නයනි රාමනායක මේ දවස්වල නිර්මාණ රැසකම විවිධ චරිත හරහා අප හමුවට එන නව පරපුරේ රංගන ශිල්පිනියක්. ‘ආලවන්ති’, ‘කළු අහස’, ‘චංචල රේඛා’ යන ටෙලිනාට්‍යවල ඇයගේ රංගනය ගැන බොහෝ අය කතාබහ කරනවා. ඉතින් අපි නයනිව සම්බන්ධ කරගත්තා ඇගේ නවතම කලා තොරතුරු ගැන දැනගැනීමේ අදහසින්.
නයනි මේ දවස්වල කාර්යබහුල වෙලා නේද?
ඔව්. මේ දවස්වල ටෙලිනාට්‍ය පහක විතර ෂූටිං. ඒවාට අමතරව වේදිකා නාට්‍ය වැඩකටයුතු නිසා ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ. එක දිගට වැඩ කළත් මහන්සියක් දැනෙන්නේ නැහැ.
නයනිගේ හොඳම වැඩකිඩ දකින හොඳම කාලය දැන් වගේ?
මමත් හිතනවා ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් එක්ක මේ ගෙවී යන කාලය මගේ ජීවිතයේ හොඳම කාලය කියලා. හොඳ චරිත කිහිපයක් මට කරන්න ලැබුණා. ඉතින් මමත් ඉතා කැපවීමෙන් ඒ වැඩවලට සම්බන්ධ වෙලා කටයුතු කරගෙන යනවා.
මායම් හැටහතරෙන් කුසුමාගේ එක මායමක් අපි දකිනවා මේ දවස්වල?
ඒකනම් එක්තරා විදියේ මායමක් තමයි. මේ වගේ චරිතයත් මම මීට පෙර රඟපාලා නැහැ. මට වගේම මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ලොකු වෙනසක් දැනුණා. ‘චංචල රේඛා’ ටෙලිනාට්‍යයේ කුසුමා චරිතය. ඒ විතරක් නෙවෙයි කුසුමා චරිතය හරහා වැඩිහිටි ප්‍රේක්ෂක පිරිසක් මා සමග එකතු වුණා.
නයනිව නිර්මාණ හරහා කොටුවීමක් දැක්කා?
ඔව්. ඒක මාත් පිළිගන්නවා. එකම රාමුවකට කොටුවීමක්. හැබැයි කුසුමා චරිතය හරහා මම එයින් මිදුණා කියලා මට දැනෙනවා. මගේ ඉදිරි ගමනට ලොකු ආලෝකයක් වුණා කුසුමා චරිතය. මට කවි කියන්න තිබුණා. ඒක තමයි මට තිබුණු ලොකුම අභියෝගය. ඒ විතරක් නෙවෙයි මේ චරිතයට රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන රඟපාන්න තිබුණු එක මට වෙනසක් දැනුණා. ප්‍රේක්ෂකයන් මගේ නොදුටු වෙනස්ම රූපරාමුවක් කුසුමා චරිතය හරහා විඳිනවා.
ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට වඩා වේදිකාවෙන් එන ප්‍රතිචාර කොහොමද?
මේ දවස්වල වේදිකා නාට්‍ය අටක් එක්ක මම රට වටා යනවා. දුම්මල වරම, සාජන් නානා, අප්පච්චි, සුරූපී කියන වේදිකා නාට්‍ය හරහා විවිධ ප්‍රදේශවලට යන්න ලැබෙනවා. එතකොට ඉතින් ඒ ප්‍රේක්ෂකයන් මම රඟපාන ටෙලිනාට්‍යවල චරිත ගැන කතාබහ කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ මොහොතේ සජීවී ප්‍රතිචාර අත්විඳින්න ලැබෙනකොට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. කලාවේ මගේ මුල්ම අඩිතාලම වේදිකාව. මම පුදුම ආදරයක් තියෙන්නේ වේදිකාවට. ඉතින් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන අලුත් අයටත් මම කියන්නේ වේදිකාව හරහා එන්න කියලා. වේදිකාව කට්ටක් තමයි. හැබැයි ඉතින් කට්ට කවදාවත් අපතේ යන්නේ නැහැ. ලක්ෂ්මන් අමරසේකර අයියා හරහා තමයි මම මුලින්ම වේදිකාවට ගොඩවුණේ.
දොඩන් ගොඩ බදාගත්තා වගේ කියලා හිතෙන්නේ නැද්ද මේ විදියට වැඩ ගොඩක හිරවෙද්දී?
හැබැයි ඉතින් කිසිම දෙයක් අපතේ ගියේ නැහැ. සමහරු හිතනවා ඇති අවුරුද්දට වැඩ දෙක තුනක් කළාම ඇති කියලා. රංගන ශිල්පිනියක් ලෙස මම කැමැති තුන්සියහැටපස් දවසෙම මට වැඩ තියෙනවට.
මම වෘත්තීය රංගන ශිල්පිනියක්. මම ජීවත් වෙන්නේ මේ මහන්සිවෙලා ගන්න මුදලින්. හැම දේම බැලන්ස් කරගෙන ගේමක් ගහනවා.
ආශාවට රඟපාන්න ආපු ගමන අද දාලා යන්න ලෝබයිද?
දැන් මම මේ වෘත්තියට වශීවෙලා ඉන්නේ. මේ ලැබෙන ආදරය ගෞරවය කිසිම රාජකාරියක් කරලා ගන්න බැහැ. හැබැයි මම මේ තැනට ආවේ බාධක මැද. අන්තිමට මම ඉගෙනගත්ත දේවල් පැත්තක දාලා රංගනය මගේ වෘත්තිය බවට පත්කර ගත්තා.
සෙට් එකේදි නයනි කොහොමද හැඩගැහෙන්නේ?
එතැන ඉතින් මම පිස්සු කෝලමක් තමයි. ඔය ආඩම්බර, අහංකාරකම් මම ළඟ නැහැ. හැමෝම එක්ක සතුටින් විනෝදයෙන් ඉන්න කෙනෙක් මම. හැබැයි ඉතින් ඒකේ අනික් පැත්ත තමයි තරහා ආවොත්.