අපේ අම්මගෙ පැත්තෙ ඔක්කොගෙම කටවල් ශබ්දයි-ඩිලුක්‍ෂි වීරපෙරුම

gossiplanka image 1
 ඩිලුක්‍ෂි වීරපෙරුම ගැන මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන්නෙ ‘ඕ.අයි.සී. ගඩාෆි’ එක්ක. අපි නිතර ඇයව දකින්නෙ කෑගහන, හූ තියන කළහකාරී චරිතවලින්. ඒත් ඒක හිරුණිගෙ චරිතයේදී සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව.

මොකක්ද මේ වෙනස. ෆිල්ම් එක බලපු අයනම් ඒ ගැන දන්නව.

ඩිලුක්‍ෂි ඉදිරි දිනවලදි කතාබහට ලක්වෙන චරිතයක් වෙයි?

ඔව්, මම හිතන්නෙ ඒක හොඳ විදිහට කතාබහට ලක් වුණොත් හොඳයි. මොකද ‘ගඩාෆි’ චිත්‍රපටයේ හිරුණිගෙ චරිතය කියන්නෙ ඉතාමත් වෙනස් එකක්. මීට කලින් මේ වගේ චරිතයක් කරල නැති නිසා මට ඒක අලුත් අභියෝගයක් වගේම ප්‍රේක්‍ෂකයන් මොන විදිහට භාරගනීවිද කියන දේ ගැන අදහසක් නැහැ. ඉතිං හැමදෙනාගෙන්ම ඉල්ලනව ඇත්ත කියන්න කියල.

ඩිලුක්‍ෂිට කොහෙන්ද මේ කටහඬ ආවෙ?

මේක තනිකරම මගේ මව් පාර්ශ්වයෙන් ආපු එකක්. මොකද අපේ අම්මගෙ පැත්තෙ ඔක්කොගෙම කටවල් ශබ්දයි. මම හරි ආසයි එයාලත් එක්ක ගෙට්ටුගෙදර් එකකට යන්න. මොකද මළ ගෙයක්ද, මඟුල් ගෙයක්ද, ශ්‍රමදානයක්ද කියල අදාළ වෙන්නෙ නැහැ, හරිම සද්දෙන් හරිම ජොලියෙ ඉන්න පවුළක්.

කොහෙද මේ ගම්පළාත?

අපේ පවුලෙ හැමෝම ඉන්නෙ මොරටුව, රත්මලාන, කටුබැද්ද, බොරලැස්ගමුව අවට.

ටෙලි නාට්‍යවල අපි දකින්නෙ කළහකාරී චරිතයක්. සැබෑ ජීවිතයත් ඒ හා සමානද?

චරිතවලදි වගේ සැබෑ ජීවිතයේදි මම එහෙම කොකු දාගන්නෙ නැහැ. මොකද එහෙම චරිත කළාට ඒක හරිම මහන්සි වෙන වැඩක්. හැබැයි කියන්න දෙයක් තියෙනව නම් ඒක පස්සට කතා කරන්න තියන්නෙ නැහැ. එවෙලෙට මම කියන දේ බණිනවද නැද්ද කියන දේ අහන කෙනා තීරණය කරගන්න ඕන. මොකද මගේ වොයිස් ටෝන් එක තේරුම්ගන්න පුළුවන් මාව ළඟින් ආශ්‍රය කරන කෙනකුට තමයි. ඇත්තම කිව්වොත් පිටින් දකින විදිහට මම මහ නපුරු නැහැ, හරිම සොෆ්ට් කෙනෙක්. නපුරුකම කියන්නෙ මට නැතිම දේ.

‘ගඩාෆි’ පිටපත අතට ගත්තාම දැණුන හැඟීම මොන වගේද?

ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මම කොමඩි ඇක්ට්‍රිස් කෙනෙක් කියල. නමුත් මම එහෙම කෙනෙක් නෙමෙයි. මෙතෙක් ප්‍රේක්‍ෂකයන් අතරට ගිහින් තියෙන්නෙ විවිධාකාර චරිතවලින්. නමුත් ගිය අවුරුද්ද පුරාවට මම එක රාමුවකට කොටු වුණා. ඒකෙන් බ්‍රේක් එකක් ගන්න කාලෙදි තමයි රංජන් අයියගෙන් මට කෝල් එකක් එන්නෙ. එයා මට කිව්වෙම මේක බ්ලැක් කොමඩි එකක්, මේ චරිතයට ඔයාවමයි මට ඕන කියල. ඒ වෙනකොට මම පිටපත කියවලවත් තිබුණෙ නැහැ. මම හිතුවෙම කෑ ගහන්න හූ තියන්න ඇති කියල. නමුත් පිටපත කියෙව්වට පස්සෙ මම දැක්කෙ, ඒ මුකුත් නැහැ, එකම එක දෙබසයි තියෙන්නෙ කියල. ඉතිං මට හරිම ආසා හිතුනා වගේම එක පයින්ම කැමති වුණා.

