ටී.වී දෙරණ නාලිකාවෙ විකාශය වුණ තප්පර කට්ටා ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයො අතර ප්‍රසිද්ධ වුණ ශෙරංගි නටාෂා මේ දවස්වල වයසක ප්‍රේමවන්තයෙකුට අහුවෙලා ඉන්න තරුණියන්ව යහමගට ගන්න හදන උත්සාහයක නිරතවෙලා ඉන්නවා. ඒ ගැන දැනගන්න ශෙරංගි එක්ක කතා කරන්න අපි හිතුවා.
මේ දවස්වල ශෙරංගිගේ වැඩකටයුතු මොනවද?
තප්පර කට්ටා ටෙලිනාට්‍යය අවසාන වුණාට පස්සෙ මගේ ඉපැරැණි පෙම්වතිය ටෙලිනාට්‍යයෙන් මම මේ දවස්වල රසිකයො අතරට එනවා. ඊට අමතරව තවත් ටෙලිනාට්‍ය දෙකක රූගතකිරීම්වලට මම මේ දවස්වල සම්බන්ධවෙලා ඉන්නවා.
මගේ ඉපැරැණි පෙම්වතිය ටෙලිනාට්‍යයේ රංගන අත්දැකීම කොහොමද?
Sugar daddy කෙනෙක් මත්තෙ ඉන්න තරුණියක්ව යහමගට ගන්න උත්සාහ කරන හොද යාළුවෙක්ගේ චරිතයකුයි මගේ ඉපැරැණි පෙම්වතිය ටෙලිනාට්‍යයේ මම රඟපාන්නෙ. මගේ රංගන ජීවිතය තුළ මට හම්බවුණ අලුත් අත්දැකීමක් විදිහට ඒ චරිතය හඳුන්වන්න පුළුවන්.
රංගනය ශෙරංගිගේ ජීවිතයට සම්බන්ධවුණේ කොහොමද ?
දෙරණ අවුරුදු කුමරිය 2022 තරගයේ දෙවෙනි ස්ථානයේ කිරුළ ජයග්‍රහණය කීරීමත් එක්කයි මට නිළියක් වෙන්න ලැබුණේ. 2022 වසරේ ඉඳලා මියුසික් වීඩියෝ සහ රූපවාහීනී වෙළෙඳ දැන්වීම් රැසකට සම්බන්ධ වුණා. 2022 වසරෙදිමයි තප්පර කට්ටා ටෙලිනාට්‍යයට මම සම්බන්ධ වෙලා රඟපෑවෙ. නමුත් තප්පර කට්ටා විකාශය වුණේ මෑතකදි.
නිළියක් නොවුනා නම් මොනවිදිහෙ වෘත්තියක් කරයිද?
රඟපාන්න කලින් ඉඳලා මම ගුරුවරියක් විදිහට වැඩ කළා. රංගනය මගේ ජීවිතයට සම්බන්ධ නොවුණා නම් සමහරවිට මම දිගටම ගුරුවරියක් විදිහට වැඩ කරන්න තිබුණා.
රංගන ක්ෂේත්‍රයේ වැඩ කරද්දී වඩාත්ම සතුටු හිතෙන දේ සහ වඩාත්ම එපා වෙන දේ මොකක්ද?
රූගතකිරීම්වලට අපිව ගන්නෙ උදේ පාන්දර. ඉතින් උදේම නැගිටිනඑක තමයි මට එපා වෙන එකම දේ. ඒ විදිහට කැපකිරීම් කරලා රඟපාපු දේ තිරයක නරඹන එක තමයි මම ලබන ලොකුම සතුට.
ජීවිතයේදි ශෙරංගිට ඉන්න ලොකුම හයිය කවුද?
මගේ ජීවිතයේදි මගෙත් එක්ක හැම වෙලේම ඉන්න කෙනො තමයි අම්මා. මාව හදලා වඩලා උගන්නලා සමාජයට යොමු කරලා ජීවිතය දිනන්න මට ලොකුම හයිය දෙන කෙනා තමයි මගේ අම්මා.
ශෙරංගිට කලා ක්ෂේත්‍රය ඇතුළේ යාළුවො ඉන්නවද?
ඔව්. අංජලී ජයසිංහ සහ වින්ඩි ඒකනායකව මම පෞද්ගලික මට්ටමින් ආශ්‍රය කරන යාළුවො. අපි තුන්දෙනාම රංගන ක්ෂේත්‍රයේ වැඩ කළාට අපි අතර තරගයක් නැහැ. එක්නෙක්ට වැඩක් ලැබිලා ක්ෂේත්‍රය තුළ ඉදිරියට යනකොට අපි තුන්දෙනාම සතුටු වෙනවා. අපි තුන්දෙනාම කවදාහරි දවසක රංගන ක්ෂේත්‍රයේ ඉහළ තලයක ඉන්නවා දකිනඑක අපි තුන්දෙනාගෙම බලාපොරොත්තුව වෙලා තියනවා.
ජීවිතේ කවදා හරි දවසක කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ මොනවාද?
මගේම කියලා ගෙයක් හදාගන්න එක තමයි මේ වෙද්දි මට තියන ලොකුම බලාපොරොත්තුව. කලින් නම් මට තිබුණා වාහනයක් ගන්න බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව මේ වෙද්දි මම ඉටුකරගෙන තියෙන්නෙ.
වැඩ නැති නිවාඩු දවසෙදි ශෙරංගි මොනවද කරන්නේ?
වැඩ නැති නිවාඩු දවසට මම ජිම් ඇඟ හදනවා. ජිම් යන්න බැරි වුණොත් ගෙදර සිංදු දාගෙන නටනවා. එහෙම නැත්තන් යාළුවොත් එක්ක රවුමක් ගහලා කෑම කන්න එළියට යනවා.
සරාගීකම ගැන ශෙරංගිගේ අදහස මොකක්ද?
සිහින් ඇඟ, දිග කොණ්ඩය, නාදලු පෙනුමැති තොල්, හැඩැති පිරිපුන් පියයුරු, පළල් උකුළ ඇතුළු සියලු අංගවලින් පරිපූර්ණ ගැහැනු පෞර්ෂය සරාගීකම විදිහ හඳුන්වන්න පුළුවන්. මම විශ්වාස කරනවා ඒ විදිහෙ ආකර්ශනීය සරාගී පෞර්ෂයක් මට තියනවා කියලා. හැබැයි මම මගේ සරාගී ඇඟ පාවිච්චි කරන්නෙ නිර්මාණවලට මිසක වෙනත් දේවල්වලට නෙමෙයි. මගේ සරාගීකම නිර්මාණවලට යොදාගැනීමෙන් නිර්මාණය වෙනුවෙන් හොඳ ආලෝකයක් එකතු කරන්න පුළුවන් කියලා මම හිතනවා.
සරාගී කියලා ප්‍රතිචාර ලැබෙනකොට මොකද හිතන්නෙ?
මගේ පෞර්ෂය ගැන සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් දැනෙනවා.
පෞර්ෂත්වයට ගැළපෙන්න ඇඳුම් අඳින්නෙ කොහොමද?
අහිසංකයි කියලා පෙන්නන්න සමහර අය ඇඟ වැහුන දිග ඇඳුම් විතරක් අඳිනවා වුණාට මම නම් ඇඳුමෙන් අහිංසකයි පෙන්නන්න උත්සාහ කරන්නෙ නැතුව ඇඟ පේන විවෘත කොට ඇඳුම් අඳිනවා. හැබැයි මම ඇඟ පේන ඇඳුම් අඳින්නෙ විවෘතව ඇඳලා සහභාගි වෙන්න පුළුවන් ස්ථානවලට විතරයි.
ශෙරංගිට වඩාත්ම පහසුවක් දැනෙන ඇඳුම මොකක්ද?
කොට ගවුම තමයි මට ගොඩක්ම පහසුවක් දැනෙන ඇඳුම. කොට ගවුම ඇන්දම මට ගොඩක් ලොකු සැහැල්ලුවක් නිදහසක් ලැබෙනවා.
ශෙරංගි ඉක්මනින් කේන්ති යන කෙනෙක්ද?
කතාවට කියනවනෙ සරාගී කෙල්ලොන්ගෙ පපුව හොඳයි කියලා. ඉතින් මගෙත් පපුව හොඳයි. මම හැමදේකදිම කටයුතු කරන්නෙ කේන්ති ගන්නෙ නැතුව ඉවසීමෙන්. ඉවසීම නිසා මට ලැබුණ දේවල් වගේම අහිමිවුණ දේවලුත් තියනවා. හැබැයි මම ඒ හැමදේම දරාගෙන සතුටින් ජීවත් වෙනවා