට ගොඩාක් දේවල් ඔයාලට ගෙදරින්ම කියල දෙන්න පුළුවන්. ඒකට කොහොම සූදානමක් ද ඔයාගේ පැත්තෙන් තියෙන්නේ…මම අර මුලින් කිව්වා වගේ එයාව International Pageant එකක් වෙනුවෙන් හදපු එක මේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. මෙයාව මම ටේ්‍රන් කලෙ කාලයක් තිස්සේ. ඒක එයාටත් නොදැනීම විශේෂයෙන්ම කියනවා නම් එයාගේ පොඩි කාලෙ එයාගේ පාසල පවා තෝරගන්නකොට අනාගතයේ මෙවැනි දෙයක් ගැන හිතලයි අපි තෝරගත්තේ. ඒකයි අපි දුවව ජාත්‍යන්තර පාසලකට එදා දැම්මේ.


මොකද ලංකාවේ බොහොමයක් ළමයි ඉන්ටර්නැෂනල් පැජෙන්ටවලට ගියාම තියෙන අඩුපාඩුව මොනාද, එයාලා පහුබහින තැන් දැනගෙන ඒවා අවම කරගන්න පුළුවන් විදිහට අපි නිම්හාරව හැදුවා. එහෙම බලද්දි අපි එයාව ඉන්ටර්නැෂනල් ස්කූල් එකට දැම්මේ අර නමට නෙවෙයි මේ ළමයා ඕරටැඑ එකට අරගෙන යන්න ඕන නිසා. ඇත්තටම එයා ඒ නිසා තමයි ඉංග්‍රීසි භාෂාව කොන්ෆිඩන්ස් ඇතුව කතා කරන්නේ. International Pageant එකට ඕන විදිහට කැරියර් එක ග්රුම් කර ගත්තේ. ඒ සෑම දේම එක දවසෙන් කරන්න බැහැ.අනිත් එක පැජන්ට් එකට ඇවිල්ලා ඒක කරන්නත් බෑ.


එහෙම කරනව නම් ඒකට මමත් විරුද්ධයි. මොකද පැජන්ට් එකක් පටන් ගත්තට පස්සේ ළමයෙක් හදන එක හරි අමාරු ඒ පැජන්ට් එක තියෙන්නේ බොහොම ටික කාලයක් නිසා.දැන් ඇත්තටම මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා එහෙම දෙයක් කරන්න. මොකද මට ඉන්ටර්නැෂනල් සටිෆිකට් එක හම්බවෙලා තියෙනවා මෙහෙ වර්ල්ඩ් ට්‍රේනින් ඇකඩමි එකක් පටන්ගන්න. ඒක ඇකඩමි එකට වඩා එහා ගිය University ටයිප් එකක් වේවී. ඉතින් අපේ ළමයින්ව මෙතන ඉඳලා ඉදිරියට හොඳ ස්ටැනන්ඩර්ඩ් එකට හදන්න බලාපොරොත්තුවක් මට තියෙනව.Manhunt International සඳහා මොකක්ද මේ සැරේ තියෙන සූදානම…


මේ සැරේ Manhunt International ෆයිනල් එක ලංකාවෙ තියෙන්නෙ. මොකද මේ වගේ Men Pageant එකක් ලංකාවේ ෆස්ට් ටයිම් තමයි වෙන්නේ. අනෙක මේක වර්ල්ඩ් නම්බර් වන් එකේ තියෙන පැජන්ට් එකක් නේ. ඉතින් ඒ වගේ එකක් අපි ගෙනල්ලා ලොකු වියදමක් දරලාස්පොන්සර්ස්ලත් එක්ක අපි වැඩේ දැන් හොඳට ප්ලෑන් කරගෙන යනවා. ලංකාවේ තරඟය සැප්තැම්බර් 03 පටන් ගන්නේ 08 තමයි Grand finale Cinnoman Life එකේ අපි කරන්නේ.රටවල් කීයක් ලංකාවට එන්න මේ වෙනකොට පොරොන්දු වෙලා තියෙනවද?


රටවල් 40 ක්ම දැන් කන්ෆම් කරලා තියෙනවා Final එකට ලංකාවට එනවා කියලා.


නිලූ ඉතින් කොහොමද කාලෙකට පස්සේ ඔයාව දකින්නේ?


