ඔහු සිංහල සිනමාවේ සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දශක කිහිපයක් මුළුල්ලේ ආකර්ෂණීයම මෙන්ම ජනප්‍රියම රංගන ශිල්පියෙකු සහ අධ්‍යක්ෂවරයෙකි. එහෙත් සෙසු කලාකරුවන් මෙන් නොව, ඔහු මාධ්‍ය හමුවේ නිතර පෙනී සිටින්නෙකු නොවේ.
සමාජ මාධ්‍ය ජාලාවලින් සහ ප්‍රසිද්ධිය නඩත්තු කිරීමේ ආයාසකර උත්සාහයන්ගෙන් බැහැරව, තමන්ටම ආවේණික වූ නිහඬ සහ හුදකලා ජීවිතයක් ගත කරන චන්න පෙරේරා, වසර දහයකට පමණ පසු නැවතත් ටෙලිනාට්‍ය රංගනයට එක්ව සිටී.
ප්‍රවීණ රංගන ශිල්පිනී ගයාත්‍රි ඩයස් සමඟ පැවති විවාහය දෙදරා යාම පිළිබඳව අතීතාවර්ජනයක යෙදෙමින් ඔහු මෙසේ සඳහන් කළේය.
“තරුණ කාලේ අපි ගන්නේ හරිම පටු, මෝඩ තීරණ. අද වියපත් වෙද්දී දේවල් දකින විදිහට එදා හිතුවා නම්, ගයාත්‍රියි මායි කවදාවත් වෙන් වෙන්නේ නැහැ. අපි දරුවෝ එක්ක එකට ඉන්නවා. ඒත් අතීතය නැවත හැරවිය නොහැකියි.”
තමන් ආදරය නොමැතිව ජීවත් විය නොහැකි, ආදරයට දැඩි සේ ගරු කරන අයෙකු වුවද, මෑතක් වන තුරු පැවති ප්‍රේම සබඳතාව ද මේ වන විට අවසන් වී ඇති බැවින් දැනට තමන් තනිකඩව පසුවන බව ඔහු හෙළි කළේය.
සිය සබඳතා බිඳවැටීමට බලපාන ප්‍රධානතම සාධකයක් ද ඔහු විග්‍රහ කළේය. තමන්ගේ සිත වැඩිපුරම ඇදී යන්නේ තරුණ වයසේ පසුවන කාන්තාවන් වෙත වුවද, පියා ලෙස සිය දියණියන් දෙදෙනා වෙනුවෙන් ඉටුකිරීමට ඇති වගකීම් හමුවේ එම සහකාරියන් අකමැත්ත පළ කිරීම සබඳතා බිඳවැටීමට හේතු වන බවත්, එහිදී ඔවුන්ට වරදක් කිව නොහැකි බවත් ඔහු පවසයි.