අංජලී සචින් ලියනගේ එක්ක අහංකාර ආදරයක පැටලිලා-අංජලී ජයසිංහ

gossiplanka image 1


ටී.වී දෙරණ නාලිකාවේ සිකුරු ඇවිත් ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂකයන් අතර ප්‍රසිද්ධියට පත්වුණ අංජලී ජයසිංහ මේ දිනවල අහංකාර ආදරවන්තියක් විදිහ⁣ට ප්‍රේක්ෂකයෝ අතරට ඇවිත් ඉන්නවා. පුංචි තිරයේ අහිංසකාවිය අංජලී අහංකාර ආදරවන්තියක් වීම ගැන අපි හිතුවා අංජලී එක්ක කතා කරන්න.




අංජලී දැන් අහංකාර වෙලාද?




මම අහංකාර ⁣වෙලා නම් නැහැ⁣. සුපුරුදු විදිහට මම තාම අහිසංක ජීවිතයක් ගතකරන්නෙ. හැබැයි මේ දවස්වල මම සචින් ලියනගේ එක්ක නම් අහංකාර ආදරයක පැටලිලයි ඉන්නෙ.








සචින් එක්ක අහංකාර ආදරයක පැටලුණ අත්දැකීම කොහොමද?




හසුන් සමීර අධ්‍යක්ෂණය කරන අහංකාර ආදරේ ටෙලි නාට්‍යයෙදියි සචින් ලියනගේ අයියා එක්ක මම අහංකාර ආදරයක පැටලිලා ඉන්නේ. මට වඩා සචින් අයියට රංගනය ගැන අත්දැකීම් තියෙනවා. ඉතින් මීට කලින් මම සචින් අයියව අඳුරන්නෙ නැති නිසා අපි දෙන්නට එකතුවෙලා සාර්ථක සුසංයෝගයක් ගොඩනගාගන්න පුළුවන් වෙයිද කියලා පුංචි චකිතයක් තිබුණා. හැබැයි අධ්‍යක්ෂ හසුන් අයිය⁣ගේ ප්‍රධානත්වයෙන් අපි හම්බවෙලා පිටපත ගැන සාකච්ඡා කරලා චරිතය ගොඩනගාගෙන රූගතකිරීම් කරන්න පටන් ගත්තා. අද වෙද්දි අහංකාර ආදරේට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් තේරෙන්නෙ මගෙත් සචින් අයියගෙත් සුංසයෝගය සාර්ථක වෙලා තියනවා කියලයි.




ලස්සනට ආදරය කරන්න පුරුදු වුණේ කොහොමද?




පෞද්ගලික ජීවිතයේදි පෙම්වතෙක්ට ආදරය කරපු අත්දැකීම් මට නැහැ⁣. ඉතින් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් සහ පිටපත අනුව රංගනය ගැන මම ඉගෙන ගත්ත දේවලුත් භාවිත කරලයි කැමරාව ඉස්සරහා මම ආදරවන්තියක් වෙන්නෙ.




මේ දවස්වල අහංකාර ආදරේ එක්ක knock out එක්කත් අංජලී ඉන්නවා නේද?




ඔව්. knock out ටෙලි නාට්‍යයේ ටෙනිස් ක්‍රීඩිකාවක් විදිහට රඟපාන ගමන් මම ඉන්නෙ. මීට කලින් මම ටෙනිස් සෙල්ලං කරලා නැහැ⁣. ඉතින් ටෙනිස් ක්‍රීඩාව මට අලුත් අත්දැකීමක් වගේම අභියෝගයක් වුණා. පළපුරුදු ටෙනිස් ක්‍රීඩිකාවක් විදිහට knock out ටෙලි නාට්‍යයේ රඟපාන්න තියන නිසා ජාතික ටෙනිස් කණ්ඩායමේ ක්‍රීඩිකාවක් එක්ක ටෙනිස් ක්‍රීඩාව පුහුණුවෙලයි මම knock out ටෙලි නාට්‍යයේ රඟපාන්න පටන්ගත්තෙ.








අංජලී නිළියක් වෙන්න හිතුවෙ ඇයි?