හොඳින් ඉන්නවා. ඉතින් මාර මහන්සියක් තමයි අපි බබත් එක පහුගිය දවස්වල වුණේ. ඇත්තටම අපිටත් වඩා මහන්සිය ඇත්තේ එයාට තමයි. Stage එකේ එයා ෆොර්ෆර්ම් කරද්දි අපි ෆැමිලි එකක් විදිහට ඔක්කොම බැකප් එකනේ දුන්නේ. එයාට එයාගේ ඇඟෙන්ම ඇවිල්ලා තියෙන්නේ මේ දේවල්. අපිට තිබුණේ පොඩි පොඩි අඩු පාඩුකම් එයාගෙ හදල දෙන්න විතරයි. ඉතින් ඒ ටික තමයි අපි එයාට කරල දුන්නේ. එයා තමන්ගේ පාඩුවේ තමන්ගේ Target එකට ගියා.


නිලූ ඔයා මිසිස් තරඟයක්නේ 2013 දී දින්නේ. හැබැයි දුව දිනන්නේ මිස් තරඟයක්නේ. අද මොන වගේ සතුටක්ද අම්මා විදිහට ඔයාට තියෙන්නේ…


ඇත්තටම කියනවා නම් මම ආයෙමත් අලුත් වුණා වගේ දැනෙනවා. Mrs. Asia International 2013 දී මම දිනන කොට මට බබාලත් ඉන්නවා. ඉතින් එයාලත් ටිකක් ලොකුයි. ඒ කාලේ තරඟය වෙනුවෙන් මගේ කැපවීම මගෙ දුවලා දෙන්නම පොඩි කාලේ ඉඳලම දැක්කා. එයාලා එතන ඉඳලම ජීවිතවලට ඒවා එකතු කරගන්න ඇති. අදටත් මාව දැක්කම සමහරු අහන්නේ මිස් කෙනෙක්ද කියලා.


ඒ තමයි තමන් වෙනුවෙන් කැපවීම. ඒ කැප කිරීම නිම්හාරා මේ පැජන්ට් එක වෙනුවෙන් උපරිමයෙන් කළ විදිහට මම ඇස් දෙකෙන්ම දැක්කා. ඒකයි එයා මේ වයසෙදි Miss Universe International වගේ Tittle එකකින් ලංකාව නියෝජනය කරන්න තේරුණේ.අම්මා කෙනෙක් හැටියට ඒ සතුට මට දුන්නට එයාට ගොඩක් ස්තූතියි. ඉතින් මගේ එකම හීනේ තමයි එයාව දිනවන එක. ඉන්ටර්නැෂනල් තරඟේ එයා ලංකාව බබලවනවා දකින එක. රට වෙනුවෙන් කීර්ති නාමයක් ගෙනෙන එක අපි සුළුවෙන් හිතන්නෙ නැත්තේ ඒකයි.


Miss හෝ Mrs Title එකකින් පස්සේ මේ කර්මාන්තයේ ඉන්න එක ලෙහෙසිද ? අමාරු ද ?


ලේසි නැහැ. මොන දේත් ලේසි නැහැ නේ. ඉතින් ඇත්තටම අපිට හැමදාම පාඩමක් තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ජීවිතය කියන්න ඉතින් හැමදාම මොනවා හරි ඉගෙන ගන්න එකටනේ. Mrs හෝ වේවා Miss හෝ වේවා පවුල දරුවෝ එක්ක යනකොට කැපවීම් කරන්නම ඕනේ. කැපවීම් නැත්නම් මේ තැනට එන්නම බැහැ. මොකද මාත් එක්ක හිටපු මගේ ඉන්ඩස්ටරි කට්ටිය ගොඩක් අද Industry එකේ නැහැ. ඉතින් මම ඒ තැනම ඉන්නවා තාම.


මම ගොඩක් ළමයිව ට්‍රේනින් කරනවා. ළමයින්ට උගන්නනවා කොහොමද අපි මේ තැනට කැපවීමෙන් ආවේ කියල. නිම්හාර මගේ දුව වුණත් එයාටත් මේ ඉන්ඩ්‍රස්ට්‍රි‍ එකේ ඉදිරියට යන්න ලෙහෙසි වෙන්නේ නෑ. හැබැයි වෘත්තිය වෙනුවෙන් කැපවෙන කෙනෙක්ට ඉන්ඩ්‍රස්ට්‍රියේ ඉන්න අමාරුවකුත් නෑ.


