ඒ කාලේ ඩාන්ස් කරපු නිසා ලැබුණු ෆිට්නස් එක තමයි තවමත් මට තියෙන්නේ -නිලන්ති ඩයස්

gossiplanka image 1
 

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ තමන්ටම වෙන්වූ සුවිශේෂී නර්ථන සලකුණක් තැබූ රංගන ශිල්පිනියක් විදිහට නිලන්ති ඩයස් හඳුන්වන්න පුළුවන්. එදා ඇයව බොහෝ දෙනෙක් හැඳිනගත්තේ ‘නටන්නට පුළුවන් නිළියක්’ හැටියට. වර්තමානයේ ආදරණීය මවක වුණත් ඇය තුළින් ඒ හැකියාවනම් තවමත් ගිලිහිලා නෑ. ඇයත් ඇගේ ආදර දියණිය ශෙනායාත් නවලිය වෙනුවෙන් ඔවුන්ගේ තොරතුරු බෙදාගන්නට මොහොතක් කාලය වෙන් කළා…


නිලන්ති, කොහොමද මේ දවස්වල වැඩකටයුතු?


මේ දවස් ටිකේ ෂෝස් කීපෙක පුහුණුවීම් තියෙනවා. ඒ වගේම ඉවෙන්ට්ස් කිහිපයකුත් තියෙනවා. ඊට අමතරව මම ආයෙත් බිස්නස් වැඩවලටත් සම්බන්ධ වුණා.


ඔබේම රංගායතනයක් දාන්න අදහසක් නැද්ද?


ගොඩක් අය සෑහෙන කාලෙක ඉඳන් කියන දෙයක් ඕක. සමහරු මට ක්ලාස් කරන්න තැන් පවා දෙන්නම් කිව්වා ළමයි ගොඩක් ඉන්නවා කියලා. නමුත් රංගායතනයක් පටන්ගත්තම මම ඒ වෙනුවෙන්ම කැප වෙන්න ඕන. මඟ නවත්තන්න බෑ. ඒක ළමයින්ට කරන අසාධාරණයක්නේ. ඉතින් ප්‍රධානම හේතුව මට ක්ලාස් කරන්න වෙලාවක් නෑ.


ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ අතරින් ඔබේ ජීවිතයට වඩාත්ම සමීප වුණු චරිතයක් තියෙනවද?

මං රඟ පෑ චරිත අතරින් මං ආසයි ‘ආදර මීනා‘ චිත්‍රපටියේ මගේ චරිතයට. ටැමිල් ගෑනු ළමයෙක්ගේ චරිතයක් මං කළේ. ඒක ෆයිට්ස්, නැටුම් සියල්ලම තිබුණ චිත්‍රපටියක්. මං හරි ආසයි මාව වෙනස්ම චරිතයකින් ප්‍රේක්ෂකයන්ට පෙනෙනවනම්. 


ඉතින් එහෙම චරිතයන් තමයි මීනා.නිලන්ති ඩයස් කිව්වම සිනමාවේ එක්තරා යුගයක ඩාන්සින් අයිකන් එකක්. තවමත් ප්‍රේක්ෂයන් තුළ රැඳි ඔබේ ඒ මතකය ගැන මොකද හිතෙන්නෙ?

ඒකනම් ඇත්ත. මම ක්ෂේත්‍රයට මුලින්ම ආවෙත් ඩාන්සින්වලින්. ඩාන්සින් නිසාම තමයි චිත්‍රපටිවලටත් සම්බන්ධ වුණේ. ඒ කාලෙ ඩාන්සින් කියන්නේ ක්ෂේත්‍රයේ හැමෝටම පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් දැන් කාලෙ වෙනස්. දැන් කලාවට එන අලුත් පරම්පරාවේ ගොඩක් අය නර්ථනයත් එක්ක එන්නේ. ඉස්සර කොන්සර්ට් එකක් හෝ නර්ථනය සම්බන්ධ මොකක්හරි කලා කටයුත්තක් තිබ්බොත් මගෙයි, අනූෂාගෙයි (අනූෂා දමයන්ති) නම් තමයි මුලින්ම කියවෙන්නේ. අපි හිටියේ නටන්න පුළුවන් නිළියන්ගේ ගොඩේ. අදටත් පාරක කවුරුහරි හම්බුණාම මගේ නර්ථනයන් අගයන පිරිස් ඉන්නවා. ඒ ගැන මට තියෙන්නේ ඇත්තටම නිහතමානී ආඩම්බරයක්.


