ඔය කියන සිරිල් අයියා මේ දවස්වල හෝල්වලට ඇවිත්. මෙයත් එක්ක තවත් යූ ටියුබ් කරන හත්දෙනෙක් එක්ක තමයි හෝල්වලට ඇවිත් තියෙන්නේ. ඒ වෙනමොකකටවත් නෙමෙයි චිත්‍රපටයක් පෙන්වන්න. චිත්‍රපටයේ නම ඒක තමයි මේක.
ඇත්තටම ප්‍රතිචාර නම් හොඳට හොඳයි. අපි මාධ්‍ය දර්ශනය පවත්වලා මංගල දර්ශනය පවත්වපු කාලය වෙනකම් ඉතාම හොඳ ප්‍රතිචාර තමයි ලැබුණේ. දැන් ඉතිං මහජන ප්‍රතිචාරත් ලැබෙන්න පටන් අරගෙන තියෙන්නේ. අපි හත්දෙනාම හිතුවෙත් නැහැ වැඩේ මෙච්චර ලල් එකක් වෙයි කියලා. මේ කාලයේ සෑහෙන සතුටින් ඉන්නවා ඒ ප්‍රතිචාරත් එක්ක. සිරිල් අයියා හෝල්වලට ආපු එක ගැන කට්ටිය කියන්නේ අන්න ඒ වගේ කතාවක්ලු.
සිරිල් අයියා හෝල්වලට රිංගුවේ මෙන්න මේ විදිහටලු. කියවලා බලන්නකෝ ඒ කොහොමද කියලා.
ඇත්තටම එක් සුරංග ද අල්විස් මහත්මයාගේ වැඩක්. මම වැඩකරන ආයතනයට ඇවිත් මට කිව්වා හම්බවෙන්න ඕනෑ, මෙන්න මෙහෙම වැඩක් තියෙනවා කියලා. මේ කට්ටියටත් කතා කරලා තියෙන්නේ. වැඩේට ඕකේද කියලත් ඇහැව්වා. එතකොට අපි හත්දෙනාම වැඩේ ඕකේ කරලත් තිබුණෙත් නැහැ. පිටපත කියෙව්වාට පස්සේ අපි හත්දෙනාම හිතුවා අපි හත්දෙනා එකතුවුණොත් මේක ගොඩදාන්න පුළුවන් කියලා. අන්න එහෙම තමයි සිරිල් අයියා හෝල්වලට එන්න මුලපුරන්නේ.
යූ ටියුබ් ඇතුළේ ගේමක් ගහපු සෙට් එකට හෝල්එකක් ඇතුළේ ගේමක් ගහන්න පුළුවන් ද කියලා අපි අහනකොට සිරිල් අයියා දුන්නේ මේ වගේ උත්තරයක්.
යූ ටියුබර්ස්ලා ද නළුවෝ ද කියන එකට වඩා පොඩි සෝෂල් මීඩියා ඉන්පැක්ට් එකක් තියෙනවා. නමුත් ෆිල්ම් එකක් සාර්ථක වෙන්න මම විශ්වාස කරනවා පිටපත සහ එකේ සම්පූර්ණ එළියට ආපු නිර්මාණය සහ එහි රඟපාන නළුවන් රඟපාල තියෙන විදිහ අනුව ඕනෑම ෆිල්ම් එකක්
සාර්ථක කරගන්න පුළුවන් කියලා. ඉතිං අපි හිතනවා අපිට තියෙන සෝෂල් ඉම්පැක්ට් එකත් එක්ක හොඳට දුවාගන්න පුළුවන් වේවි කියලා.
