සිනමාවේ මට සතුටු වෙන්න පුළුවන් චරිතයක් ලැබිලා නැ - රොෂාන් රවීන්ද්‍ර

gossiplanka image 1
  

 මේ දිනවල ප්‍රේක්ෂකයා ඇබ්බැහි වී සිටින ‘නටත් අයෙක් සුරාමතින්’ ටෙලි නිර්මාණය ඔබේ දෙවැනි ටෙලි අධ්‍යක්ෂණය. කොහොමද ඒ අත්දැකීම?

‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නිර්මාණය ඉවර කරලා, ඒකට ලැබුණු ඉහළ ප්‍රතිචාරත් එක්ක දෙවැනි ටෙලි නිර්මාණය විදිහට මම කරන්න තෝරගත්තේ ගුණදාස ලියනගේ විසින් රචිත දෝණ කමලාවතී කියන පොත. නමුත් ඒකෙ වැඩ පටන් අරගෙන අවසාන මොහොතේ නිෂ්පාදකවරු අවාසනාවන්ත විදිහට වැඩ නතර කළා. ඒ වැඩෙන් මං සෑහෙන්න අපහසුතාවට පත්වුණා. කාලයක් තිස්සේම ආසාවෙන් හිතේ තියාගෙන හිටිය නිර්මාණයක් කරන්න ගිහින්, නොහිතූ විදිහට බලාපොරොත්තු බිඳවැටුණු කම්පනයත් එක්ක ඉන්න අවස්ථාවේ තමයි පවුල් පසුබිම සම්බන්ධයෙන් නිර්මාණයක් කරන්න ඕන කියලා හිතුණේ. දිමුතුමුතු ඉඳන් දූදරුවෝ ඇතුළුව පවුල සම්බන්ධයෙන් කෙරුණු නිර්මාණ මීට කලින් අපි දැකලා තිබුණා. මගේ අදහසත් අරන් මං ගියේ රසික සුරවීරආරච්චි කියන ප්‍රවීණ රචකයා සොයාගෙන. අවුරුදු ගාණක් තිස්සේ තිරපිටපතක් විදිහට ලියමින් වෙනස් කරමින් අපි එය අවසානය දක්වා ගෙනාවා. ඒ ප්‍රතිඵලය තමයි ‘නටත් අයෙක් සුරාමතින්’ කියන්නේ.‍

ඒ කියන්නේ ‘නටත් අයෙක් සුරාමතින්’ ඔබේම සංකල්පයකට ලියවුණු කතාවක්?

ඇත්තම කියනවා නම් සංකල්පය මගේ වුණත් තිරපිටපතේ සියලුම හිමිකාරීත්වය සහ පිටපත සියයට සීයක්ම රසික සුරවීරආරච්චිගේ.

නිර්මාණයක අධ්‍යක්ෂවරයාම ප්‍රධාන භූමිකාවට දායක වනවා කියන්නෙ ලොකු අභියෝගයක්. කොහොමද ඔබ ඒ අභියෝගය ජය ගත්තේ?

රංගන ශිල්පියෙක් විදිහට මං වෙනත් අධ්‍යක්ෂවරයෙක් යටතේ චරිතයකට දායක වෙද්දි කොයිතරම් දුරට පූර්ණ නිදහසක ඉඳගෙන රඟපාලා තියෙනවද කියන එක මට තේරෙන්න ගත්තේ මේ ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණාට පස්සේ. මට ඒක ප්‍රායෝගික තලයට ගෙන එන්න දවස් කිහිපයක් ගතවුණා. අවසාන භාගයේදී වුණත් උදේ පාන්දරට එන යම් යම් ගැටලු දවල් වෙද්දි මට රඟපාන්න තිබුණු නිදහස අවහිර කළා. ඒ අවහිරතා මැද්දේ තමයි මම මේ රංගනය කරලා තියෙන්නේ. මං ඒ වගේ අත්දැකීමකට මුහුණ දුන්න පළමුවැනි අවස්ථාව නිසා අපහසුතාවට පත්වුණේ නැහැයි කියලා කියන්නත් බෑ. නමුත් දැන් මට ඒ ගැන අදහසක් තියෙනවා. අධ්‍යක්ෂණය සහ රංගනය එකට කරගෙන යන්නෙ කොහොමද කියන එක දැන් මං දන්නවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post