ජායාරූපයකින් ගොඩක් දේවල් කියන්න පුළුවන්..
තනිකරම ඒක කතාවක් වගේ. මේ අන්න ඒ වගේ නොකී කතාවක් නිහඬව කියන ඡායාරූප පෙළක්.
වොල්ගා කල්පනී ඇය මේ කතාවේ මූලික චරිතය වෙනවා. වොල්ගා කියන්නේම සුන්දරත්වයට එහා ගිහින් වෙනස් විදිහක වැඩක් කරන්න කැමති ශිල්පිනියක් නේ.
මේ වෙනස් ඡායාරූප පෙළ ඇයගේ කැමැත්තට සාක්ෂි දරාවි. බලන්නකෝ වොල්ගා කැමරා කාචයට හසු කරගත් ඔහු ඒ මොහොත ගැන කියලා තිබුණු වෙනස් විදිහක කතාව.
"ඕනෑම අවස්තාවක කැමරාවක් ඉදිරියේ කාන්තාවක් ඉන්නේ හිනාවකින්. ප්‍රිය මනප මුහුණකින්. එක්කෝ සිනිදු සුකොමාල ශරීර ලාලිත්‍යය එක්ක.
මට හිතුනා සුන්දර හිනාවක් එක්ක හැමදාම දකින කෙනෙක් කිසිම මුහුණු ඉරියව්වකින් තොරව අපි දිහා බැලුවොත් ඒක කොහොම වෙයිද කියලා බලන්න.
ශරීරය මුලුමනින් ආවරණය කරලා කිසිම පිළිවෙළක් නැති ආබරණ රැසක් අපිලිවෙලව අන්දලා Nude Mood එකක් shoot කරල බලන්න. මේ එහෙම එකක්. "