ප්‍රකට බොලිවුඩ් නළු රන්බීර් කපූර් දිගු කලක් පුරා පැතිර ගිය 'ධූම් 4' චිත්‍රපටයට සම්බන්ධ වීම පිළිබඳ කටකතා නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
සැන්ඩියාගෝ කොමික් කොන් උළෙලට සහභාගී වීමෙන් අනතුරුව 'රීවිව් නේෂන්' යූ ටියුබ් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළ අතර, තමන් දැනට 'රාමායණය' සහ සංජය ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කරන 'ලව් ඇන්ඩ් වෝර්' යන චිත්‍රපට සඳහා පමණක් දායක වන බව අවධාරණය කළේය.
ජාත්‍යන්තර මෙම උළෙලට රන්බීර් කපූර් සමඟ අධ්‍යක්ෂ නිතේශ් තිවාරි, නිෂ්පාදක නමින් මල්හෝත්‍රා සහ සම නළු යශ් ද එක්ව සිටියහ.
මීට අමතරව සිය සාකච්ඡාවේදී ඔහු 2023 වසරේ තිරගත වූ 'ඇනිමල්' චිත්‍රපටයේ දෙවැන්න වන 'ඇනිමල් පාක්' පිළිබඳව කිසිදු සඳහනක් නොකිරීම ද විශේෂත්වයකි.
පසුගිය වසර කිහිපය පුරා 'ධූම්' සිනමා මාලාවේ සිව්වන වැන්න සඳහා රන්බීර් කපූර් ප්‍රධාන නළුවා ලෙස තෝරාගෙන ඇති බවට මෙන්ම, වික්කි කෞශල් ද එම චිත්‍රපටයට සම්බන්ධ වන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි.
ප්‍රසිද්ධ කොණ්ඩා මෝස්තර ශිල්පී ආලිම් හකීම් විසින් රන්බීර්ගේ නව පෙනුම දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමත් සමඟ මෙම කටකතා තවදුරටත් තීව්‍ර වූ නමුත්, යශ් රාජ් ෆිල්ම්ස් ආයතනය මේ දක්වා 'ධූම් 4' චිත්‍රපටය පිළිබඳව කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත.