එකම හීනය හොඳම නිළිය වීම -ලක්ෂි ජයවර්ධන

gossiplanka image 1
 


‘කොටු’ ටෙලියේ සුමේධා, ‘ගේට්ටුවා’ හි සමන්ති විදිහට මේ දවස්වල ආලින්දයට ගොඩවෙන ලක්‍ෂි ජයවර්ධන, නව පරපුරේ තවත් දක්‍ෂ රංගන ශිල්පිණියක්.අවුරුදු පහක්ම නිර්මාණවලින් ඈත් වෙලා හිටියත් ඒ අඩුව නොදැනෙන තරමට නැවතත් ඇය ප්‍රේක්‍ෂකයාට ළං වෙලා. අලුතින්ම ලැබුණ වැඩ ගොඩක් එක්ක කාර්යබහුල වෙලා හිටියත්, ‘මීවිත’ එක්ක කතාබහ කරන්නත් කාලය වෙන්කර ගන්න ඇය අමතක කළේ නැහැ..




 ලක්‍ෂි, ‘කොටු’ ටෙලි නාට්‍යයේ සුමේධා ගැන මුලින්ම කතා කරමු?




මට මිනිස්සු අතරට යන්න අවස්ථාව ලැබුණෙ සුමේධාගේ චරිතය හරහා. මීට කලින් මට වැඩ කරන්න ලැබුණෙ එපිසෝඩ් හැටේ ටෙලි නාට්‍ය එක්ක. මේ හරහා සම්මානවලට නොමිනේට් වුණාට පොපියුලර් පැත්තට යනව අඩුයි. මට ඒ අවස්ථාව ලැබුණෙ මේ චරිතය නිසා. ලැබෙන ප්‍රතිචාරත් එක්ක විශේෂයෙන්ම ඒක මට කියන්න පුළුවන්.




‘ගේට්ටුවා’ ටෙලි නිර්මාණයේ සමන්ති මොන වගේ කෙනෙක්ද?




සමන්ති කියන්නෙ ගමේ ඉන්න බොහොම අව්‍යාජ ගැහැනියක්. නමුත් ණය බරින් මිරිකිලා ජීවිතයට අසීරුවෙන් මුහුණ දෙන චරිතයක්. ගැමි පරිසරයක ජීවන රටාව තමයි මේ නිර්මාණයෙන් නිරූපණය වෙන්නෙ.




සමන්තිගෙ පරිසරය වගේම භාෂාව හැසිරවීමත් ලක්‍ෂිට වඩා වෙනස්?




ඔව්, මට මේ වගේ චරිතයක් ආශ්‍රය කරන්න ලැබිල නැහැ. නමුත් අහල තියෙනව. අපි ජීවත් වෙන පරිසරයත් එක්ක මේ වගේ චරිතයක් වෙනුවෙන් විශේෂයෙන්ම හැඩගැහෙන්න ඕන. ඩයලොග් එකක් වුණත් අපි කතාකරන සාමාන්‍ය විදිහට කතාකරන්න බැහැ. ඒ වෙනුවෙන් නිර්මාණයේ අධ්‍යක්‍ෂවරයා වන ලසිත කාරියවසම් එක්කත් කතාබහ කරල මම උපරිම උත්සාහ කරනව සමන්තිව එලියට ගන්න. මේ දවස්වල විකාශය වන කොටස්වලින් මම කොතෙක් දුරට සාර්ථක වෙලාද කියල දැනගන්න පුළුවන්.




අලුත්ම වැඩේ ගැන කතා කළොත්?




අලුත්ම වැඩේ ‘බෝල්ට් ඇණයක්’. පසුගිය 04 වැනිදා ඉඳලා තමයි විකාශය ආරම්භ කළේ. මම හිතනව මේ නිර්මාණය මගේ ඊළඟ ටර්නින් පොයින්ට් එක වෙයි කියල. ඩිල්ෂාන් බණ්ඩාර අධ්‍යක්‍ෂණය කරන මේ නිර්මාණයේ පිටපත ලියන්නෙ චාලක රණසූරිය.




වත්සලාගෙ චරිතය ගැන අදහස මොන වගේද?




වත්සලාගේ චරිතයට කරන්න දේවල් ගොඩක් තියෙනව. ඒ නිසාම මම මේ චරිතය භාරගත්තෙ බොහොම කැමැත්තෙන්.




ලක්‍ෂිට ලැබෙන්නෙ බැණුම් අහන චරිතමද?




ඔව්, ගොඩක් වෙලාවට මට කතාකරන්නෙ මිනිස්සුන්ගෙ බැණුම් අහන්න වෙන චරිතවලට. නමුත් මේ චරිතයේ වෙනස්ම හැඩයක් තියෙනව.




සෙට් එකේ අත්දැකීම කොහොමද?




