සිනමාවට පාර කිව්වෙ සිදාදියේ සමනලියෝ -සජිනි රෝයි

gossiplanka image 1
චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්‍ෂණය කළ ‘සිදාදියේ සමනලියෝ’ ටෙලි නාට්‍යයට මම සම්බන්ධ වෙලා හිටියා. ඒ කාලෙ වෙනකොට ‘සූරිය සුළඟ’ සිනමා සිත්තමේ රාධා කියන චරිතයට රංගන ශිල්පිනියක් හොයාගෙන තිබුණෙ නැහැ. දවසක් චාමර අයියට ප්‍රියන්ත අයියව මුණගැහුණ වෙලාවක මම ගැන කියල තිබුණා. ඒ අනුව තමයි මම රාධාගේ චරිතයට සම්බන්ධ වෙන්නෙ.


ඔන්න ඔහොමයි සජිනි රෝයි සූරිය සුළඟේ ‘රාධා’ වෙන්නෙ.


මේ සජිනිගෙ පළමු සිනමා අත්දැකීම. ඇය මීට කලින් ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් එකතුවෙලා තිබුණා. ඒ අතරින් සිනමාවට එන්න පාර කිව්වෙ ‘සිදාදියේ සමනලියෝ’ කියලයි ඇය කියන්නෙ. පළමු සිනමා රංගනය ප්‍රධාන චරිතයකින් ආරම්භ කරන්න ලැබීම ඇයට ලොකු සතුටක් ගෙන දෙන කාරණයක්.


ඒ අත්දැකීමට මුහුණ දුන්නෙ කොහොමද කියල සජිනි මේ විදිහට පැහැදිලි කළා.


රාධා කියන්නෙ ෆිල්ම් එක පුරාවට දිවෙන ප්‍රධාන චරිතයක්. ඒක කුතුහලයක් ඇති කරන්න පුළුවන් චරිතයක් වගේම චිත්‍රපටයේ හැරවුම් ලක්‍ෂ්‍යයක්. මට දමිළ භාෂාව පුළුවන් නිසා රාධා කියන චරිතය රඟපාන එක ලොකු අභියෝගයක් වුණේ නැති වුණත් පළමු සිනමා අත්දැකීම නිසා කුතුහලයක් තිබුණා. නමුත් ප්‍රියන්ත අයිය කියන්නෙ නවකයන්ට වටිනා ඩිරෙක්ටර් කෙනෙක්. ඔහුත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි. ආටිස්ට් කෙනකුගෙන් ගන්න පුළුවන් උපරිම දේ ගන්න ඔහුට ටැලන්ට් එක තියෙනව. ඉතිං මට පීඩනයක් නැතිව හරිම නිදහසේ මගේ චරිතය ගොඩනගා ගන්න අවස්ථාව ලැබුණා.


සියලු වැඩ අවසානයේ සිනමා ශාලාවක අසුනකට බරවෙලා තමාගේ රංගනය දෙස ප්‍රේක්‍ෂකයෙක් විදිහට තමන්ම බලා සිටිනවා. මේක රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට සුවිශේෂී අවස්ථාවක්. තමන් තමන්වම විනිශ්චය කරගන්නා මේ අවස්ථාවට සජිනිත් මුහුණ දුන්නා.


මමත් මගේ රංගනය දිහා සාමාන්‍ය ප්‍රේක්‍ෂකයෙක් විදිහට බලාගෙන හිටියා. ඒක වෙනස්ම අත්දැකීමක්. එතැනදි පොඩි පොඩි අඩුපාඩු නොදැක්කා නෙමෙයි. නමුත් ඒවායින් යමක් ඉගෙනගෙන


ඊළඟ නිර්මාණයේදි ඒ අඩුපාඩු නොවෙන විදිහට වැඩ කරන්න ඕනා කියන දේ මම හිතාගත්තා.


පොඩි කාලෙ ඉඳන් මගේ හීනය වුණේ ගුවන් සේවිකාවක් වීම. ඒ සඳහා අවශ්‍ය වෙන පාඨමාලා පවා හැදෑරුවා. අවසානයේ


රැකියාවක් ලැබුණත් මාස තුනක වගේ කාලයක් තමයි වැඩ කරන්න ලැබුණෙ. ටෙලි නාට්‍ය ඩිරෙක්ටර් කෙනකුගේ හිතවතියකගෙ මාර්ගයෙන් මට ටෙලියකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ අනුව තමයි මම කලා ක්‍ෂේත්‍රයට එන්නෙ.


