මාදම්පෙන් කොළඹට පියමං කළ ඇය, අද වන විට පුංචි තිරය මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයත් තමන්ගේ අනන්‍යතාවයෙන් හැඩකරන හැඩකාරියකි. හුදෙක් රූපයකට පමණක් සීමා නොවී, තමන්ගේම ව්‍යාපාරයක් හසුරුවමින් ස්වාධීනව නැගී සිටීමට වෙහෙසෙන ඇය කිත්මිණි කාවින්ද්‍යායි. ‘රාග’ හි ශෙරීනා ලෙසත්, ‘කාමරේ’ හරහා ඔබේ ආලින්දයටත් එන ඇයගේ සැබෑ ජීවිතයේ නොකියූ කතාව මෙලෙස දිගහැරේ…Sri Lanka Latest News
කවුද මේ කිත්මිණි?
මම කිත්මිණි කාවින්ද්‍යා. ගම මාදම්පේ. මගේ පාසල මාදම්පේ සුගතානන්ද ජාතික පාසල. වැඩිදුර අධ්‍යාපනය සඳහා හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් වුණා. මම දැන් ඉන්නේ කොළඹ. මගේ වැඩකටයුතුවලට පහසු නිසා.
මේ දිනවල වැඩකටයුතු අඩුද කිත්මිණි?
ඔව්. මේ දවස්වල කලා කටයුතු පැත්තෙන් මම ලොකුවට වැඩ නැහැ. නිරූපණ කටයුතු සහ මගේ ව්‍යාපාර කටයුතු සමග තමයි කාලය ගතකරන්නේ.
ඒ කියන්නේ දැන් ව්‍යාපාරිකාවක්?
ඔව්. පොඩියට මගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා. මම කැමැති නැහැ කවුරුවත් යටතේ වැඩ කරන්න. එහෙම වුණාම මගෙ ඔළුවට වුණත් බරක්. මගෙම කියලා දෙයක් කරගෙන යනකොට මගේ කලා කටයුතුවලට වුණත් පහසුයි. නැත්නම් ඉතින් නිවාඩු ගන්න ගියාම ප්‍රශ්න. නිදහසේ මගේ වැඩ කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි මම කැමැති.
තාත්තගෙන් ලැබුණු උපන්දින තෑග්ග ලොකු වටිනාකමක් දැනුණා නේද?
මම පාසලේදී වුණත් එක තැනකට වෙලා ඉන්න කැමැති නැහැ. නටන්න, ගයන්න, රඟපාන්න මම මේ හැම පැත්තක් ගැනම හැදෑරුවා. ඉතින් මම ගෙදරට කිව්වා මට මොඩ්ලින් පන්තියකට යන්න ඕනේ කියලා. කොහොම හරි මගේ ගමන යන්න තාත්තා උපන්දිනේ දවසේ අවසර දුන්නා. 2022 තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. රුක්මල් සේනානායකගේ මොඩ්ල් ඇකඩමියට. පස්සේ මම චන්දිමාල් ජයසිංහගේ රාජකීය අවුරුදු කුමරිය තරගයේ අවසන් 12 දෙනා අතරට තේරුණා. ඔය විදියට තමයි මගේ ගමන ආරම්භ වුණේ.
‘රාග’ ටෙලිනාට්‍යයේ අපි දැකපු ශෙරීනා අවංකද?
මම ටෙලිනාට්‍යයක රඟපාන්න මුලින්ම සම්බන්ධ වෙන්නේ ‘රාග’ ටෙලිනාට්‍යයේ ශෙරීනා චරිතය හරහා ආදරය කරන කොල්ලව පිට යන්න නොදී බලෙන් හරි ඒ ආදරය රැකගන්න තමයි ශෙරීනා උත්සාහ කරන්නේ.
කිත්මිණි ඒ වගේ නැහැ නේද?
යාළුවොනම් කියනවා මගේ සැබෑ ජීවිතයේ වගේම චරිතයක් තමයි ශෙරීනා කියලා. විහිළුත් කරනවා. කවුද කැමැති තමන් අවංකව ආදරය කරන කෙනා වෙන කෙල්ලෙක්ට ළං වෙනවට. අවංකව දැනුණු ආදරයකදී ඉතින් මම වුණත් එහෙම වෙන්න පුළුවන්. බලෙන් කිසිම දෙයක් තියාගන්න පුරුද්දක් මට නැහැ. මම දැන් පාඩුවේ ඉන්නවා.
නිරූපිකාවන් ගැන සමාජය බලන විදිය වැරැදියි නේද?
මට එහෙම අවුලක් නෑ. එහෙම කතා කරන්නේ එක එක්කෙනා නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන විදියට අනුව. කිහිප දෙනෙක් කරන වැඩ නිසා අවසානයේ මේ ක්ෂේත්‍රය දිහා බලන විදිය වැරැදියි. හැමෝම එක වගේ නැහැ.
මේ දිනවල කිත්මිණි ‘කාමරේ’ දාන වැඩකිඩ කොහොමද?
ශාන් ජයරත්නගේ නිර්මාණයක් තමයි ‘කාමරේ’. ඒ නිර්මාණයේ තියෙන්නේ වර්තමාන සමාජයේ සිදුවෙන සත්‍ය සිදුවීම්. තමන්ගේ අයියට නංගිව ලෝකයක් වගේ. ඒ වගේ බැඳීමක් එක්ක යන කතාවක්. ‘රූපහල’ ඇප් එක හරහා තමයි ‘කාමරේ’ මගේ වැඩකටයුතු බලාගන්න ලැබෙන්නේ.
ඔබ මේ තෝරාගත් වෘත්තිය ගැන සතුටුද?
අනිවාර්යයෙන්ම හොඳ වෘත්තියක්. හැබැයි ඉතින් වෘත්තියක් විදියට කරන්න නම් කැපකිරීක් කරලා ප්‍රතිඵල ගන්න කාලයක් යනවා ස්ථාවර වෙන්න. ඒ නිසා තමන්ගෙම කියලා දෙයක් මම වගේ කරගෙන යනවා නම් ගොඩක් වටිනවා.
අඩනිරුවතට කැමැතිද?
මට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මගේ පවුලේ අයගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට ලොකු කැමරාවක් ඉදිරියේ කරන්න පුළුවන්කමක් නැහැ. තෝරා බේරාගෙන තමයි මම වැඩ කරන්නේ. අවුල්සහගත නිර්මාණවලට මට කතා කරලා නැහැ.