රුක්ෂානා දිසානායක කියන්නේ අපේ රටේ කලා ලෝකයේ ඉන්න දක්ෂ වගේම ලස්සනම රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.
ඇයගේ තියෙන අහිංසක පෙනුමට වගේම, ඇය කරන රංගන වැඩකටයුතුවලටත් ලංකාවේ ප්‍රේක්ෂකයින් දක්වන්නේ පුදුම ආදරයක්.
ඔන්න ඉතින් මේ දවස්වල රුක්ෂානා ගැන සෝෂල් මීඩියාවල ආයෙමත් ලොකුවට කතා වෙන්න පටන් අරන්. ඒකට හේතුව තමයි ඇය පහුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කරපු ලස්සනම ලස්සන ඡායාරූප පෙළක්.
හිත වසඟ කරන අපූරු සාරියකින් සැරසිලා ඉන්න රුක්ෂානාගේ මේ ෆොටෝ ටික දැක්කම ඕනෙම කෙනෙක්ගේ ඇස්වහ කටවහ වදින තරමටම ඇය ලස්සනයි. සාමාන්‍යයෙන් බටහිර පන්නයේ ඇඳුම්වලට වඩා අපේකම කැපී පෙනෙන සාරියක් ඇන්දම රුක්ෂානාට මාරම ලස්සනක් ලැබෙනවා කියලා තමයි ඇගේ රසිකයින් නම් කියන්නේ. හැබැයි මේ ෆොටෝ ටිකටත් වඩා ගොඩක් අයගේ අවධානය ගියේ රුක්ෂානා ඒකට දාලා තිබ්බ අපූරු කැප්ෂන් එකටයි.
"සමහර අවස්ථා අහම්බෙන් ලැබුණා වගේ පෙනුණත්, ඒ හැමදේම දෙවියන්ගේ නියමිත සැලැස්මේ කොටසක්"
තමන්ගේ රූපය වගේම හිතත් ගොඩක් ලස්සන කෙනෙක් විදිහට ඇය දුන්නු මේ ගැඹුරු පණිවිඩයට ගොඩක් අයගේ ආදරණීය ප්‍රතිචාර ලැබිලා තිබුණා. අපේ ජීවිතේට ලැබෙන දේවල් අහම්බෙන් වුණාට ඒ හැමදේම පිටුපස ලොකු සැලැස්මක් තියෙනවා කියන දේ ඇය මේ විදිහට හරිම ලස්සනට තමන්ගේ රසිකයින්ට මතක් කරලා දෙනවා.