 රංගනය සහ නර්තනය කියන කලාවන් දෙක ඔබේ ජීවිතයට බලපෑවේ කොහොමද?


ඩාන්සින් කරද්දි අපේ ඇඟේ ෂේප් එක තියාගන්න පුළුවන්. මේන්ටේන් කරන්න ලේසියි. ෂේප් එක විතරක් නෙවෙයි ඇඟ හරිම නම්‍යශීලී වෙනවා. ඒ කාලේ ඩාන්සින් කරපු නිසා ලැබුණ ෆිට්නස් එක තමයි තවමත් මට තියෙන්නේ. දැන් ගොඩක් අයට මොකක්හරි බිමට වැටුණත් නැවිලා ගන්න අමාරුයි. මම නම් කියන්නේ කවුරු වුණත් ඩාන්සින් ඉගෙනගත්තට අපතේ යන්නෙ නෑ. අපේ ජීවිතේ ගෙනියන්න වුණත් ඩාන්සින් ප්‍රයෝජනවත් වෙනවා. රංගනයෙන් මට ලැබෙන්නේ ලොකු මානසික තෘප්තියක්. මම රඟපාපු චිත්‍රපටියක් තියෙටර් එකක බලලා ඒක අගයද්දි මට දැනෙන්නේ කියන්න බැරි සතුටක්.


නමුත් මට රංගනය පැත්තෙන් එක දුකක් තියෙනවා. මගේ ඇඟ ඇතුළෙ තියෙන සමහර රංගන දක්ෂතාවයන් එළියට දාන්න මට අවස්ථාවක් ලැබුණේ නෑ. ඩිරෙක්ටර් කෙනෙක් එවැනි චරිතයක් අපිට දුන්නොත්නෙ අපිට ඒක පෙන්නන්න පුළුවන්. මම හරි ආසයි විලන් කැරැක්ටර් එකක්, පිස්සු චරිතයක්, නපුරු චරිත වගේ විවිධ චරිත කරන්න. මට මගේ රංගන හැකියාව පෙන්නන්න පුළුවන්, වෙනස් චරිත කරන්න ලොකුවට හම්බෙලා නෑ.


කාර්යබහුල මවක් විදිහට දියණියගේ කටයුතුවලට කාලය වෙන්කර ගන්නෙ කොහොමද?


දුවගෙ වැඩ කටයුතු තමයි මම ඔක්කොටම කලින් කරන්නේ. මොකද දුව මට හරිම සමීපයි. මම වැඩකට ගියත් එයාව එක්කගෙන යන්නේ. මගේ වැඩකටයුතු මම ගොඩක් වෙලාවට බැලන්ස් කරගන්නවා දුවගෙ වැඩකටයුතුත් එක්ක. දුව නිසා මම ගොඩක් නිර්මාණ පවා අතහැරියා. මොකද දවස් ගණන් ෂූටින් කරන තැන්වල නවතින්න වුණාම බබාගෙ වැඩ මට මඟහැරෙනවා.දි


යණියත් කලාවට හෝ රංගනයට යොමුවෙනවා දකින්න ඔබ කැමතිද?


තවම ඒ ගැන කියන්න බෑ. දුවට සින්දු කියන්න පුළුවන්. ඩාන්සින්වලටනම් කැමති නෑ. ‘අනේ අම්මි මට ඩාන්සින් බෑ‘ කියලමයි කියන්නේ. ඒත් මම සමහර වෙලාවට දකිනවා එයා ඩාන්ස් කරනවා. එයාගෙ ඇඟේ හොඳ රිදම් එකක් තියෙනවා. ඒත් එයා හිතන්නෙ එයාට නටන්න බෑ කියලා. එයා ඩාන්සින්වලට අකමැති නිසා මං ඒ ගැන මුකුත් බල කරන්නෙත් නෑ.


