අයාලේ නොයා පිරිමියෙකුට හැදෙන්න ඔළුව කන ගෑනියෙක් ඉන්න ඕන-කුසල් මධුරංග

gossiplanka image 2
 


'පාට කුරුල්ලෝ’ සහ ටැක්සිකාරයා’ සමගින් හමුවන කුසල් මධුරංග වර්තමානයේ බොහෝ දෙනා කැමැත්තක් දක්වන රංගන ශිල්පියෙක්. මේ නිසාම අද අපි කුසල් සමග වර්තමානය ගැන කතා කරන්න සිතුවා...




රංගනය කුසල් අල්ලන් තියෙන්නෙ කොතැනින්ද?




චරිතයට සහ නිර්මාණයට සාධාරණයක් කරන්න ඕන කියන අදහසිනුයි මම රංගනය අල්ලගෙන ඉන්නෙ. හැබැයි මම රංගනය අල්ලගත්තට වඩා මගේ රංගන හැකියාව මම වටා ඉන්න අධ්‍යක්ෂවරු, තිර රචකයො සහ මාත් එක්ක රඟපාන අනිත් නළු නිළියො අල්ලගෙන තියනවා.




පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේදි සජිත - කුසල් සුසංයෝගය ප්‍රේක්ෂකයන්ගේ හිතට දැනෙන විදිහට ඉදිරිපත් කරන්නෙ කොහොමද?




2018 වසරෙදි කැලණිය විශ්වවිද්‍යාලය මගින් පවත්වපු වේදිකා නාට්‍යයකදියි මට මුලින්ම සජිතව හම්බවුණේ. සජිත ඒ වෙද්දි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න ශිෂ්‍යයෙක්. වේදිකා නාට්‍ය වෙනුවෙන් විශ්වවිද්‍යාලයට පිටතින් නළු නිළියො අවශ්‍ය වුණ මොහොතෙදි මම ඒ සඳහා සම්බන්ධ වෙනවා. සජිත රංගනයට ගොඩක් දක්ෂ නළුවෙක් කියලා වේදිකා නාට්‍ය රඟපෑමේදි මට තේරුණා. ඉතින් සජිතයි මායි අතර මිත්‍රකමක් සහ රංගනය පිළිබඳ අවබෝධාත්මක සුසංයෝගයක් ඇතිවෙනවා. ඊට අවුරුදු හතකට පස්සෙයි ආපහු මට සජිතව පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේදි හම්බෙන්නෙ. පාට කුරුල්ලො ටෙලිනාට්‍යයේදි අපි දෙන්නා බොසුයි රියැදුරයි වුණාට දෙන්නට දෙන්නා නැතුව බැරි කල්‍යාණ මිත්‍රයො දෙන්නෙක් වෙනවා.




ඔළුව සනසවන ආදරවන්තියක් වෙනුවට පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේ මංජිතට ඉන්නෙ ඔළුව කන පෙම්වතියක්. පිරිමියෙක්ට ඔළුව කන කෙල්ලෙක් එක්ක ඉන්න පුළුවන්ද?




පාට කුරුල්ලො ටෙලි නාට්‍යයේදි ගගුලි නිතරම බැන බැන මංජිතගේ ඔළුව කෑවට ඒ හරහා ගගුලි බලාපොරොත්තු වෙන්නෙ මංජිත අයාලේ ගිහින් කරදරයක් කරගෙන ජීවිතය අවුල් කරගන්න එක වැළැක්වීම. මංජිතගේ ජීවිතය පිළිවෙළට හදාගෙන පවුලක් විදිහට සකසුරුවමින් ජීවත්වෙන්නයි ගගුලිට ඕන. සමහර ගැහැනු ඔළුව කන්නෙ පිරිමියව හදාගන්න මිසක ආසාවට නෙමෙයි. අයාලේ නොයා පිරිමියෙක්ට හැදෙන්න නම් ගගුලි වගේ ඔළුව කන ගෑනියෙක් ඉන්න ඕන කියලා මම හිතනවා.




පුංචි තිරයේ නිර්මාණවලින් ප්‍රසිද්ධ නළුවෙක් විදිහට ප්‍රතිරූපය ගොඩනගා ගත්තට පස්සෙත් වේදිකාවෙ රැඳිලා ඉන්න හේතුව මොකක්ද ?




