මගේ කර්ලි කොණ්ඩේ දැකලා තමයි හොයාගෙන ආවේ - රාධිකා

gossiplanka image 1
 ඇය රංගන ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ අනන්‍යතාවයක් ගොඩනගාගත් දක්ෂ මෙන්ම රූමත් රංගන ශිල්පිනියකි. ‘ඉන්ටර්නැෂනල්’ හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය, අද වන විට රිදී තිරය මෙන්ම පුංචි තිරයද එකලෙස ජයගනිමින් සිටියි. මේ දවස්වල හැමෝම හොයන ‘පතිකුලයේ‘ රහස් වගේම, රංගනයයි බිස්නස් ලෝකයයි මැද ඇය යන ගමන ගැන රාධිකා අපිට කියපු හදවතට වදින කතාවයි මේ.


ඉතින් රාධිකා මොකද වෙන්නේ මේ දවස්වල?

‘පතිකුලය’ ෆිල්ම් එකේ ෂූටින් නුවර ටික ඉවරයි. කොළඹ ටික ෂූටින් මේ දවස්වල. ඒත් එක්කම ‘රොන් සොයා’ එකේ ටීචර් කෙනෙක්ගේ චරිතයක් නිරූපණය කරනවා. මේ දවස්වල හරි ජනප්‍රියයි ඒ චරිතය. පාසලක රූගත කිරීම් කරන නිසා හැම සති අන්තයකම ඒකේ රූගත කිරීම් සිදුකරනවා.

ඔබ මේ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

2007 සිරස කුමරියත් එක්ක මම කැදැල්ල වැඩසටහන කළා. එතකොට ටෙලිනාට්‍ය කිහිපයක් ආවා භාරගන්න බැරි වුණා. පිටරට කම්පනි එකක් සමග ඇග්‍රිමන්ට් එකක් තිබ්බා මගේ, ඒක නිසා. ඊට පස්සේ මම රට ගිහින් නැවත ආවට පස්සේ තමයි ආයෙත් මෙහෙ වැඩ භාරගත්තේ.

ඔබගේ පළමු නිර්මාණය මතකද?

ඔව්, මුලින්ම මම කළේ ‘ඉන්ටර්නැෂනල්’. දුලීකා මාරපන මහත්මියගේ නිර්මාණයක්. එකේ චරිතය වුණේ චානුක ප්‍රබුද්ධගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. මිනිස්සු අතරේ හරි ලස්සනට ඒක ජනප්‍රිය වුණා.

උද්ධික සමග විවාහ වුණාද? මොකක්ද ඒ කතාව?

පතිකුලයේ කතාවේ මං ඉන්නේ උද්ධික අයියගේ වයිෆ්ට. කතාව බලලම තමයි ඒ මොකක්ද කියලා හරියටම දැනගන්න පුළුවන්.

පතිකුලය අත්දැකීම කොහොමද?

මඩුගල්ල වලව්වේ තමයි ෂූටින් තිබුණේ, හරිම සුන්දර අත්දැකීමක් ඒක. අධ්‍යක්ෂ සහ තිර රචක සමන්ත විජේකෝන් මහතා. අපි හරි සහයෝගයෙන් ලස්සනට වැඩේ කළා.

ඔබ කොහොමද මේ නිර්මාණයට සම්බන්ධ වුණේ?

‘අපේ ප්‍රින්සිපල්’ නිර්මාණයේ මගේ ටීචර්ගේ චරිතය දැකලා අධ්‍යක්ෂ ඒ චරිතය හොයලා තියෙනවා. ඊට පස්සේ ඔහුගේ නිර්මාණයකටම තමයි මං මුලින් සම්බන්ධ වෙන්නේ. මගේ කර්ලි කොණ්ඩේ තමයි ගොඩක්ම ඔළුවට ගිහින් තියෙන්නේ. ඊට පස්සේ තමයි මාව මේ නිර්මාණයටත් සම්බන්ධ කරගන්නේ.

රූගත කිරීම් එක්ක අමතක නොවන සිදුවීම් මොනවද?


මම මේ චිත්‍රපටයේ අභියෝගාත්මක චරිතයක් කරනවා. මාව විශ්වාස කරලා ඒ චරිතය මට දුන්නට අධ්‍යක්ෂට මම සදා ණයගැතියි. මිනිස්සුන්ට අඳුරගන්න බැරි ලොකු චරිතයක් මම ඒකේ නිරූපණය කරනවා. ඒක කවදාවත්ම අමතක වෙන්නේ නෑ.

කලා කටයුතුවලට අමතරව මොනවද තව කරන්නේ?

හස්බන්ඩ්ගේ ව්‍යාපාරවලට උදව් කරනවා. එයා වාහන ආනයනය කරන ව්‍යාපාරයක් කරන්නේ. ඊට අමතරව කොස්මැටික් පැත්තෙන් මගේ ව්‍යාපාරයක් කරගෙන යනවා.

ඔබ ආදරය දකින්නේ කොහොමද?

පවුල තමයි අංක එක. මම හැම දේම ලබාගත්තේ විවාහ වුණාට පස්සේ. ඊට කලින් මට මේ විදිහේ නිදහසක් තිබුණේ නෑ. ඉතින් මං ආදරය හරි ලස්සන දෙයක් විදිහට දකිනවා.

රංගනය නොකළා නම් ඔබ මොනවා කරයිද?

මං රංගනය තෝරගෙන ඉන්නේ මගේ ආසාව හා ජනතාව අතර රැඳී පවතින්න පුළුවන් නිසයි. මං රංගනයට ගොඩක් ආදරෙයි. රංගනය නොකළා නම් ව්‍යාපාර කටයුතු කරගෙන ඉඳියි. ව්‍යාපාරික කාන්තාවක් වීම තමයි මගේ ඉලක්කය වුණේ. මං ඒක මේ වෙනකොට ළඟා කරගෙන තියෙනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

1000% සහයෝගයක් ලැබෙනවා. මගේ සැමියා ව්‍යාපාර කටයුතු කරන නිසා එයාට ලේසි කාලය හසුරව ගන්න. මම වැඩවලට යනකොට ගෙදර වැඩ, දරුවන්ගේ වැඩ සියල්ලම එයා සම්පූර්ණයෙන්ම බලනවා. මම නෑ කියලා දැනෙන්න තියන්නේ නෑ.

ඉදිරි වැඩකටයුතු කොහොමද?

‘පතිකුලය’ එන්න තියෙනවා, ඊට අමතරව ඒ අධ්‍යක්ෂතුමාගෙම තව චිත්‍රපටයක් රිලීස් වෙන්න තියෙනවා මේ අවුරුද්දේ අන්තිම. තව ධනංජය සිරිවර්ධනගෙයි, නිවන්ත ප්‍රසාරගෙයි වැඩ දෙකක් කළා. දෙකේම පළමු ෂෙඩුල් එක ඉවරයි. ඒකේ ඉදිරි වැඩකටයුතු කරගෙන කාලය ගතකරනවා.<

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post