දශක ගණනාවක් පුරා දෙමළ සිනමාව සිය රංගන කෞශල්‍යයෙන් වර්ණවත් කළ තලපති විජය, මේ වන විට තම වෘත්තීය ජීවිතයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයකට පැමිණ සිටී. සිනමා ක්ෂේත්‍රයෙන් සමුගෙන දෙමළ නාඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දේශපාලනයට පිවිසි විජය, තම ජනප්‍රියත්වය දේශපාලන සමාජ සේවයක් කරා යොමු කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ. මෙම නව ගමන් මග පිළිබඳව සිය හිතවතා සහ හිටපු සහ රංගන ශිල්පිනිය වන සමන්තා රූත් ප්‍රභූ මෑතකදී චෙන්නායිහිදී විජය හමුවූ අතර, ඇය ඒ පිළිබඳව සමාජ මාධ්‍ය හරහා සිය අදහස් පළ කළාය.
විජයගේ මෙම දේශපාලන තීරණය පිළිබඳව සිය ප්‍රශංසාව පළ කළ සමන්තා, ඔහු දෙස තමා නිරන්තරයෙන්ම දුටුවේ හුදෙක් සිනමා තිරයක රඟපාන වීරයකුට එහා ගිය චරිතයක් ලෙස බව පෙන්වා දුන්නාය. තමා චෙන්නායි වෙත ගොඩ බැසීමෙන් පසු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා හමුවීමට ලැබීම පිළිබඳව අතිමහත් සතුටක් දැනුණු බවත්, ඔහු සතු සුවිශේෂී ශක්තිය සහ ජනතාව ඔහු කෙරෙහි දක්වන දැඩි ලැදියාව මගින් ඔහු විශාල මෙහෙවරකට උරුමකම් කියන අයකු බව තමා විශ්වාස කළ බවත් ඇය සඳහන් කළාය.
තමන් දශක ගණනාවක් පුරා සාර්ථකව පවත්වාගෙන ආ සිනමා ක්ෂේත්‍රය අත්හැර දමා, අභියෝගාත්මක දේශපාලන කරළියට පිවිසීමට ඔහු ගත් නිර්භීත තීරණය තමන් බෙහෙවින් අගය කරන බව සමන්තා වැඩිදුරටත් කියා සිටියාය. කිසිදු කාර්යයක් පහසු නිසා නොව, යම් වෙනසක් කිරීමට තමාට හැකියාවක් ඇති බවට වන දැඩි විශ්වාසය නිසා එය සිදු කිරීමේ ඇති වැදගත්කම ඇය අවධාරණය කළාය. තම හැකියාවන් වෙනුවෙන් පෙනී සිටිනවා සේම, සමාජයට යමක් ලබා දිය හැකි අවස්ථාවකදී ඒ සඳහා ඉදිරිපත්වීම දුර්ලභ ගණයේ පුද්ගලයන්ට පමණක් සිදු කළ හැක්කක් බවද ඇය පැවසුවාය.
විජයගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව අදහස් දක්වමින් සමන්තා කියා සිටියේ, ඔහු දරන තනතුර නිසා පමණක් නොව, ඔහු කටයුතු කරන ආකාරය සහ ඔහුගේ අභිප්‍රායන් නිසාම, ඔහු කෙරෙහි විශ්වාසය තබා සිටින පිරිස පවා මවිතයට පත් කරන ආකාරයේ වෙනසක් ඔහු තුළින් බලාපොරොත්තු විය හැකි බවයි. සිය හිතවතාගේ මෙම නව ගමනට අවශ්‍ය ධෛර්යය, ප්‍රඥාව සහ නොපසුබට උත්සාහය ප්‍රාර්ථනා කරන සමන්තා, තරුණ පරපුරට පණිවිඩයක් ලබා දෙමින් සඳහන් කළේ, තමන් ආරම්භ කරන සිහිනයට වඩා ජීවිතය බොහෝ සෙයින් විශාල විය හැකි බව විජයගේ මෙම ගමනින් ඔප්පු වන බවයි.