පුංචි තිරයේ නිර්මාණවලින් ප්‍රසිද්ධිය, සම්මාන සහ වෘත්තීය ස්ථාවරභාවය ළඟාකරගන්න මට පුළුවන් වුණා. හැබැයි මගේ රංගන ජීවිතයේ පටන් ගැන්ම තමයි වේදිකාව. සාර්ථක නළුවෙක් වෙන්න ඕන ⁣පුහුණුව හැදෑරීම ප්‍රගුණ කෙරුවෙ වේදිකාවෙන්. ටෙලි නාට්‍ය කොච්චර භාර අරගෙන රඟපෑවත් හැම සතියකම සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා යන ⁣දවස් තුන මම වේදිකා නා⁣ට්‍ය රංගනය වෙනුවෙනුයි වෙන් කරලා තියෙන්නෙ. ඒකට හේතුව වේදිකා නාට්‍ය තුළ ඉහළ රංගන පරාසවලින් පුළුල් විදිහට රඟපාන්න ලැබීමේ ඉඩකඩ කිව්වොත් හරි. වේදිකා නාට්‍යය රඟපාලා ලබන අත්දැකීම සහ තෘප්තිය වෙනත් නිර්මාණවලට සම්බන්ධවීමෙන් ලැබෙයි කියලා මම හිතන්නෙ නැහැ.




නළුවෙක් වුණ ගමනෙදි ගෙවීම් පිළිබඳව සතුටු වුණාද?




රංගන ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි කවුරුත් ඉහළ ගෙවීමක් කරන්නෙ නැහැ⁣. රංගන හැකියාව ඉදිරිපත් කරමින් ක්ෂේත්‍රය තුළ ඉවසීමෙන් ටික කාලයක් රැඳිලා ඉඳීමෙනුයි ඉහළ ගෙවීමක් කරන නළුවෙක් විදිහ⁣ට ස්ථාවරය ගොඩනගාගන්න පුළුවන් වෙන්නෙ. රඟපාන ගමන් ආර්ථිකෙත් හොඳ මට්ටමක තියාගන්න නම් තමන්ගෙ පවුල⁣ට මුදල් හදල්, ව්‍යාපාර යහමින් තියෙන්න ඕන. අපේ පවුල වතුපිටි, ව්‍යාපාර තියන ලොකු සල්ලිකාරයො නෙමෙයි. ඉතින් රඟපාන ගමන් අතට කීයක් හරි හොයාගන්න මම විවිධ දේවල් කළා. මම ගෙදරට වෙලා නිදාගෙන කාගෙන්වත් පිනට කෑවෙ නැහැ⁣. සාධාරණ විදිහට සල්ලි හම්බකරන්න පුළුවන් විදිහෙ මොනවම හරි වැඩක් කරලා ආර්ථිකය සරු කරගෙන රංගන ක්ෂේත්‍රයේ රැඳිලා ඉඳලයි මේ දක්වා ඉදිරියට ආවෙ.




රංගන ජීවිතයේදි දැනුණ ලොකුම අභියෝගය මොකක්ද?




රංගන ජීවිතයේදි මට විශාල බලපෑමක් එල්ල වුණේ මගේ පවුල ඇතුළෙන්මයි. මුලින්ම රඟපානකොට මගේ අම්මගේ අදහස වුණේ රංගන වෘත්තිය මුදල් අතින් ඒ තරම් සාර්ථක වෘත්තියක් නෙමෙයි නිසා මට අනාගතයක් නැතිවෙයි කියලා. හැබැයි රංගනයට තියන උනන්දුව නිසා අම්මගේ කීම අහක දාලා රංගනය මත්තෙම ඉඳලා ගොඩගියා. සාර්ථක නළුවෙක් විදිහට අම්මා අද මගේ දියුණුව දැකලා ගොඩක් සතුටු වෙනවා. මම හැන්දෑවට ගෙදර එනකන් බලාගෙන ඉඳලා අම්මා මම එක්කම එකට හිඳගෙන ටෙලිනාට්‍ය නරඹලා මට සුබ පතනවා.




කුසල් ගෙදර එනකන් බලාගෙන ඉන්න බිරිඳක්ව ගේන්න අදහසක් නැද්ද?




මම පවුලෙ එකම දරුවා. අම්මයි අප්පච්චියි බල්ලො දෙන්නයි තමයි මගේ පවුල. පිරිමියෙක් විදිහ⁣ට ගැහැනියක්ව කසාද බැඳලා දරුවො හදලා පවුලක් වෙන්න ඕන කියන අදහසේ මම ඉන්නවා. හැබැයි පවුලක් වෙන්න ඕනකමට කාවහරි ඉක්මනින් කසාද බැඳලා ප්‍රශ්න ඔළුවෙ දාගන්න මම කැමැති නැහැ⁣. ගැහැනු කෙනා එක්ක එකට ජීවත් වෙන්න පුළුවන්ද කියලා හොයලා බලලා කල්පනා කරලා කලබල නැතුව විවාහය ගැන තීරණය කරන්න ඕන කියලා මම හිතනවා. 

gossiplanka image 1
Previous Post Next Post