නිම්හාර කොහොමද ?හොඳින් ඉන්නවා. තාම දවස් දෙකයි මම Miss Universe International Srilanka වෙලා. ඇත්තටම මේක තමයි මගේ පළවෙනි ඉන්ටර්විව් එක කිරුළ දිනාගත්තට පස්සේ කරන. ඉතින් මම ගොඩක් සතුටින් ඉන්නවා.International Pageant එක කවදද ? කොහෙද ? තියෙන්නේ…Miss Universe 2026 තියෙන්නේ දකුණු ඇමරිකාවේ Puerto Rico දූපත්වල නොවැම්බර් මාසේ. ඉතින් ලොකු සූදානමක් වෙන්න ඕනේ ඒකට. මොකද ලෝකේ තියෙන ලොකුම පැජන්ට් එකකට තමයි මම මගේ රට නියෝජනය කරන්නේ. කිරුළ ගේන්න ලොකු බලාපොරොත්තුවක් තියාගෙන තමයි මම ජාත්‍යන්තර තරඟයට යන්නේ.Miss Universe International Sri lanka තරගයට මොන වගේ සූදානමක් ද ඔයාගෙන් තිබුණේ…මේක මගේ පොඩි කාලෙ ඉඳලම තිබුණු ලොකු හීනයක්. මට වැඩිය මගේ අම්මිගෙයි තාත්තිගෙයි තිබුණු ලොකු හීනයක් ඉෂ්ට කිරීමක්. ඉතින් Pageant එකකට සහභාගී වෙනවා කියන්නේ අපි ෆිසිකලි විතරක් නෙමෙයි ගොඩාක් පැතිවලින් රෙඩි වෙන්නන ඕනේ. අපේ ටැලන්ට්ස් අපි තව වැඩි කරගන්න ඕනේ. මම Pageant එක පටන් ගන්න මාස හතරකට විතර කලින් ඉඳලා ඇත්තටම ටේ්‍රනින් වෙන්න පටන් ගත්තා. ඉතින් මගේ National Director නිර්මාල් බණ්ඩාර සර්ව මේ ඒ වෙලාවේ ආදරෙන් මතක් කරන්නේ ඕනෙ. මගේ මේ ගමනට ගොඩක් අය මට උදව් කළා. මගේ පේරන්ට්ස්ලා, මගේ නංගි ටෙනුලි, මගේ යාලුවෝ, මගේ පාට්නර් ඇතුළ හැමෝටම මම තැන්කියු කියනවා. දැන් මම දන්නවා මගේ හිස මත කිරුළ විදියට අද තියෙන්නේ ලංකාවෙ මිලියන විසි දෙකක ජනතාවගේ බලාපොරොත්තුව කියල.කොහොමද ඒ වගකීම දැන් හිතට දැනෙන්නේ…ඔව් ඇත්තටම ඒ වගකීම සෙල්ලමකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මේක ලෝක තරඟයක්. ඉතින් මම මගේ රට තමයි ඉස්සරහාට ගෙනියන්නේ මගේ නම නෙවෙයි. එතකොට මම කොහේ ගියත් මම කතා කරන විදියහෙන්, මම ෆර්ෆෝම් කරන විදිහෙන් මගේ රට තමයි ඇත්තට මම නියෝජනය කරන්නේ. මගේ ඇඳුම්වලින්, මගේ ස්පීච්වලින් මම ලංකාව නියෝජනය කරනවා. මගේ රටට මිස් යුනිවර්ස් කිරුළ අරගෙන එන්න බලාපොරොත්තුවක් තමයි මේ වෙනකොට මට තියෙන්නේ.තරුණ ගැහැණු ළමයෙක් විදිහට මොන වගේ ආත්ම විශ්වාසයක්ද ඔබ ගොඩනගාගෙන තියෙන්නේ…ගර්ල් කෙනෙක් විදිහට මේ ලබපු Experience එක ගැන ඇත්තටම මම සතුටු වෙනවා. හිතමුකෝ ඇත්ලටික් කරන කෙනෙක් චැම්පියන් ටාගට් එකේ යනකොට එයා ස්පෝට්ස් පැත්ත විතරයි නේ ගොඩක් වෙලාවට ඩිවලොප් කරගන්නෙ. ඒ වුණාට පජන්ට් එකට යනකොට මේක Personally ඕවරෝල් development එකක් වෙනවා කෙනෙකුගේ.අපි කතා කරන විදිය, විදිහ ඇවිදින විදිහ ඇඳුම් පැළඳුම් තෝරගන්න විදිය මේ සියල්ල වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම මම හිතනවා මේ පැජන්ට් එකේ මේ මාස හතරේදී මගේ ගොඩක් ලොකු වෙනසක් වුණා කියලා. පළවෙනි දවසේ ආපු නිම්හාරා නෙමෙයි අද මෙතන මේ ඉන්නෙ.හරින්දී ලියනගේ ✍️

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post