එයා මං ගැන ගොඩක් සතුටු වෙනවා - මදාරා සෙව්වන්දි

gossiplanka image 2
 

ගැමි පරිසරයක සුන්දරත්වයත්, ජීවිතයේ කම්කටොලු‍ත් මැනවින් විදහා පෑ ‘බැද්ද අද්දර‘ ටෙලිනාට්‍යයේ නෙලු‍ම්ගේ චරිතය මේ දිනවල කාගේත් කතාබහට ලක් වෙලා. ඇය ඇත්තටම නිර්මාණයෙන් ඉවත් වුණාද? මිනී පෙට්ටියක් තුළ රඟපෑම කෙතරම් අසීරුද? රංගන ශිල්පිනියක ලෙස මළ සිරුරක් වී මිනී පෙට්ටියක් තුළ ගත කළ ඒ තිගැස්ම පිරුණු අත්දැකීම සහ නෙලු‍ම්ගේ චරිතය වෙනුවෙන් ඇය කළ කැපකිරීම් ගැන මදාරා අපි සමඟ මෙලෙස අදහස් දැක්වූවා.


‘බැද්ද අද්දර’ සමග ගෙවන ජීවිතය කොහොමද මදාරා?

ඒ ගෙවපු කාලය නම් මට ලොකු වෙනසක් දැනුණා. ‘බැද්ද අද්දර’ ටෙලිනාට්‍යය ගොඩක් ආදරයෙන් ප්‍රේක්ෂකයෝ වැලඳගෙන තිබෙනවා. ඒ ගැමි පරිසරයේ කම්කටොලුවලට මුහුණ දෙන ජනතාවගේ දුක්ගැහැට ඉස්මතු වෙන නිර්මාණයක්. ඉතින් ඒ ගෙවන ජීවන රටාවට ප්‍රේක්ෂකයන් ගොඩක් කැමැතියි. මටත් ඒ පරිසරය තුළ නෙලුම්ගේ චරිතය හරහා ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.

නෙලුම් චරිතයට ඔබට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න සිදුවුණා නේද?

මගෙ පෙනුමේ ඉඳලා වෙනස් වෙන්න සිදුවුණා. නෙලුම් කියන්නේ පවුලට ගොඩක් ආදරය කරන කෙනෙක්. ආච්චි, අක්කා කියන්නේ නෙලුම්ගේ ලෝකය කියලා. නෙලුම් කියන්නේ මට ගොඩක් ළෙන්ගතුව දැනුණු චරිතයක්.

ඔබ මෙතෙක් නිරූපණය කළ චරිතවලට වඩා අත්දැකීම් ගොඩක් ලබාගැනීමට හැකිවුණා නේද?

මම එහෙම ගොඩක් නිර්මාණවලට දායක වෙලා නැහැ. හැබැයි මම මේ නිර්මාණය තුළ ලබපු ලොකුම අත්දැකීම් කීපයක් තියෙනවා. ඒ අතර එක අත්දැකීමක් තමයි මිනී පෙට්ටියක මැරුණු විදියට ඉන්න ලැබුණු එක.

කොහොමද ඒ සුවදායක නින්ද පහසුද?

මම මුල් වතාවට තමයි මේ විදියට මිනී පෙට්ටියක ඉන්න අත්දැකීමක් ලැබුවේ. ප්‍රවීණ ශිල්පීන් ඒ අවස්ථාවේ ඒ චරිතවල ජීවත් වුණු විදියට මටත් ගොඩක් පහසු වුණා මළ මිනියක් වගේ ඉන්න. මම හිතින් හිතපු වාර අනන්තයි. මට මේ දේ ඇත්තටම වුණා නම් සිදුවෙන්නේ මෙහෙමයි කියලා දැනුණා. මිනී පෙට්ටිය ඇතුළට මාව දාලා වහලා ඇත්තටම කරේ තියාගෙන ගියා. ඒ අත්දැකීම නම් මාරයි.




ඔබ මනෝ උපදේශකවරියක්. කොහොමද මේ සියල්ල කරගෙන යන්නේ?

කුඩා කාලේ ඉඳලා මගෙ තිබුණු එකම හීනය මනෝ උපදේශකවරියක් වීම තමයි. මගේ වෘත්තිය හරහා විවිධ චරිත සමග වැඩ කරන්න සිදුවෙනවා. ඉතින් ඒ චරිත මගේ රංගන කටයුතු සඳහා ප්‍රායෝගිකවම අත්දැකීම් ලබාගන්න විවිධ අවස්ථා ලැබෙනවා. ඉතින් මට චරිතයක් ලැබුණාම ඒ චරිතය තුළ ජීවත් වීමට පවා ලොකු පහසුවක් ලැබෙනවා.

අපි ගොඩක් නිර්මාණ හරහා දකිනවා චරිත මරන බව. ඔබත් යම් කිසි හේතුවක් මත නිර්මාණයෙන් ඉවත් වුණාද?

අපෝ එහෙම කිසිම හේතුවක් මත ඉවත් වුණේ නැහැ. ඉතා ලස්සනට කතාව රචනා කරලා තිබුණා. ඉතින් ඒ සිදුවීම් අනුව අපේ චරිත ඉතා ලස්සනට පෙළගස්වලා තිබුණා. ඒ කතා සිදුවීම් එක්ක අවසානයේ නෙලුම් මැරෙනවා. ඔය විදියට තමයි මගේ චරිතය ගලාගෙන ආවේ.

ප්‍රේක්ෂකයන්ට තාමත් කුතුහලයක් නෙලුම්ට අත්වුණු ඉරණම ගැන?

ඔව්. මගෙනුත් ගොඩ දෙනෙක් ඒ ගැන අහනවා. ඉතින් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට නෙලුම්ට අත්වුණු ඉරණම ගැන සාධාරණ පිළිතුරක් ලබාදෙයි.

මදාරාගේ පෙම්වතා මොකද කියන්නේ?

එයත් මගේ ප්‍රේක්ෂකයෙක්. මගේ නිර්මාණ හොඳට රසවිඳිනවා. මගේ රඟපෑම ගැන ගොඩක් සතුටු වෙනවා.

මේ දිනවල අලුත් වැඩකටයුතු කොහොමද?

මේ දිනවල මගේ වෘත්තීය වැඩකටයුතු තමයි. අලුත් නිර්මාණයකට මම තවම සම්බන්ධ වුණේ නැහැ. වෙනස් විදියේ චරිතයකට ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න ආශාවෙන් ඉන්නවා.

gossiplanka image 1
Previous Post Next Post