පොඩි කාලෙ ඉඳන් දැකපු ගුවන් සේවිකාවකගේ හීනය සැබෑ වුණත් දෛවය ඇයට පෙන්නුවේ කලාවට යොමුවෙන මාර්ගය.


මට මේ චිත්‍රපටයේ ෂූටිං තිබුණෙ රාත්‍රි කාලයේ. ඒ හැම අවස්ථාවකදිම ආච්චි අම්මා තමයි නිදිවරාගෙන මගේ පස්සෙන් ආවෙ. ඉතිං ෆිල්ම් හෝල් එකේදි මේ දර්ශන සියල්ල එකට නරඹනකොට අම්මා, තාත්තා, නංගිල දෙන්නා වගේම ආච්චි අම්මාත් ගොඩක් සතුටු වුණා.


ඒක තමයි පවුලක බැඳීම කියන්නෙ. එදා සජිනිට දැණුන සතුටත් ඊට දෙවැනි නැහැ.


ඇත්තටම මම එදා මාවම තිරයේ දකිනකොට ලොකු සතුටක් වගේම ආඩම්බරයක් දැණුනා. දර්ශනය අවසානයේ ක්‍ෂේත්‍රයේ අයගෙන් වගේම අනෙකුත් අයගෙනුත් ලැබුණ යහපත් ප්‍රතිචාරත් එක්ක මම මගේ කොටස සාර්ථකව කරල තියෙනව කියල හිතුණා.


හවස පහට ෂූටිං යන මම නැවත ගෙදර එන්නෙ පාන්දර පහට හයට විතර. මගේ ෂූටිං අවසන් වෙනතුරු මේ විදිහට තමයි දවස් කිහිපය ගතවුණේ.


බොහෝ තැන්වල ඇතුළාන්තය පිටතට පෙනෙන තරම් සුන්දර නැහැ. සජිනිත් ඒ කාපු කට්ට තමයි මේ විදිහට නිර්මාණාත්මකව රසවත් වෙලා එළියට ඇවිත් තියෙන්නෙ.


මේ වගේ තවත් සුන්දර වගේම වෙනස් නිර්මාණ තුනක් ඉදිරියේදී තිරගත වෙන්න නියමිතව තියෙනව කියලත් මේ කතාබහේදි සජිනි අපිත් එක්ක කිව්වා.


ඒ වගේම අහම්බයකින් කලා ක්‍ෂේත්‍රයට පය තියන්න ලැබීම ඇය දකින්නෙ මේ විදිහට.


ඇත්තටම හැමෝටම ලැබෙන්නෙ නැති මේ අවස්ථාව


මට ලැබෙන්නෙ දෙවියන්ගෙ ආශීර්වාදයක් විදිහට කියල. මේ ලැබුණ දේ අපි ළඟ රඳවගන්න පුළුවන් වෙන්නෙ මහන්සියෙන් උත්සාහ කළොත් විතරයි. ඉතිං මම ඒක උපරිමයෙන් කරන්න උත්සාහ කරනව.


මම විශේෂයෙන්ම තරුණයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වෙන්නෙ ‘හිරිපොද වැස්ස’ ටෙලි නාට්‍යයේ ටි්‍රලීෂියා ටීචර්ගෙ චරිතයෙන්. මේ ටෙලි ඩ්‍රාමා එක අදටත් විකාශය වුණත් පෞද්ගලික හේතුවක් මත මට ඉවත් වෙන්න සිදු වෙනව.


තරුණයන් අතර ජනප්‍රිය චරිතයක් වුණ සජිනි දැන් විවාහකයි. සැමියාගෙන් ලැබෙන සහයෝගයත් එක්ක හොඳ නිර්මාණ තෝරා බේරාගෙන ඉදිරියටත් කලාවට සේවයක් කරන්නයි ඇය අදහස් කරගෙන ඉන්නෙ.මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post