නිලන්ති එක්ක මේ විදිහට කතාබහ අවසන් වෙද්දි අපි ඊළඟට කතා කළේ ඇගේ ආදරණීය දියණිය ශෙනායා එක්ක…ශෙනායා මට කියන්නෙ ඔයාගෙ සම්පූර්ණ නම…

ශෙනායා ෆොන්සේකා.වයස?අවුරුදු 13 යි.අම්මා ජනප්‍රිය නිළියක් නිසා පාසලේදී හෝ යාළුවන් අතර ලැබුණු සුවිශේෂී ප්‍රතිචාර තියෙනවද?ඔව්. සමහර ටීචර්ස්ලා, යාළුවෝ මං ගැන කතා වෙනවා මේ නිලන්ති ඩයස්ගේ දුව කියලා. ගොඩක් වෙලාවට අම්මි නිසා මට කට්ටිය හොඳට ටී්‍රට් කරන අවස්ථා තියෙනවා. සමහර ටීචර්ස්ලා කියනවා අම්මිට හරි කැමතියි කියලා. කොන්සර්ට් එකක් එහෙම තිබ්බොත් යාළුවෝ කියනවා ‘ආ අපිට ශෙනායයි අම්මියි ඉන්නවනෙ‘ කියලා.


අම්මා ගැන ශෙනායට මොකද හිතෙන්නෙ?

අම්මි ගැන මට ආඩම්බරයි. ලංකාවෙ කොහෙ ගියත් අම්මිව අඳුරගෙන ෆොටෝස් ගහන අය ඉන්නවා. මම ආසයි ඒකට.අම්මා රඟපෑ චරිත අතරින් ශෙනායා ගොඩක්ම ආස කරන චරිතයක් තියෙනවද?අම්මි රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක තිබුණ ඩ්‍රාමා එකක හිටියා පිස්සු චරිතයකට. මම ඒ චරිතෙට ගොඩක් කැමතියි. මං සමහර වෙලාවට අහනවා අම්මි ඇත්තටම කොහොමද ඒ කැරැක්ටර් එක කළේ කියලත්.ඇය නීති රීති දාන කෙනෙක්ද, නැත්නම් යාළුවෙක් වගේද?යාළුවෙක් වගේ. අම්මි මට කොම්ෆටබල් විදිහට ඉන්න ඉඩ දීලා තියෙන්නේ. මුකුත් නීති දාලා නෑ. මම ගෙදර අම්මි එක්ක තමයි වැඩි කාලයක් ගත කරන්නේ තාත්ති ගොඩක් බිසී නිසා. මාව ස්කූල් දාන්නේ, හවසට ගන්න එන්නෙ අම්මි. අම්මි ඇත්තටම යාළුවෙක් වගේ.අම්මි ලස්සනට අඳින පළඳින කෙනෙක්නේ. අම්මි නිසා ශෙනායටත් ෆැෂන් කරන්න ලේසියි නේද?ඔව්. අම්ම් කියනවා පොඩි කාලෙ ඉඳලම මම කන්නාඩිය ඉස්සරහට ගිහින් මේක් අප් දාලා, ලොකු අයිලයිනර්ස් දානවා කියලා. අම්මිගේ ඇඳුම් ඇඳගෙන හීල්ස්, බූට්ස් දානවා. මම කොහෙ ගියත් ලස්සනට අඳින්න කැමතියි අම්මි වගේම. ආච්චි හැමතිස්සෙම කියනවා අම්මි නෙවේ නිළිය මමනේ කියලා.

ශෙනායගෙ විනෝදාංශ මොනවද?

මට සින්දු කියන්න පුළුවන්. චිත්‍ර අඳින්නත් පුළුවන්.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post