මම සම්පූර්ණයෙන් නිර්මාණවලින් අයින්වෙලා නෑ - සචිනි අයේන්ද්‍රා

gossiplanka image 1
 

සචිනි අයේන්ද්‍රා අපි කවුරුත් අදුනාගත්තේ 2004 දී ආචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර අධ්‍යක්ෂණය කළ “ආදරණීය වස්සානය” චිත්‍රපටය නිසා. මේ කාලෙදී සචිනි ගැන හොයන්න ගොඩක්දෙනා උත්සහ කළා. ඉන්පසුව ඇය කලා ක්ෂේත්‍රයේ නිහඬ හෙමින් ගමනක් ගියත් නමුත් දැන් සචිනි ව්‍යාපාරික කටයුතු නිසා රඟපෑමෙන් ටිකක් ඈත්වෙලා වගේ අපටත් දැනෙනවා. මේ ගැන ඇගෙන් අහන්නම හිතුණේ ඇගේ උපන්දිනයක් මේ මාසෙටම යෙදුණ නිසා. ඇය අපට කිව්වේ පසුගිය වසර 4 ම විදේශ ගතවයි උපන්දිනය සැමරුවේ කියලයි. ඒ නිසා ඇය මෙවර උපන්දිනය සැමරුවේ ලංකාවේදී. ඒ වෙනුවෙන් අපූරු Photo shoot එකකුත් කරමින්.


අවුරුදු 04 කට පස්සේ සචිනි උපන්දිනය ලංකාවෙදී සැමරුවා නේද?


ඇත්තටම මගේ උපන්දිනය යෙදිලා තිබුණේ අප්‍රේල් 8 වැනිදාට. පහුගිය අවුරුදු හතරෙම මම උපන්දිනය වෙනුවෙන් විදේශ ගත වුණා, ඒ නිසා හැමවතාවෙම වගේ මගේ පවුලේ අයගෙන් ඈත් වෙලා තමයි උපන්දිනය සැමරුවේ. ඒත් මට මගේ හිතවතුන් Call කරනවා, සුබ පතනවා මගේ Office එකට Birthday flowers. cakes එවනවා. ඉතින් මට හිතුණා මේ පාර ලංකාවේ ඉඳන්ම උපන්දිනය සමරන්න ඕනේ කියලා. මම උපන්දිනය දවසේ හිටියේ මගේ Office එකේ. ඉතින් මේ පාරත් මගේ යාළුවෝ, මාත් එක්ක වැඩ කරන අය Birthday Flowers, Cakes අරන් මාව බලන්න ආවා. මට සුබ පැතුවා. ඒ ලැබුණු සුබ පැතුම් මට ගොඩක් වටිනවා.


අපි දැක්කා මෙවර උපන්දිනය වෙනුවෙන් ඔබ විශේෂ ඡායාරූප පෙළක් කරලා තිබුණා. මොකක්ද ඒ වෙනස?

ඔව්, මම මෙවර වෙනස්ම විදිහේ Birthday Shoot පහක් විතර කළා. මම මගේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරපු නිසා ඒවට වැඩි අවධානයක් දෙන්න ගිහින් රංගන කටයුතු මගහැරුණා. මගේ රසිකයෝ නිතරම අහනවා “ඇයි දැන් වැඩිය පේන්න නැත්තේ” කියලා. කලා කටයුතුවලින් ඈත් වෙලා හිටපු නිසා, මට හිතුණා Birthday Photo Shoot එකක් කරන්න ඕනි කියලා.


ඒ කියන්නේ රංගනයට ලැබුණ ආරාධනා ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා කියන එකද?


ඇත්තටම නිර්මාණවලට ආරාධනා ලැබෙනවා. නමුත් මගේ ව්‍යාපාරයට මුල්තැන ලබා දුන් නිසා රංගන කටයුතුවලින් මම ටිකක් ඈත් වුණා.සචිනි කියන්නේ හැමදාමත් ලස්සනට ඉන්න කෙනෙක්. මේ ශරීර හැඩය පවත්වාගන්න කරන විශේෂ දේවල් මොනවාද?එහෙම ලොකු රහසක් නැහැ. හැබැයි මම මගේ ඊදාහ ිය්චැ පවත්වාගන්න ගොඩක් උත්සහ කරන කෙනෙක්. මගේ දෙවැනි බබා ලැබුණට පස්සේ බර කිලෝග්‍රෑම් 16 කින් විතර වැඩි වුණා. හැබැයි මම මාස පහක කෙටි කාලයකදී ආහාර පාලනය සහ ව්‍යායාම මගින් නැවත මගේ පැරණි බරටම ආවා. මම විශේෂයෙන්ම නිවැරදි ආහාර රටාවකට සහ ව්‍යායාමවලට හුරු වෙලා ඉන්නවා. පසුගිය වසර 10 නොකඩවාම මම ව්‍යායාමවල යෙදුණ එක තමයි රහස.


ඔබ කරන විලාසිතා ඔබටම අනන්‍යයි, ඒ ගැන කතා කළොත්?


විලාසිතා කියන්නේ මම ගොඩක් ආදරය කරන දෙයක්. මම ඇඳුම්වලට ගොඩක් කැමතියි. විදේශ ගත වුණත් මම ඇඳුම් ගන්න අමතක කරන්නේ නෑ. ඒ නිසා මට විවිධ විලාසිතාවල ඇඳුම් තියෙනවා. මම කවදාවත් කාවවත් Follow කරන්නේ නැහැ. මම මගේම Ideasවලට තමයි විලාසිතා කරන්නේ. ඒ නිසාම වෙන්න ඇති මටම ආවේණික වුණු ස්ටයිල් එකක් තියෙන්නේ.


ඔබේ ජනප්‍රියත්වය එක සේ පවත්වාගෙන යන්නේ කොහොමද?


මම ඒක හිතාමතාම පවත්වාගෙන යන දෙයක් නෙවෙයි. මට ආරාධනා ලැබෙන වැඩසටහන්වලට මම අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා සහ මගේ ව්‍යාපාර කටයුතු නිසා සමාජ මාධ්‍ය ඔස්සේ නිතරම දැක ගන්න පුළුවන්, ඉතින් ඒ නිසා වෙන්න ඇති ජනප්‍රියතාව එලෙසම තියෙන්නේ.


අවසාන වශයෙන්, සචිනිව ආයෙත් කවදාද තිරයෙන් දකින්න ලැබෙන්නේ?


මම සම්පූර්ණයෙන්ම ක්ෂේත්‍රයෙන් අයින් වුණේ නැහැ. ව්‍යාපාරකටයුතුවලම යෙදිලා ඉන්නකොට හිතෙනවා රංගන කටයුතු Miss වුණා නේද කියලා, ඉතින් ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම මාව ඔයාලට නිර්මාණවලින් බලාගන්න පුළුවන්වේවී


රසාංජලී වාසල

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post