වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි- රංගන ශිල්පී විරාජ් පෙරේරා

gossiplanka image 2
  විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පියෙක් ඉතිං ඔහුගේ රංගන ප්‍රතිභාවන් අපි මේ දිනවල ඕනෑතරම් විවිධ නාලිකා ඔස්සේ දැකගන්න පුළුවන් මේ කියන්නේ යන්නේ එහෙම කතාවක් නෙමේ . මේක හරි සංවේදී කතාවක්.


විරාජ් පෙරේරා කියන මේ අපූරු රංගන ශිල්පියගේ තාත්තා මේ වෙද්දී ස්වාමීන් වහන්සේ නමක් විදිහට මහනදම් පුරනවා .


ඉතිං මේ ළගදී උන්වහන්සේ බලන්න ගිය වෙලාවෙ හරි සංවේදී සිදු වීමක් වෙලා තිබුණා . උන්වහන්සේ බලන්න ගිය වෙලාවේ පාර වැරදිලා හාමුදුරුවොම වැඩලා විරාජ් ව එක්කගෙන ගිහින්.  ඒත් කාර් එකට නැගලනම් නෑ ඉතිං   ඔහු  මේ සිදුවීම ගැන මුහුණුපතට සංවේදී සටහනක් එකතු කරලා තිබුණා 


  තාත්තා 🙏


උන්වහන්සේ කදුබොඩ වැඩ සිටින විට බැහැදකින්නට ගියා


🙏 මට එතනට යන පාර වැරදුනා “ ඉතින් උන්වහන්සේ පාරටම වැඩලා එක්කන් ගියා “ වාහනේට නම් ගොඩ වුනේ නෑ…….♥️


“ ගිහි වුනත් පැවිදි වුනත් තාත්තා තාත්තමයි🙏


වරදිනකොට වැඩිපුරම ඉන්නේ තාත්තා අම්මලා විතරයි“ තාත්තා කියල ආමන්ත්‍රණය කරන්න ආස වුනත් “…….බෑනේ.. එහෙම කියවෙන්න ගියත් “මාරම තැනක හිත තද කරන් ඉන්නවා🥺

gossiplanka image 1
Previous Post Next Post