ඇත්තටම අපිට වැඩකරන්න ඉන්නෙ බොහොම හිතවත් ආටිස්ට්ල ටිකක්. ඒ නිසා සෙට් එකේදි අපි බොහොම සතුටින් විනෝදෙන් වැඩ කරගෙන යනව. ඒ වගේම ටෙලි මැක්ස් එකේ කෲ එකත් අපිට ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දෙනව.




ටෙලි නිර්මාණ තුනක් එක පෙළට විකාශය වෙනව?




ඔව්, ඒ ගැන ඇත්තටම සතුටුයි. රඟපෑම කියන්නෙ මට ජොබ් එකකට එහා ගිය දෙයක්. ඒක මම කරන්නෙ බොහොම ආදරෙන්, ගෞරවයෙන් සහ කැපවීමෙන්. ඒ වගේම මම ක්‍ෂේත්‍රයට ආවෙත් කාලෙකට පස්සෙ. එහෙම ඇවිත් වැඩකරපු ‘තප්පරයක් දෙන්න’, ‘ෆ්ලැට් නොවෙන ෆ්ලැට්’ චරිතයෙන් මම නොමිනේට් වෙනව, මේ වගේ චරිත එක්ක එන ගමනෙදි ඉදිරිය හොඳවෙයි කියල මම විශ්වාස කරනව.




නැවත පැමිණි ගමනෙදි ලැබුණ ප්‍රතිචාර මොන වගේද?




මම අවුරුදු පහක් ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටියා. මේ වගේ දිගු කාලයක් කියන්නෙ බොහෝ දුරට ප්‍රේක්‍ෂකයන්ට අමතක වෙන්න පුළුවන්. නමුත් නැවත වැඩ පටන්ගත්තට පස්සෙ අලුත්වෙන ප්‍රේක්‍ෂක මතකයත් එක්ක මේ වනවිට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.




පසුගිය අවුරුදු පහ ගැන පසුතැවීමක් තියෙනවද?




මගේ හිතේ කිසිම දෙයක් ගැන කලකිරීමක් නැහැ. ඒ වගේම මම නිතරම හිතන්නෙ හැමදේම වෙන්නෙ හොඳට කියල. ගෙවුණ අවුරුදු පහ තුළ මම ඉගෙනගත්තා. ඒ දේ අද මට තියෙනව. කොච්චර උත්සාහ කළත් අපිට යමක් ලැබෙන්නෙ වෙලාව ආවම කියන දේ මම තරයේ විශ්වාස කරනව.




වර්තමානයේ කලා ක්‍ෂේත්‍රය තුළත් ලොකු තරගයක් තියෙනව. ලක්‍ෂිත් මේ තරගයේ ඉන්නවද?




මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ. මට තරගයක් තියෙනවනම් ඒ මමත් එක්කමයි. මොකද ලැබෙන චරිතය මම නොවී කරන්න ඕන වෙන නිසා. ලක්‍ෂි ජයවර්ධන කියන්නෙ එයා විතරයි. අනෙක් අය වෙනයි. හැමෝටම විශේෂ වුණ වෙනම අනන්‍යතාවක් තියෙනව. ඒ නිසා මම කොහෙද ප්ලේ කරන්න ඕනෙ කියල ඉන්ඩස්ටි්‍ර එක ඇතුළෙ තීරණය වෙයි. එතැනදි මට වෙන කෙනෙක් වෙන්නත් බැහැ, වෙන කෙනෙක්ට මම වෙන්නත් බැහැ.




ක්‍ෂේත්‍රය තුළ බලාපොරොත්තුව මොකක්ද?




ක්‍ෂේත්‍රය තුළ මගේ එකම බලාපොරොත්තුව කවද හරි දවසක හොඳම නිළිය සම්මානය ගන්න එක.




ලක්‍ෂි වේදිකාවටත් සම්බන්ධවෙලා හිටියා?




ඔව්, මම ජයලාල් රෝහණ මහත්මයාත් එක්ක වේදිකාවට සම්බන්ධ වෙලා හිටියා. නමුත් එතුමාගේ අභාවයත් එක්ක ඒ කටයුතු නැවතුනා. නමුත් හොඳ නිර්මාණයට කතා කළොත් භාරගන්න ආසාවෙන් ඉන්නව.




ෆොටෝ ෂූට් එකක් නිසා පසුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක්වුණා?




ඔව්, ඒක කළේ මගේ උපන්දිනය වෙනුවෙන්. ඇත්තටම මට ඕන වුණා වෙනසක් කරන්න. කොහොම හරි නොසිතුව විදිහට ඒ ගැන කතාබහක් ඇති වුණා වගේම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. කවුරුවත් බැන්නෙ නම් නැහැ.




මහේෂ් එදිරිසිංහඡායාරූප – චන්න ජයවර්ධන

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post