නොතේරෙන පුංචි කාලෙ ඉඳලා මම සාරි ඇඳගෙන ගෙදර රඟපෑවා. වයසින් ටිකක් මුහුපුරා යද්දි ටෙලි නාට්‍ය සහ චිත්‍රපට ගොඩක් ආසවෙන් බලන්න පටන් ගත්තා. පුංචි කාලෙ ඉඳලා රංගනය ගැන තිබුණ උනන්දුවත් එක්ක නිළියක් වෙන්න මට අදහසක් ඇතිවුණා. හැබැයි අධ්‍යපන වැඩ කටයුතු එක්ක මට රංගන හීනය ටිකක් කල් දාන්න සිද්ද වුණා. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ මම චීනයේ විශ්වවිද්‍යාලයක ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සම්බන්ධව උපාධිය සම්පූර්ණ කළා. ඉගෙනීමේ කටයුතු සාර්ථක කරගත්ත⁣ට පස්සෙයි මම රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා රංගන කටයුතු කරන්න පටන් ගත්තෙ. නිළියක් වුණා කියලා ඉගෙනගත්ත දේවල් අපතේ යවන්න මම ලෑස්තිවෙලා නැහැ⁣.




රංගන ක්ෂේත්‍රය ගැන දැනෙන්නෙ මොකක්ද?




රඟපාන එක ⁣ඒ තරම් දෙයක් නෙමෙයි කියලා සමහරු හිතන්න පුළුවන්. නමුත් රංගනය හැදෑරීම, චරිතාංග බව, පුහුණුව වැනි දේ නිළියක් වීමෙදි අදාළ වෙනවා. රංගන ශිල්පිනියක් වෙනවා කියන එකම අභියෝගයක් කියලයි මම විශ්වාස කරන්නෙ.




මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළියට හිමි සම්මානයට නිර්දේශ වුණා. සම්මානය නොලැබීම ගැන දුක නැද්ද?




Lovers Leap ටෙලි නාට්‍යයේ මම ඉදිරිපත් කරපු රංගනය වෙනුවෙනුයි මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ හොඳම නැගී එන නිළියට හිමි සම්මානයට මාව නිර්දේශ වුණේ. රංගන ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලෙකදිම සම්මානයක් සඳහා නිර්දේශ වීමම මට ගොඩක් ලොකු සතුටක්. නමුත් මම සම්මාන බලාපොරොත්තුවෙන් රඟපාන්නෙ නැහැ⁣.








අංජලී සිනමාවට පිවිසුණා කියලා ආරංචියි...




ඔව්. ටෙලි නාට්‍ය නිළියක් වුණාට පස්සෙ සිනමා නිළියක් වෙන්න ඕන කියන අදහස මට තිබුණා. හැබැයි රංගන ක්ෂේත්‍රයට ඇවිත් වසර දෙක හාමරක් වැනි කෙටි කාලයක් ඇතුළතදි සිනමා නිළියක් වෙන්න ලැබෙයි කියලා මම හිතුවෙ නැහැ⁣. ප්‍රවීණ අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ මේඝ වර්ෂා චිත්‍රපටයෙනුයි මම සිනමාවට පිවිසුනේ. දමිත් විජේතුංග සහ චතුර රාජපක්ෂ අයියලා මේඝ වර්ෂා චිත්‍රපටයේදි මාත් එක්ක ප්‍රධාන චරිතවලින් එකතු වෙනවා. මාත් එක්ක මගේ අම්මයි නංගියිත් මේඝ වර්ෂා චිත්‍රපටයේ රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා. පවුලේ අයත් එක්කම සිනමාවට පිවිසෙන්නෙ ලැබීම සුවි⁣ශේෂි අත්දැකීමක් විදිහටයි මම දැනෙන්නේ.




පවුල ඇතුළේ මොනවිදිහෙ කෙනෙක්ද?




පවුලේ ඉන්නෙ අම්මයි තාත්තායි නංගියි. රටට නිළියක් වුණාට පවුල ඇතුළේ මම අම්මටයි තාත්තටයි දුවක්. ඉතින් අම්මා එක්ක එකතුවෙලා උයනවා, ගෙදර දොර වැඩ කරනවා. වැඩිමහල් දරුවා විදිහට පුංචි කාලෙ ඉඳලා මම හැදුණෙ වැඩුණෙ දඟකාරකම් කරන්නෙ නැති තැන්පත් ළමයෙක් විදිහට.




පිරිමි ළමයින්ගෙන් ආදර යෝජනා එනවා ඇති නේද?




ආදර යෝජනා නම් ඕන තරම් එනවා. හැබැයි මම තාම ඒ කාටවත් හා කියන්නෙ නැතුව තනිකඩවයි ඉන්නෙ. යහමින් සල්ලි භාගෙ, දේපළ තියන පිරිමියෙක්ට වඩා අපි දෙන්නම එකතුවෙලා දියුණු වෙන, මාව තේරුම් අරන් ආදරෙන් බලාගන්න කෙනෙක්ටයි මම කැමති. 

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post