සෝනු මන්දාරා සමඟ ඔබේ ආලින්දයට එන ‘තාරා’ ත්‍රිශාලා නතාශි

gossiplanka image 1
 

ඉන්දික ධර්මතිලකගේ ‘සෝනු මන්දාරා’ ටෙලි නිර්මාණයේ ‘තාරා‘ කියන්නේ මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් චරිතයකි. තාරා ලෙස රංගන දායකත්වය ලබා දෙන්නේ නව පරපුරේ නිළියක වන ත්‍රිශාලා නතාශි. ‘මියුසික් වීඩියෝ‘ රංගනය ඔස්සේද ප්‍රේක්ෂක ආදරය දිනාගත් ත්‍රිශාලා සමඟය මේ කතා බහ.


‘තාරා’කියන චරිතයට ප්‍රේක්ෂකයින්ගෙන් මොනවගේ ප්‍රතිචාරයක්ද ලැබෙන්නේ?


සෝනු මන්දාරා ටෙලිනාට්‍ය විකාශනය වීමට ආරම්භ වී සති කිහිපයක් වුණත් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙනවා. කාලෙකින් අලුත් වැඩකින් දකින්න ලැබීම සතුටුයි කියලා පෞද්ගලිකව කතා කරලා කියනවා. සති අන්ත ටෙලිනාට්‍ය සතියේ දින පහේම පෙන්වන්න කියල ඉල්ලීම් කළ ප්‍රේක්ෂකයොත් ඒ අතර හිටියා. සෝනු මන්දාරා කතාවටත් තාරා චරිතයටත් ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඒක හරිම ලස්සන පවුලේ ඕනෑම කෙනෙකුට නැරඹිය හැකි ආදර කතාවක්. නුවරඑළිය ප්‍රදේශයේ සුන්දර පරිසරයක තමයි ටෙලිනාට්‍ය රූගත කරන්නේ. තාරා කියන්නේ දේශපාලනයට සම්බන්ධ පවුලක හැමෝගෙම ආදරය සමඟ හැදෙන වැඩෙන දඟකාරකමින් පිරුණු ගැහැනු ළමයෙක්. තමන්ගේ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න පුළුවන් ආදරණීය චරිතයක්.


ඔබට මේ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ කොහොමද?


‘තාරා‘ගේ චරිතයට නිළියක් තෝරන අවස්ථාවේදී හැමෝම මම ගැන කියලා තිබුණා. මම මීට කලින් රඟපාපු ටෙලි නිර්මාණයක තිර රචනය කළ තිමිර උඩලමත්තත් මාව යෝජනා කරලා තිබුණා. තිර පරීක්ෂණයකින් පසුව තාරාගේ චරිතයට මාව තෝරගත්තා.


ඔබ මීට පෙර රංගනයෙන් දායක වූ නිර්මාණ මොනවාද?


මගේ රංගන ජීවිතය ආරම්භය වන්නේ ‘දෙවනි ඉනිම‘ ටෙලිනාට්‍යත් සමඟයි. දෙවනි ඉනිමෙහි ‘මදූකා’ කියන සමල්කාගේ හොඳම යහළුවාගේ චරිතය නිරූපණය කලා. ඒ චරිතය හරහා බොහෝදෙනෙක් මාව දැනගත්තා. ‘සිද්ධාර්ථ ගෞතම්’ටෙලිනාට්‍යයේ ‘නන්දා කුමරිය’ චරිතය රඟපෑවේ මම. හදවතේ කතාවේ ‘ශාක්‍යා’ කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණා. ශාක්‍යා චරිතය නිසා විශාල රසික ආදරයක් ලැබුණා. මේ දවස්වල මගේ දවස ගෙවෙන්නේ ‘තාරා’ සමඟයි.


ඔබ කලාවට සම්බන්ධ වුණේ කොහොමද?


මට වයස අවුරුදු දහයක් තරම් කාලයේදී තමයි වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙන්නේ. 2014 සිට 2019 පමණ දක්වා ස්ටුඩියෝ එකක නර්තන ශිල්පිණියක් ලෙස වැඩ කළා. වසර දහයක් පමණ එහි වැඩකළා. මියුසික් වීඩියෝ රංගනනයටත් සහභාගි වුණා. කුඩා කාලයේ සිට එලෙස පැමිණි ගමන තමයි මේ සෙමින් සෙමින් ඉදිරියට එන්නේ.


මගේ නර්තන හැකියාව නිසා ලැබුණු ආරාධනයකට අනුව Mega Star වේදිකාවටත් සම්බන්ධ වුණා. නාළිකාවක සිදු වූ තරගයකට සම්බන්ධ වූ පළමු අවස්ථාව. දැවැන්ත වේදිකාවක සිදුවන ඒ අද්දැකීමත් ලැබිය යුතුයි කියා සිතූන නිසා එයට සම්බන්ධ වුණා.


මියුසික් වීඩියෝවල නිතරම ඔබව දකින්න ලැබෙනවා. එම නිර්මාණවලට සීමා තියෙනවද?


මියුසික් වීඩියෝ වුණත් හැම වැඩක්ම මම භාර ගන්නේ නෑ. විශේෂයෙන් තිර පිටපත බලනවා. මට මොනවද කරන්න තියෙන්නේ, කතාව මොනවගේද කියලා බලනවා. හොඳ වැඩක් නම් ලස්සන නිර්මාණයක් නම් අනිවාර්යයෙන්ම සහභාගි වෙනවා.


ඔබේ පවුලේ තොරතුරු සහ ඔබට උදව් කළ අය ගැන සිහිකළොත්?


මගේ අම්මයි මගේ නංගිලා දෙන්නයි ඉන්නේ. ලොකු නංගී දැන් විදේශගත වෙලා ඉන්නේ. පොඩි නංගී තවම ඉගෙනීමේ කටයුතුවල නිරත වෙනවා. මගේ රංගන ජීවිතයට මේ සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා.


මා මෙතෙක් පැමිණි ගමනේදී මට උදව් කළ අය බොහොමයි. ඒ අතරින්


මගේ අම්ම හරි ආසයි මම රංගන ක්ෂේත්‍රයෙනුත් නර්තන ක්ෂේත්‍රයෙනුත් ඉදිරියට යනවා දකින්න. පොඩි කාලේ සිටම බොහෝ කැපකිරීම් කරලා, පරිස්සම් කරලා සහයෝගයදීපු අදටත් මා එක්කම ඉන්න අම්මගෙන් ලැබෙන දිරිය අපමණයි. සෝනු මන්දාරා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ ඉන්දික ධර්මතිලක අයියවත්, තිරපිටත රචනා කරන ගයනි අක්කවත් ආදරයෙන් මතක් කරනවා. තාරා චරිතය ගොඩනාගාගන්න ඉන්දික අයියගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒත් එක්කම ‘සෝනු මන්දාරා‘ කණ්ඩායමත් මතක් කරන්න කැමතියි. රංගන ක්ෂේත්‍රයේ ඉන්න මගේ මාමා උදිත් අබේරත්නගෙනුත් හොඳ සහායක් ලැබෙනවා. මුද්‍රිකා ස්වර්ණතිලක අක්කිවත් මතක් කළ යුතුයි. ඉතින් මේ සියලු දෙනාටම ස්තුතිවන්ත වනවා.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
Previous Post Next Post