ඒක තමයි මේක මගේ දෙවැනි සිනමා නිර්මාණය. මීට කලින් මම රංගනයෙන් දායක වුණු කම්බිලි සිනමා නිර්මාණය දින සියයක් ප්‍රදර්ශනය කළා. ඒකෙත් මම වැඩකාර චරිතයක් නිරූපණය කළා. ඉතිං මම මේකේ කළේ ප්‍රධාන චරිතයක්. ප්‍රධාන චරිතයක් කරපු පළමු වැනි චිත්‍රපටය. ඇතතටම සතුටුයි. අපි විහි`ළු කරනවා. ඒ ප්‍රේක්ෂකාගාරයත් එක්ක බලද්දි ඒ හැඟීම අපිට ම විඳගන්න පුළුවන් එක මාරයි. පට්ට හැපී. ඒක වෙනම ආතල් එකක් කියලා යැයි සිරිල් අයියා කිව්වේ අපි අහපු මෙන්න මේ කතාවට. ජනිතට සිරිල් අයියාව හැමදාම හම්බවෙන්නේ ෆෝන් එකෙන්නේ. මෙදා පාර සිරිල් අයියාව හම්බවෙන්නේ හෝල් එක ඇතුළේ. ලොකු තිරයක එකපාරට ම දැක්කම දැනුන හැඟීම මොනවගේද?
ඒක තමයි මේකේ වගේ සිනමාවට ඒම හීනයක් සැබෑවුණාද කියන ප්‍රශ්නයට සිරිල් අයියාගේ උත්තරේ වෙනස්ම එකක්.
මගේ ජීවිතයේ ලොකු හීන නැහැ. මම මේ යූ ටියුබ් කන්ටෙන්ට් ක්‍රියේෂන් කරන්නේ මගේ ආතල් එකට. ඇත්තට ම වෘත්තියක් විදිහට නෙමෙයි. මේක අපිට ලැබුණු හොඳ අවස්ථාවක්.
ඉතිං වැඩේ හොඳ හින්දා සෙට්වුණා. ලොකුම හීනයක් වගේ තියෙන්නේ චිත්‍රපටයක් මම ම කරන එකයි. නැතිනම් මේ ප්‍රතිචාරත් එක්ක හිතෙනවා මේක ජීවිතයට ලැබුණු මාර අවස්ථාවක් කියලා.
ඒක තමයි මේකේ ඉන්න ඩිරෙක්ටර් මහත්තයා වගේ ඩිරෙක්ටර් මහත්තයෙක් වෙන්න සිරිල් අයියටත් අදහසක් තියෙනවාලු.
ඔව්. ඔව්. අදහසක් තියෙනවා. ඒකට තව ගොඩ කාලයක් තියෙනවා. මට මේ චිත්‍රපටයෙන් තේරුණා අපි චිත්‍රපටයක් කරන එක පට්ට අමාරු වැඩක් කියලා. හැබැයි අපේ කන්ටෙන්ට්වලට ආසා කරන පිරිසක් ඉන්න හින්දා පිටපතක් මම ලියලා ඒක අධ්‍යක්ෂණය කරන්න අදහසක් තියෙනවා. ඉදිරියේදී බලමු.
ඇත්තට ම මේ ගමන ආශිර්වාදයක්. මොකද මම හිතුවේ නැහැ සිරිල් අයියාට මේ තරම් දුරක් එන්න පුළුවන් වේවි කියලා. මට පුංචි කාලේ ක්‍රිකට් ගහන්න කැමැති හින්දා ක්‍රිකටර් කෙනෙක් වෙන්න අදහසකුත් තිබුණා. පස්සේ කාලේ ගණිතයට දක්ෂ හින්දා ඉංජිනේරුවරයෙක් වෙනවා කියන අදහසේ තරයේ හිටියා. අන්තිමේ ඒ අදහස සැබෑ කරගත්තා. නමුත් ඉස්කෝලේ කාලෙත් නාට්‍යතරඟවල රඟපෑවා. ඉස්කෝලේ කාලේ සමස්ත ලංකා නාට්‍ය තරඟාවලියෙන් හොඳම නළුවාට හිමි සම්මානය පවා අරගෙන තියෙනවා. නමුත් සිරිල් අයියා කියලා චරිතයක් මෙහෙම ගොඩනැඟේවි කියලා හීනෙන්වත් හිතුවේ නැහැ කියලයි සිරිල් අයියා කිව්වේ.
දැන් මම මේ වෙනකොට ඉංජිනේරුවරයෙක්. දැනට ලංකාවේ ප්‍රසිද්ධ ටෙලිකොමියුනිකේෂන් ආයතනයක ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙක් විදිහට රස්සාව කරන ගමන් තමයි සිරිල් අයියා කියන යූ ටියුබ් එක කරගෙන යන්නේ කියලත් අන්තිමට කිව්වා.