මාධ්‍ය දර්ශනයේදී ලැබුණ ප්‍රතිචාරය?

ඇත්තටම ලැබුණ ප්‍රතිචාරවලින් මම සප්‍රයිස් වුණා. හැමෝම මුලින්ම පටන්ගන්නෙ අම්මෝ බය හිතෙනව කියල. ඉන් පස්සෙ මට කමෙන්ට් එකක් දෙනව. ඒවා ඉතාමත් යහපත් මට්ටමේ තිබුණෙ.

ලැජ්ජාවක්, බයක් දැණුනෙ නැද්ද?

මගේ ජීවිතේ ඉහළින්ම තියෙන දෙයක් තමයි ලැජ්ජාව කියන්නෙ. නමුත් මම කරන්නෙ චරිතයක්. එතැනදි ඇඳුම එහා මෙහා යනව කියල ඒක හද හද හිටියොත් චරිතය කරන්න බැහැ. ඒ වගේම අපේ මුළු නිෂ්පාදන කණ්ඩායමෙන්ම මට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබුණා මේ චරිතය වෙනුවෙන්. ඒ නිසාම තමයි චරිතය මේ තරම් සාර්ථකව මට කරගන්න පුළුවන් වුණේ.

විවිධාකාර චරිත අතරින් ප්‍රේක්‍ෂකයන් අතරට යන්නෙ එක චරිතයක් හරහා.

ගැන.

කිව්වොත්?

ඔව්, ඒක සිද්ධ වෙන්නෙ 2021 අවුරුද්දෙ මම කරන ටීවී ඩ්‍රාමා එකක් හරහා. හූ තියල, කෑගහල කරපු චරිතයක්. කොටස් දාහතරයි මට තිබුණෙ. ඒක තමයි ප්‍රේක්‍ෂකයන් අතරට ගියේ.

රංජන්ගෙ අධ්‍යක්‍ෂණය යටතේ ලබපු අත්දැකීම මොන වගේද?

මට දැනෙන්නෙ රංජන් රාමනායක කියන්නෙ දෙවියෙක් වගේ මනුස්සයෙක්. කලින් මුණගැහිල, කතාබහ කරල තිබුණට වැඩ කරල නැහැනෙ. මේ වැඩේට කෝල් කළාම තමයි අපි ගොඩක් වෙලා කතා කළෙත්. නැත්නම් එහෙම කතාකරල තිබුණෙත් නැහැ. මුලින් මම හිතුවෙ ෆේක් කෝල් එකක් කියල. අපි වැඩකරන්න පටන් ගත්ත පළවෙනි දවසෙ ඉඳන් අන්තිම දවස වෙනතුරු හැම මනුස්සයකුටම සැලකුවෙ එකම විදිහට. කිසිම වෙනසක් කළේ නැහැ. පැකප් පාර්ටි එක දවසෙ මම රංජන් අයියට කිව්වෙ ආයෙත් දවසක ඔයා මාව වැඩකට ගනියි කියල මම බලාපොරොත්තු වෙනව කියල. මොකද ඒ තරම් පහසුවෙන් වැඩකරන්න ලැබුණ වෙන තැනක් නැහැ.

ප්‍රවීණයන් ගැන අදහස කොහොමද?

මම හරි ආසයි මගේ වැරදි අඩුපාඩු හදනවනම්. සෙට් එකකට යද්දිත් මම බලන්නෙ ඉන්න ආටිස්ට්ල කවුද කියල. මොකද මම බලන්නෙ ඒ ඉන්න ආටිස්ට්ලගෙන් මට දෙයක් ඉගෙනගන්න පුළුවන්ද කියල. මෙතෙක් දුරට මම දෙයක් ඉගෙනගෙන තියෙනවනම් ඒ, මම රඟපාපු සෙට්ස්වල හිටපු ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් සහ ශිල්පිනියන්ගෙන්.

ඩිලුක්‍ෂි කැමති ජනප්‍රිය රංගන ශිල්පිනියක් වෙන්නද?

ඇත්තටම නැහැ. මට ඕන දක්‍ෂ රංගන ශිල්පිනියක් වෙන්න. මං ආසාවෙන් ඉන්නෙ එතැනට යන්න. ඒත් මං හදිසි නැහැ.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post